ගෙගොයා, තලගොයා සහ කබරගොයා අනුරාධ ගේ දිනපොත June 30, 2008

කෝට්ටේ යුගයේ ස වැනි පැරකුම් රජු ලියූ නම්රුවන්මල හෙවත් රුවන්මල් නිඝන්ඩුවේ 243 වැනි පැදියේ[1], හූනාට කියන නමක් ලෙස “ගෙගෝ” යන්න දක්වා ඇත. “හෙනකඳයා” “හෙනකොන්ඩා” වී, පසුව “ඇනකොන්ඩා” ලෙසින් ඉංගිරිසියට ගියා සේ, “gecko” යන්නට මෙහි සබැඳියාවක් ඇති බව පෙනේ. ගෙගෝ හෙවත් ගෙ-ගොයා යනු ගෙදර ඉන්න ගොයා යි. ඊට වඩා ලොකු එවැනි ම සතකු දුටු අපේ මුතුමිත්තෝ, ඌට ලොකු-ගොයා හෙවත් තල-ගොයා කියා නම් තැබූ. ලොකු මාළුවාට තල-මසු හෙවත් තල්මසා කියන්නාක් ... ඉතිරියත් කියවන්න »


kB, KB සහ KiB අනුරාධ ගේ දිනපොත June 30, 2008

“කිලෝ” යනු දහසකි. එහෙත් පිරිගණන වල දෙකේ පාදයෙන් වැඩ කිරීමේදී, දහසේ ඒවා ගනන නොව, එක් දහස් විසි හතරේ ඒවා ගනන වඩා වැදගති. පහසුව තකා 1024 හැඳින්වීමට ද කිලෝ යන්න ම යොදන බව පෙනේ. බොහෝ කටයුතු වලදී මේ වෙනස ගැටළුවක් නොවේ. ඉතා ම නිවැරදිව පැවසිය යුතු විටදී, 1000 හැඳින්වීමට ඉංගිරිසි k අකුර යොදා, 1024 හැඳින්වීමට K හෝ Ki යන්න යෙදිය හැකි. 1024 වෙනුවට 1000 ඈ යොදන වැකියක් ගුරුළුගෝමීන්ගේ අමාවතුරෙහි ද ... ඉතිරියත් කියවන්න »


හිමි අහිමි ::෴මකරන්ද෴:: June 30, 2008

අඳුර අරා පායා එන සදිසි සොමීසසර පුරා නිති මා හා බැඳුණු හිමීඅතැර ගියා එහෙයින් උණු කදුලු බොමීතිමිර ඉරා ඒ මතකය වැළඳ ගමීකටට රසට රස මසවුලු වැළඳු පියේගතට සැපට දිව සළුපිළි පැළඳි පියේනුඹට දුකට කිසි වරදක් වී ද ... ඉතිරියත් කියවන්න »


කැටපත් පවුරෙන් සිව් මංසල ට සිව් මංසල June 29, 2008

‘කැටපත් පවුර’ වල් දෙකක් තිබීම නිසා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇති වී තිබුණ සංවාදය මම දැක්කේ බොහෝම ප්‍රමාද වෙලා. ඒකට ‍හේතු ‍වුනේ යුනිකොඩ් බා ගත්ත මුල් දිනවල සිංහල භාෂාවෙන් එවපු විද්‍යුත් තැපෑල් කියවීමේ හැකියාවක් තිබුනේ නැහැ. යුනිකෝඩ් වල ප්‍රශ්නයක් ද දන්නේ නැහැ. නමුත් ඒක ඉබේම හරි ගියා. ඊට පස්සේ තමයි සංසදයෙන් ඇති වී ඇති සංවාදය දැක්කේ.කැටපත් පවුර කියලා දැම්මේ සීගිරියේ තියෙන කැටපත් පවුර තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අතීතයේ සීගිරිය නරඹන්න ... ඉතිරියත් කියවන්න »


පිළිසිසාරයි අනුරාධ ගේ දිනපොත June 28, 2008

එන්න එන්න ම සම්පත් හිඟ වෙමින් පවතින නිසා, ඉවත ලන දෑ යොදා අලුත් දෑ නිපැයුමට වෙන කවරදාකටත් වඩා උනන්දුවක් ඇති වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මෙයට ඉංගිරිසියෙන් “recycle” කියා කියති. මේ වදනට, සිංහළ වදනක් ලෙස “ප්‍රතිචක්‍රීකරණය” කියා සමහරු යොදති. ඒ වදන විමැසුම මෙම ලියුමේ අරමුණ යි. ඉංගිරිසි “re” යන්නට ගැලපෙන සකු (සංස්කෘත) උපසර්ගය “ප්‍රති” යන්නයි. “Recycle” යන්නෙහි “cycle” යනු ක්‍රියා පදයෙකි. එහෙත්, එයට යොදා ඇත්තේ, නාම පදයක් වන ... ඉතිරියත් කියවන්න »


මව්නි සදා ::෴මකරන්ද෴:: June 28, 2008

දරු දුක හන්දා නුඹේ ඇසින් වට කදුලින් සත් සමුදුර තැනුණායයි අදහන්නට මට බෑ අම්මේ . . .//මොළකැටි මා පපුතුර සඟවා දෙව්රම ගොස් මුණි බණ අසනා එදවස සිට නුඹ හෙළු කදුලින් දහස් සයුරු තැනුවැකි අම්මේ . . . ඒ කදුලින් සමුදුර තැනුණායයි අදහන්නට මට බෑ අම්මේරකිනු රිසින් රට රුපු පරදා විජිතපුරේ සටනට ගියදා ලොවට හොරා නුඹ හෙළු කදුලින් දහස් සයුරු තැනුවැකි අම්මේ . . . ඒ කදුලින් සමුදුර තැනුණායයි අදහන්නට ... ඉතිරියත් කියවන්න »


පැහැදිලි කිරීමක් කලොත්… අනුරාධ ගේ දිනපොත June 28, 2008

සියල්ල නැති ව ගිය විට “පාරට බහින්නට” වන බව අප කවුරුත් අසා පුරුදු කියුමෙකි. එ විට, දිවි රැක්මට ඇති එක් මඟෙකි හිඟා කෑම. එහෙත්, අද ඉන්නේ නැති බැරි කම නිසා හිඟන හිඟන්නන් නම් නොවන බව බොහෝ දෙනා නොදනිති. පාතාලයට හිතැති “හිඟන මුදලාලිලා” විසින් ඒ ඒ පෙදෙසේ හිඟාකෑම මෙහෙයවන නිසා, සැබැවින් ම නැති බැරි අයෙකුට, ඔවුනගේ කල්ලි වලට නොබැඳී, තනිව සිඟීම කරදරයකට මුල පිරුමෙකි. සැබෑ හිඟන්නෝ ද, හිඟන මුදලාලිලා ... ඉතිරියත් කියවන්න »


හෙළ පැදි හැඩසවනය අනුරාධ ගේ දිනපොත June 28, 2008

කවි ලිවීමේදී, එළිසමය හා එළිවැට එක පෙලට සිටින සේ ලිවීම සිරිති. තුරුදැලෙහි HTML යොදා කවි යතුරුලිවීමේදී එ සේ හැඩසැවීමට අපගේ හෙළ පැදි හැඩසවනය යොදාගත හැකි. එළිසමය/එළිවැට ලකුණු කිරීමට “|” සලකුණ යොදන්න. මේ උදාහරණය බලන්න: සිය පින් සිරින් ස|රු දෙතිස් ලකුණින් විසිතු|රු කෙලෙසුන් කෙරෙන් දු|රු වඳිම් මුනි උතුමන් තිලෝගු|රු හැඩසැවූ කවිය මෙ සේ දිස් වේ: සිය පින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳිම් මුනි උතුමන් තිලෝගුරු වදන් තනිවම, නොකඩා ලිවීමට ඇවැසි නම්, මෙ සේ ලියන්න: සිය පින් සිරින් | සරු දෙතිස් ලකුණින් | විසිතුරු කෙලෙසුන් කෙරෙන් ... ඉතිරියත් කියවන්න »


සිහින ::෴මකරන්ද෴:: June 27, 2008

රෝස කැලේ කටු අකුලේපැටලී සීරුණු හදවතසමහන් කොට ඈත පිපීහිනැහෙන රන්සර සියපතචණ්ඩ කතර ජීවිතයට සිසිල සදන සිනාවෙන්මවැසි දෝතක නුඹ ඒ නම්අන් සතුටක් මට කොයින්ද ඉතිරියත් කියවන්න »


වැහි ::෴මකරන්ද෴:: June 27, 2008

වැහි වහින වැහි අඳුර අරක්ගත් මුළු අහසනපුරු කළු ගැහැනියක තරහ මුහුණක්ය අදදෙබරයට ගල් ගැසූ කලෙක මෙනි සතර අතකැදලි තුරුලට ඇදෙන කල විහඟ සේනාවචුචුරු චුරු චුචුරු චුරු ගහ වැලට තඩිබානපොද වැස්ස ඇවිළ යයි දැන් ටිකින් ටික තදටපියැසි අග ඇද හැලෙන ඇඟිලි වන් දිය කැරලිමුළු ඇඟම සලිත කර නඟයි හී ගඩු සැනිනනිදිකුම්බ පදුර මෙන් කරබාන මුළු ලොවමගාල් වී වැල් ඇඳේ වකුටු වී නිදන හැටිසුළං අත්තටු ලබා බිතක්කන මතට පැනපහර දෙන විට හනික ... ඉතිරියත් කියවන්න »


සරතැස ::෴මකරන්ද෴:: June 26, 2008

නුඹ සිත මෙන් මලක් නොවීගලක් වූ නිසයි මා සිතකැටයම් කළ ඒ සැමැරුම්අදත් සදන්නේ සරතැසසුළං රොදක සැහැල්ලුවෙන්නුඹ නටුවෙන් ඉගිලුනාටනුඹේ නමින් කුරුටු ගෑවකැටපත් පවුරකි හදවතපිණි බිඳු සේ මා මතකයවිසිකර නුඹ හිනැහුණාටපෙති සපුරා මහද පිපුණසඳකඩ පහනකි නුඹ මට ඉතිරියත් කියවන්න »


මලේ නුඹ සිව් මංසල June 26, 2008

සුල‍‍ඟේ ලෙලෙනා කැකුලු මලේනුඹේ ඔපයට මගේ සිත ද සැලේපෙති විදහා නුඹ ඉන්න අගේදුටු විට නුඹ ගැන ලෝබ සිතේමී මැස්සෝ රංචු ඇවිත්ගුමු ගුමු රහස් කතා කරාවිරූං රූං පෙම් වදනින්බඹරුන් නුඹ වට කැරකේවිහිරු එළියෙන් නුඹ ඔප වේවිසඳ සිසිලෙන් නුඹ සැනසේවිපිනි කැට වැටිලා නැහැවේවිඹප වැටිලා නුඹ බැබ‍ලේවිඅව් වැසි මාරුත කෙතරම් ආවත්නොසැලී නොනැමී ඉන්න මලේබඹරුන් කොතරම් පසු පස ආවත්නුඹ අප කාටත් හිමිය මලේ ඉතිරියත් කියවන්න »


බිරින්දෑවරු ::෴මකරන්ද෴:: June 25, 2008

මතු බුදු වන බෝසතුන්ටමුවින් නොබැණ විවරණ දුන්බුදුන් දකින නිවන් දකිනබිරින්දෑවරුසසර අතරමග නිවනයිබිරින්දෑවරු . . .තෙමා වැටෙන සළුපිළියෙන්දුක දිය කළ කදුලැල්ලෙන්සප්ත සයුර ලුණු රස කළ බිරින්දෑවරුසසර අතරමග නිවනයිබිරින්දෑවරු . . .දිනා සසර බුදු වන තුරුවනස්පති වෙවී ළඟවුන්බුදු පුද ලද මහ ගුණ කඳබිරින්දෑවරුසසර අතරමග නිවනයිබිරින්දෑවරු . . . ඉතිරියත් කියවන්න »


The netstat -tulnap command in LINUX මගේ ලෝකය June 25, 2008

You can use netstat command to monitor the ports that are already open in unix-like operating systems.Here is the example.. ඉතිරියත් කියවන්න »


පාළු අහස යට ::෴මකරන්ද෴:: June 25, 2008

මේ පාළු අහස යටරන් තරුව නුඹයි මටසරතැසට යදඬු වැටනුඹ මිසක කවුද මටමුදු සිසිල සදන මටපිය තෙපුල් සිනාවටඈත තරු උවම් කළාටසමාවෙයන් මටසමාවෙයන් මටකලකිරෙන විටක සිතදිවි බදුන පුරා මටජීවිතය දෙන්න දෝතින්මේ සසර පුරාවටමේ සසර පුරාවට ඉතිරියත් කියවන්න »


ගිලන් සහ ඔසු අනුරාධ ගේ දිනපොත June 19, 2008

රෝගී වූ කෙනෙක් “ගිලෙන” බව ව්‍යංගයෙන් කියන්නට පිළිවනි (ඉංග්‍රීසි: “he is sinking”). යමෙක් ගිලෙනුයේ ද, හේ “ගිලන්” ය. ගිලෙන අයෙක් බේරා ගැනීමට, ඔවුන්ව එසවිය යුතු ය. එසේ ඔසවනුයේ “ඔසු” නමි. ගුරු: ඊලියන් ද සිල්වා සූරීන් සහ අරීසෙන් අහුබුදු සූරීන්. ඉතිරියත් කියවන්න »


පිහිටවයි අනුරාධ ගේ දිනපොත June 12, 2008

"පිහිටයි" යන්න යමෙක් කරවීමේදී "පිහිටවයි" ලෙස යෙදේ. "කරයි" -> "කරවයි" මෙනි. "Install" යන්නට සිංහළ වදනක් ලෙස එය යෙදිය හැකි. මෙවැනි වදන්, "බල" ධාතුව මෙන්, එනම් "බලවයි", "බලවති", "බැලවිමි" ඈ, වර නැගේ. "පිහිටවයි" යන්නෙහි "ටවයි" යන්න වෙන් කර ගෙන එය "බලවයි" යන්නෙහි "ලවයි" කොටස සමග සැසඳූ විට වර නැඟීම පහසු වේ යයි සිතමි. "පිහිටවයි", "පිහිටවති", "පිහිටවිමි" ඈ ලෙසිනි. ඇසුර: ඊලියන් ද සිල්වා සූරීන් ගේ "සිංහළයෙන් සිප්යුරු වදන්". ක්‍රියා පද වර නැඟීම් ... ඉතිරියත් කියවන්න »


වදන් කවි පොත අනුරාධ ගේ දිනපොත June 11, 2008

“තුබු තැනෙක සොර සතුරන් ගත නෙහෙනා” “අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා” බොහොමයක් දෙනා මේ පද වලින් පටන් ගන්නා කවි කටපාඩමින් දනී. එහෙත් එම කවි ඇත්තේ කිත් සිරි රජසිහ රජුන් කලැ, ඇත්තරගම බණ්ඩාර රාජගුරුන් ලියූ වදන් කවි පොතේ බව දන්නෝ අල්පය. තෙරුවන් නැමදුම, හෝඩියේ අකුරු හඳුනවුව, ඉගැනීමේ අගය ඇතුලු කවි රැසකින් යුත් වදන් කවි පොත අකුරු කරවීමේ මුල් පොතක් ලෙස යොදාගෙන ඇත. හර්ෂණී දේවාදිත්‍ය යතුරුලියූ වදන් කවි පොතයි මේ. ඉතිරියත් කියවන්න »


අපි විමසිලිමත් වෙමු Randunu's Sri Lankan Sinhala Blogs - රන්දුනු බ්ලොග් June 3, 2008

සෑහෙන කාලෙකින් බ්ලොග් එකක්‌ ලියන්න ගත්තේ..මේ දවස්‌ වල කෝච්චිවල බස්‌ වල උඩ රාක්‌ක වල කිසිම පාර්සලයක්‌ තියන්න දෙන්නෙ නෑ.මම නම් ඒ ගැන ඉන්නේ අප්‍රමාණ සතුටින්..මොකද එතකොට සැකෙන් බයෙන් යන්න ඕන නෑ..ඒත් ඉතින් සමහරක්‌ ට නම් ඒක දිරවන පාටක්‌ නෑ...ඉතින් මේ දින කිහිපයේම විවිධ බහින් බස්‌වීම් ඇති වෙනවා ඒ ගැන.ඇත්ත අතේ එල්ලගෙන යනවට වැඩිය පහසුයි බැග් එක රාක්‌කෙට දාලා නිදහසේ යන එක...පහසුවම විතරක්‌ බලලා මදි නේද...පහසුවෙන් හෝ අපහසුවෙන් යන්නත් ජීවත් විය ... ඉතිරියත් කියවන්න »