ටිකක් වෙනස් ආකාරයක කෙටිකතා එකතුවක් විදියට හඳුන්වන්න පුලුවන් තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා නම් මේ කෙටිකතා පොතේ කතුවරයා.., රන්ජන් අමරරත්න යි. විශාල පොතක් නොවන නිසා ගොඩගේ පොත්හල ඇතුලේ කරක් ගහ ගහ ඉන්නවෙලාවේ ඇස ගැටුන නිසා පොඩ්ඩක් කියවලා බැලුවා. 1985ත් 1996ත් ... ඉතිරියත් කියවන්න »
අඳුරු මුලු ගුවන් ගැබ - එළිය කළ සුපුන් සඳපරදවන වත මඬල එදා මා දුටු නමුත්....රැළි නැගුණි නළල් තල - හැරමිටෙන් වාරු නැගයනෙන මේ මහලු කත මන්ද අද එක් තැන්ව...මිනිස් දිවියත් හිරුට - සම වෙතැයි මට සිතුණිඑහෙත් හිරු කිරුණ නම්..උදේ නැග සවස බැස..යළිත් පසු දිනත් ඒලෙසින් පායන නමුදු.....අපේ මේ ජීවිතය පසුවදා නැවුම් වෙද...පෙර සේම සිටි ලෙස.....එසේනම් නොවනු ඇත - කිසිම දා මන්ද යත්....ලොව ධර්මතාවයන් අප කෙරෙහි එලෙසමය.......©ems ඉතිරියත් කියවන්න »
පුන් සඳ පෑයුමුත් හැම පුර පෝයටමනුඹෙ රුව දුටුවෙ අදමයි මම ඇත්තටමගත වුනු තෙවසරක නොබැඳුනු රුවට මමබැඳුනේ දෙතුන් පැයකින් මේ ලෙසට ... ඉතිරියත් කියවන්න »
උපුටා ගැනීම 26/10/2009 දිවයින එමීර් රාජ්‍ය පදනම් වූ විදුලි සංදේශ දැවැන්තයකු වන එතිසලාත් (Ethisalath) සමාගම, මිලිකොම් ඉන්ටර්නැෂනල් සමාගමට අයත්ව තිබූ ටීගොඩ ශ්‍රී ලංකා මෙහෙයුම් සියයට 100 ක්‌ම පවරා ගත් බව ටීගෝ ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දුමින්ද්‍ර රත්නායක මහතා පැවසීය. එතිසලාත් සමාගම වෙළෙඳපොළ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් Financial Times හි ලොවෙහි ප්‍රමුඛතම සමාගම් 500 ශ්‍රේණිගත කිරිමෙහි 140 වැනි ස්‌ථානයේ පසුවන අතර ප්‍රාග්ධනය හා ආදායම සම්බන්ධයෙන් මැද පෙරදිග 2 වැනි ස්‌ථානයේ පසුවන ... ඉතිරියත් කියවන්න »
සුරත් නෙලුම් පෙති අතරේ සැගවුණු සුදු වළා රොදක්ඉඩක් නොමැති ලෙස සිටවූ ධවල කුළුණු මහා පෙළක්නෙතක් එකම තැන රැන්දූ ඔබේ සිනා කැළුම් පොදක්හිතක් රැගෙන මේ තරමට දුර ගියෙ ඇයි සොයා ළදක්ඔබ හිනැහෙන විට විහිදා සුදුවන් වූ දිමුතු දසන්පෙරනිමිත්ත සුභ වෙනවා හැමටම ඔබ දුටු දුටුවන්ආදර හද නදියක් වී ගලනවා අද කොනක පටන්මට ඔබ නොම දැක ඉන්නට බැරි වුනි මේ ළඟක ඉදන්පෙම්බර බැලුම් නොහෙළන්නට ඔබ දෙසටසිත තරයේම අදිටන් කර ගත් ලෙසටඉඳිනට වෙර දැරූමුත් ... ඉතිරියත් කියවන්න »
දිනිසුරු නැගෙන විට හිමිදිරි ශිඛර පිටරූසිරි කුසුම් වත විහිදා පිපෙන විටනිති සරු ඵල බරින් බරවී සැලෙන කොටසුමියුරු සුගන්ධය පැතිරේ හතර ... ඉතිරියත් කියවන්න »
දැන් windows 7 නිකුත් කරලනෙ තියෙන්නෙ. හැබැයි ඉතින් මිල දන්නවනේ. * Windows 7 Starter: $199 * Windows 7 Home Premium: $259 * Windows 7 Professional: $299 * Windows 7 Ultimate: $319කැමති නම් සල්ලි දීල ගන්න. නැත්නම් මේ විදියට අවුරැද්දක් පාවිච්චි කරන්න. මම හිතන විදියට නම් මේ විදිය full leagally.මුලින්ම මේ විදියට දවස් 90 ක් දික් කරගන්න.Start Menu\Programs\Accessories\Command ... ඉතිරියත් කියවන්න »
බොහෝ දවසකින් බ්ලොග් ලිවීමට නොහැකි වූ බැවිනුත් අද දින මට නිවාඩු බැවිනුත් යම් කිසි බ්ලොග් සටහනක් තබා යාමට සිත්විණ. Bisigi Projects යනු ලින්ක්ස් පාදක කොටගත් තිර මුහුණත් අලංකරණ පද්ධතියක් වේ . KDE සහිත කුබුන්ටු පද්ධතියට වඩා මෙය GNOME පාදක කොටගත් උබුන්ටු සඳහා යෝග්‍ය වේ යැයි මට සිතේ … මක් නිසාද යත් KDE මෙන් අත්‍යාලංකරණ නොමැති GNOME කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන බැවිනි . එනමුදු KDE ට වඩා GNOME ... ඉතිරියත් කියවන්න »
ඵක්තරා අපේක්ෂකයෙක්ගේ මැතිවරණ කටයුතු වලට ජාතික කොඩිය යොදාගත් ආකාරය ඉතිරියත් කියවන්න »
ලිනක්ස් උබුන්ටු හෝ කුබුන්‍ටු පද්ධති යොදා ගත් අයට එන ප්‍රධාන ගැටලුවක් තමා එයට ඕන කරන dependencies සහ lib packages වගේම software debians ( .deb ) ඩවුන්ලෝඩ් කරගන්න හරිහමන් තැනක් නැති වීම . ... ඉතිරියත් කියවන්න »
මේක මට ඇත්තටම දැන් ටික දවසකට කලින් ආපු ප්‍රතිඵලයක් මගේ 2mbps connection එකට. ඉතිරියත් කියවන්න »
වැඩබිම්වලදී සිදුවන අනතුරුවලින් මරණයට පත්වන හෝ ආබාධයන්ට ලක්‌වන පුද්ගලයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල දෙගුණයකින් ඉහළ දමා ඇති බව කම්කරු සබඳතා හා මිනිස්‌බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පැවැසීය.ඒ අනුව මරණයකදී මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදල ලක්‍ෂ පහමාරක් දක්‌වා ඉහළ දැමූ බවත් ආබාධයකදී ගෙවනු ලැබූ වන්දි මුදල ආබාධයේ ස්‌වරූපය අනුව දෙගුණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.වැඩබිම්වලදී සිදුවන මරණ හා ආබාධ වෙනුවෙන් මෙතෙක් ගෙවනු ... ඉතිරියත් කියවන්න »
අපායට ගිය පොරකට තමන් කැමති දඬුවමක් තෝර ගන්න වරමක් ලැබුනලු. ඔන්න ඉතින් අපේ පොර අපායෙ වටේ පොඩි රවුමක් ගහන්න පටන් ගත්තලු පහසු දඬුවමක් හොයාගන්න. ඔහොම යනකොට එක තැනක කටට ලෝදිය වක්කරනව, තව තැනක කටු ඉඹුලෙ නග්ගවනව ඔය වගේ එක එක දඬුවම් අතරෙ සෙට් එකක් අසූචි වලක බැහැල ෆුල් ආතල් එකේ ඉන්නව දැක්ක අපේ හාදය මෙක හොඳයි කියල පැන්නලු එවෙලෙම වලට. අනේ ටිකක් වෙලා යනකොට යම පල්ලෙක් ඇවිත් කිව්වලු "හා හා ... ඉතිරියත් කියවන්න »
"ප්‍රේම නිළඹර තෙදින් දිලිහීනැගී හිනැහුන හිරුට විකසිතඅවර අහසේ පිපී සුදිලුනසදේ රැස් මල් බලා මුකුලිතනෙතට නොපෙනෙ හදේ ගැඹුරුමකොනක ඇති වුන උතුම් සෙනෙහසකියා ගන්නට වරම් නොම ලදපරව ගිය වන මලක් සේ විය....."© ems ඉතිරියත් කියවන්න »
අද මට ගොඩක් සතුටුයි. මොකද මේ වෙලාවේ මගේ කුලුදුල් torrent එකට seeders 378 ක් ඉන්නවා. මේ torrent එක පටන් ගත්තේ එක seeder කෙනෙක් ගෙන් විතරනේ. ඉතින් සතුටු නොවී කොහොමද?. මේක torrent එක හදන්න වෙච්ච මහන්සිය දන්නේ මම විතරනේ ඉතින් මේ විදිහේ ප්‍රතිචාරයක් එකට තියෙනවා දකින කොට මට කොච්චර සතුටුද?. මේක widescreen wallpapers ටිකක්. මම මේක හදල upload කරල වෙනම post එකක් මීට කලින් දැම්මා. අපේ රටේ දේවල් වල ... ඉතිරියත් කියවන්න »
සමාවන්න මා පටන් ගත් කතාව දිගටම කීම පමාවීම ගැන. ජීවිතේ හැටි එහෙමය. කතාව ගලා යන්නේ අපට ඕනෑ හැටියට නොවේ. ජීවිතය දොළ පහරක් බඳුය. ඊළඟ මොහොත වංගුවක් සේම දිය ඇල්ලක්ද විය හැකිය.සුජීව ප්‍රසන්න ආරච්චිගේ දුර්වල නව කතාවක වස්තුබීජය බඳු වංශවත් සිංහල යුවතියක් අතේ සතේ නැති දෙමළ කම්කරුවකු හා එක්වීම තුළ බිහිවූ කලල රූපය පස් හැවිරිදිව පිළේ වාඩිවී සිටියේය. පස් හැවිරිදි දරුවකුට තම විජිතයේ රජුද රැජනද දෙමාපියන්ය. දුර්වල නව කතාවක පිටු අතර ... ඉතිරියත් කියවන්න »
කෙළිලොල් සිනහවක්, හුරතල් දාංගලයක් සහ පිරුණු සිහින් ශරීරයක් හිමි ඇයව කාගේත් අවධානයට ලක්වන්නේ නිතැතින්මය. අට දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සා වූ ස්වර්ණා මැණික් බණ්ඩාර පුංචි සන්දියේ සිටම ඉගෙනීමට උපන් හපන් දැක්වපු අයෙක් විය. තම අධ්‍යාපන කටයුතු දැඩි අධිෂ්ඨානයකින් යුතුව කළ ඇය, පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටි අයවලුන්ගෙන් පෙරමුණ ගන්නියක් විය. එහෙත් අභිරහස් ලෙස මෙලොවින් සමුගත් තම මෑණියන්ගේ වියෝවෙන් පසු, ලෝකයට පෙනෙන්නට එක් සිනහවකුත් හදවතේ දැවෙන මහා ගින්දරකුත් මේ සියල්ලම කණපිට ... ඉතිරියත් කියවන්න »
මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 [...] ඉතිරියත් කියවන්න »
මෙම ලිපිය මම තවත් අවුරුද්දකට පමණ පසු ලිවීමට සිතා සිටියත් පුස් බැඳුණු ජීවිතයක් ගැන ලිපිය කියවීමත් එහි මවිසින් පල කල ප්‍රතිචාරයට ලද පිලිතුරු ලෙස රචකයා විසින් මාගේ සාර්ථකත්වය ලඟා කර ගත් අයුරු සඳහන් කරන්නැයි කරන ලද ඉල්ලීමත් හේතුවෙන් මෙම ලිපිය මේ මොහොතේ ලිවීමට සිත් විය.එහි රචකයා ලියා තිබූ “සිහින වූයේ මගේ සිත තුළ පමණක් හෙයින් අන් අයගේ සතුට වෙනුවෙන් මගේ සිහින බිලි දෙන්නට මට සිදු වී තිබිණ. යාන්තම් උසස් ... ඉතිරියත් කියවන්න »
විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.
මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ... ඉතිරියත් කියවන්න »
කුබුන්ටු හා උබුන්ටු සඳහා සිංහල අකුරු පැමිණියද කුබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා කරන නමුත් උබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා නොකරයි . නමුත් මේ දෙකෙහිම සිංහල යතුරු ලියනය කල නොහැක . ඒ සදහා සිංහල යුනිකේත පද්ධතියක් සම්බන්ධ කර ගත යුතුය . මේ සඳහා සයුර සකසා ගන්නා අයුරු පෙර ලිපියේදී මවිසින් දක්වන ලදී . මෙවර මෙහි දැක්වෙනුයේ සිංහල අකුරු නිවැරදිව දර්ශණය කරගන්නා අයුරු සකසා ගන්නා අයුරු වේ . ඒ සඳහා පහත පියවර ... ඉතිරියත් කියවන්න »
"හිතට ආපු දේත් එක්ක සමකරන්න වටපිටාවෙන් උදාහරණ හොයාගන්න බැරි තරමට වටපිටාවේ උදාහරණ පිරිලා. මම මේ කියන්නට යන්නේ මහාලොකු සමාජ විද්‍යාවක් නෙවෙයි. නමුත් මගේ කතාව ඇතුලේ සම්බන්ධවෙලා ඉන්න ඉදිරියට සම්බන්ධ වෙන ජීවිත ගැන කියන්නට වෙන පරිකතා ප්‍රමාණය මත තමා මගේ ජීවිතය මරණයකින් කෙළවර වෙනවද.., එයට තව දශක කිහිපයක් හුස්ම ගන්න අවසර දෙනවද කියන එක තීරණය වෙන්නේ.."මම දිනපොතේ අද දිනයට වෙන්වී ඇති කොටසේ අවසන් තීරුව තෙක්ම ... ඉතිරියත් කියවන්න »