සිංහලයාගේ මතකය-අලි+කොටි ගිවිසුම හා ෆොන්සේකාගේ ‍තෝරාගැනීම The Independent November 30, 2009

මේ රටේ සිංහලයින්ට යමක් මතක තිබෙන්නේ සති දෙකක් පමණ යැයි කීවේ මෙරට බිහි වූ අමානුෂිකමවූත්,කෲරවූත්,ම්ලේච්ඡවූත් ත්‍රස්තවාදී නායකයාය.අද එම ත්‍රස්තයා ජීවතුන් අතර නැතත්,එම ප්‍රකාශය සත්‍යයක් බව යළි යළිත් මේ ලක් පොළොව මතම තහවුරු වෙමින් තිබේ.එම ප්‍රකාශය කළ ත්‍රස්තවාදී නායකයා යළි කිසිදු ප්‍රකාශයක් නොකරන්නට වග බලා ගත් හමුදා සෙන්පතියාව මේ රජයට අමතකව ගිය ආකාරය මෑතම උදාහරණය වුවද රාජපක්ෂ මහාතාගේ පදවි ප්‍රාප්තිය හා ඊට ප්‍රථම සිදුවූ බොහෝ දෑද ඇතැමුන්ට අමතක වී ඇති සෙයක් ... ඉතිරියත් කියවන්න »


අමුතු කතාවක්. 5 කොටස අමුතු කතාවක්! November 29, 2009

"අයිඩෙන්ටිය...?""ඔව් නැතුව වෙන රෙද්දක් මම තමුසෙගෙන් ඉල්ලුවා ඇහුනේ නෑනේ...?""මේ... මේ...,""මොකෝ තටමන්නේ තමුසේගේ නම කියනවා බලන්න..,""නදියවන්""න...නදියවන්...?""ඔව්..""සාජන් මහත්තයා..., සාජන් මහත්තයා.., මූ දෙමලෙක්ය කියන්නේ...!"කොස්තාපල්ගේ කෑ ගෑමත් සමඟම ජීප් රියෙන් බැස ආවේ උත්තුංග දේහධාරී රේඩියෝ මැසෙන්ජරයක් අතින් ගත් පුද්ගලයෙකි. "අයිසේ මේ පී.සී..., ඔය යකාව අත ඇරලා දාලා එනවා යන්න හිල්ටන් එක ගාව ඇක්සිඩන්ට් එකක් වෙලා ලු..,""අදට විතරක් තො බේරුනැයි කියලා හිතා ගනු...,පල යන්න කිව්වෙ මෙතනින් මකබෑවෙලා යන ගුබ්බෑයමක ට..."නදියවන් නම ඇසූ සැනින් උන් හිත් ... ඉතිරියත් කියවන්න »


මහින්දට ගැළපේ….සරත්ට නොගැළපේ….. The Independent November 27, 2009

ශ්‍රී ලංකාවේ දේශපාලනය කාලගුණයටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතී.අද තිබෙන්නේ මීට මාස 6කට පමණ පෙර තිබූ දේශපාලන තත්වය නොවේ.යුධ ජයත් සමඟ රජය ශ්‍රීඝ්‍ර ලෙස මැතිවරණ ජය ගනිමින් ඉදිරියට යමින් සිටියේය.එහෙත් දකුණේ ඡන්දය යමක් රජයට නැවතී හිතන්නට බල කළේය.එහෙත් ඒ සියල්ලේදී රජයට කෙසේ වෙතත් මහින්දට අභියෝගයක් ගෙනෙන යමක් පෙන්නුම් කර තිබුණේ නැත.ඒ සියල්ල සති කිහිපයකින් වෙනස් වී තිබේ.තමන්ට තරඟයක් දිය හැකි ප්‍රතිවාදියෙක් විපක්ෂයට නොසිටිද්දී රාජපක්ෂලා විසින්ම අභියෝගයක් කැන්දවා ගත්තේය.මෙතෙක් කල් ... ඉතිරියත් කියවන්න »


2009 උ/පෙළ ප්‍රතිපල නිකුත් වෙලා … දිනේෂ්ගේ සටහන් November 27, 2009

අ.පො.ස උසස් පෙළ 2009 විභාග ප්‍රතිපල අද (2009.11.26) මධ්‍යහනෙය්දී නිකූත් කරනු ලැබුවා.දැන් ඔබට අන්තර්ජාලය හරහා අධ්‍යාපන දෙපාර්තුමේන්තවේ වෙබ් අඩවිය මගින් ප්‍රතිපල බැලිය හැක. ඉතිරියත් කියවන්න »


පොදු පුරුෂයා Art Blog November 25, 2009

මේ ගමන සාහිත්‍යය මාසෙ හොදම කෘතිය ‍විදිහට තේරුණේ සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය ලියපු පොදු පුරුෂයා කියන පොත. මේ පොත සරසවි ප්‍රකාශනයක්. ( මේ පොත ගන්න ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මගේ දිනපොතේ සටහන් කරල ඇති) තිබ්බ ආසාව හින්දම මේ ගමන ගත්ත පොත් වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ ‍මේ පොත. ඇත්තටම ඒ පොත හරිම ලස්සනයි. ඒක හන්දම මම දෙපාරක්ම පොත කියෙව්වා. පොත ඇතුලෙ ප්‍රබල කතාවක් වගේම ප්‍රබල ගලායාමකුත් තියනවා. ... ඉතිරියත් කියවන්න »


හදිසි ජනාධිපතිවරණයට හේතු දැක්වීම The Independent November 25, 2009

වසර 2011 වන තුරු ජනපති ලෙස ධූරය දැරිය හැකිව තිබූ වත්මන් ජනපතිවරයා වසර 4ක් නික්මෙන විටම ජනාධිපතිවරණයක් කැඳවා තිබේ.යුද්ධය ජයගත් පසු මහත් ජනාදරයට පත් වූ වත්මන් ජනපතිවරයා හදිසියේම තම ධූර කාලය අඩු කරගනිමින් මෙලෙස ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන්නේ ඇයි?.ඊට හේතු දක්වමින් ජනපතිවරයා සඳහන් කර ඇති කරුණු අතිශයින්ම අතාත්විකය.අතාර්කිකය.ජනපතිවරයා මෙවැනි බොළඳ හේතු දැක්වීමක යෙදෙනු ඇතැයි අපි කිසිවිටෙක බලාපොරොත්තු නොවුනෙමු.ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ ජනපතිවරණය කැඳවා ඇත්තේ පසු ගිය මැතිවරණවලදී ඡන්දය දෙන්න නොහැකි වූ ... ඉතිරියත් කියවන්න »


උබුන්ටු 9.10 වල grub එකට photo එකක් දාගන්න. C's tech zone November 24, 2009

උබුන්ටු 9.10 වල අලුතෙන් හදුන්වල දීපු grub එකට ඕනම color range එකක් තියෙන photos දාන්න පුලුවන්. ම් තව දෙයක් තමයි resolution එක වෙනස් කරන්නත් පුලුවන් වීම. ඉස්සර තිබුන grub (menu.lst) එකේ මේ වගේ දේවල් නෑ. 1. කැමති photos(.png or .tga types වෙන ඒවා), file system එකේ කොතනට හරි දාන්න. (ex : /usr/share/images/grub)2. නැත්නම් උබුන්ටු වලින් ගන්න. මෙන්න code එකsudo apt-get install grub2-splashimages3. ඊට පස්සෙ මේ code එක run කරන්න.sudo ... ඉතිරියත් කියවන්න »


දේශීය මෙහෙයුම් පද්ධතියක් හන්තාන ලිනක්ස් නමින් එළිදක්වයි. ප්‍රභාෂ්ගේ සටහන් November 24, 2009

වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි යහන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ... ඉතිරියත් කියවන්න »


C පරිගණක භාෂාවට ප්‍රවේශයක්….. ෴වළාකුළ෴ November 23, 2009

මේ ලිපියෙන් කියන්නේ මවිසින් ඉදිරියට පළකරන C පරිගණක භාෂා පාඩම් මාලාව පිළිබදවයි.මීට අමතරව මා කලින් කියූ Data Structures  සදහා භාවිතා කරනුයේද මෙ‍ම භාෂාවයි. ඊළග post එකෙන් C වල ඉතිහාසය බලමු.. ඉතිරියත් කියවන්න »


මොනාද මේ Data Structures? ෴වළාකුළ෴ November 23, 2009

පරිගණක ක්‍රමලේඛනයේදී වගේම පරිගණක පිළිබද උසස් අධ්‍යාපනයේදීත් මේ සම්බන්ධව කරුණු ඉගෙන ගන්න ලැබෙනවා.ඉතින් මට හිතුනා Data Structures පිළිබද ටිකක් ලියන්න මේක ටිකක් අමාරු වැඩක් ඒත් කොහොමහරි මම හොයාගත්ත කරුණු වලට අනුව ඉදිරියට ලිපි කිහිපයක් පල වේවි. ඉතිරියත් කියවන්න »


දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මානව අයිතීන් ඇති බව අන්තරේට මතක් වීම - ගෝරා - November 23, 2009

දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සිංහල හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් මූලික මානව අයිතීන් තිබෙන බව පරක්කූ වී හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තේරුම් ගොස් ඇත. පසුගිය දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ද්වාරකා නම් ශිෂ්‍යාව ත්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගැනීමට එරෙහිව අන්තරේ පාරට බැස ඇත. මූලික අයිතීන් නොසලකා පැහැරගනු ලැබූ ඇයව නිදහස් කරන ලෙසට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙසට පෙනී සිට ඇත.මේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අන්තරේ ... ඉතිරියත් කියවන්න »


අහෝ… කළගුණ නොදත් මෙවන් අමනයෝ සත්දින November 22, 2009

වරක් මා රැකියාව කළ පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂක වරයා තමුන් අකමැති පුද්ගයන් ඉවත් කිරීම සඳහා අපූරු ක්‍රමයක් භාවිත කළේ ය. ඔහු අසකරන්නට අවශ්‍ය පුද්ගලයා හට විවිධ සුළු සේවකයන් කරන වැඩ පැවරීමත්, විවිධ ආකාර නොහොබිනා කම් කිරීමත් කරනු ලබ යි. කිසි අභිමානයක් නැති හෝ යමක් කරකියා ගත නොහැකි පුද්ගලයකු කරබාගෙන ස්වකීය වැඩ කටයුතු කළ ද, ආත්මගෞරවයක් ඇත්තේකුට ඉහත ක්‍රියා රුස්සන්නේ නැත. බොහෝ විට එවැන්නේ ඉල්ලා අස්වෙති. නැතහෝත් විධායක අධ්‍යයක්ෂක ... ඉතිරියත් කියවන්න »


දුර ගිය සෙනෙහස.. සිහින සිතුවිලි November 21, 2009

හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟතවමත් නුඹ මාලිගා හදනවාසුවඳින් ඉවකර ගත නොහෙනා සඳරෑ තරු මල් මට පාර කියනවා...සමනල් සිතකින් මා වැදු සෙනෙහසමිරිඟුව සේ දුර ඈතට යනවානුඹ අත අරගෙන ඒ දුර යන්නටසමනළියේ මම පාර සොයනවා...නෙත හිත දෙතොළඟ තැවරූ සුවඳින්මල් වාරේ හදවත පිරුනාඅවාරයේ වැසි අනෝරාව යටඒ මල් පෙති ගැලවී වැටුණා...තරු නෙත් කැල්මක දෙතොළඟ සුසුමකසුවඳක් සේ සෙනෙහස බැඳුණාපෙම් කළෙ මා මිස නුඹ නොවනා වගවැටහෙන්නට කල්පය ගෙවුණා...2009/01/01 ඉතිරියත් කියවන්න »


සිහිනය…. සිහින සිතුවිලි November 21, 2009

දුර ඈත තාරුකා දිදිලෙනා විට සෑමදාමැවුනා සොඳුරු සිත්තමක් මා හද පුරාඅරුත්බර කරන්නට ඒ සිතුවම දිවි පුරාකෙදිනක හෝ හැකි යයි මට සිතුනි නිරතුරා...සිහිනයේ ඇවිදින් තෙපළු ඒ පෙම් කතාසැමඳා තිබෙන බව හැඟුනිමට දිවිතුරානමුත් ඒ සියළු දේ වැරදි යයි දැනුන දාහදේ රැදි සිත්තමත් කඳුල සේ බොඳ වුනා...2009/02/14 ඉතිරියත් කියවන්න »


කිතුණුවනි අවදිවව් ! කිතු සසුන රැක ගනිව් ! The Independent November 20, 2009

යාඥාවෙන් සුවවෙන්නට ගොස් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය සිදු වීම ගැන සමාජයේ නිර්මාණය වූ කතිකාව තවම නිමවී නොමැත.ඒ පිළිබඳ කරුණු බයිබලය හා ක්‍රිස්තුස් වහන්සේගේ වචන ඇසුරින් විග්‍රහ කරමින් මා මීට පෙර මෙම බ්ලොග් අඩවියෙන්ම ලිපියක් ඉදිරිපත් කළෙමි.එමඟින් මා පෙන්වා දුන්නේ රෝගීන් උදෙසා යාඥා කිරීම හෝ සුභාරංචිය ප්‍රකාශ කිරීම බයිබලට එකඟ බවත්,එය ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට කිසි ලෙසකින්වත් පරස්පර නොවන බවත්ය.(මතෙව් 10:8 හා මාර්ක් 16:17 හා 18 පද)කරුණා කාරණා එසේ නම්,මෙයින් වඩා අසරණභාවයට ... ඉතිරියත් කියවන්න »


ජනපතිගේ රාජාභිෂේකයට ඔටුන්නක් සහ මංගල අසිපතක් සත්දින November 20, 2009

දිවයින පුවත් පතේ පළ වූ ලිපියකින් දැක් වූයේ, අතිගරු ජානාධිපති මහින්ද රාජපක්ෂ වෙත දිගාමඩුල්ලෙන් ඔටුන්නක් ත්‍යාග කළ බව යි: ශ්‍රී ලංකාවේ පවතින්නේ රාජාණ්ඩු පාලනයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. එවන් පාලන තන්ත්‍රයක් තුළ, එකාධිපති රජකම් කිරීමට කිසිත් අයෙකුට වරම් නැත. ජනාධිපති වේවා නැතහොත් වෙනත් මහජන නියෝජන ඍජු ව වගකියන්නේ ඔවුන් පත් කළ සහ නිල වශයෙන් ඒ ධූරයන් සඳහා අවසර දුන් මහජනතාවට ය. ඒ හෙයින් දීන ... ඉතිරියත් කියවන්න »


කොපන්හෙගන්: කාබන් විමොචනය පිරිමැසීමට වන්ද්‍යකරණය? සත්දින November 19, 2009

කොපන්හෙගන් පරිසර සමුළුව සමඟ නැවතත් ලෝක උණුසුම්වීම පිළිබඳ උණුසුම් කතිකාවක් ආරම්භ විණ. ලෝකයේ වැඩිම කාබන් විමොචකයා ලෙස සලකන ඇමරිකා එක්සත් ජනපදය සුපුරුදු පරිදි, කියොටෝ සම්මුතිය මෙන් අත් සොදා ගෙන ලෝකයේ අනෙකුත් රටවල් වලට කාබන් විමොචන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඉඩ හැර ඇත. සිඝ්‍රයෙන් කාබන් විමොචනය කරන ප්‍රමාණය සංඛ්‍යත්මක ලෙස වැඩි කරන චීනය හා ඉන්දියාව පවසන්නේ, සංවර්ධිත රටවල් පළමුවෙන් ආදර්ශය දෙමින් කාබන් විමොචනය පිරිමැසිය යුතු ය. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, අනෙක් අතට, මෙතරම් ... ඉතිරියත් කියවන්න »


TDCrEaTioNzzZ…මගේ නවාතැන 2009-11-18 17:39:00 TDCrEaTioNzzZ...මගේ නවාතැන November 18, 2009

සඳක් නැති අහසටතරුවක්ව පායාබලාපොරොත්තුවක් නොතිබූක්ෂිතිජයේබලාපොරොත්තුවක් ඇතිකරවූනුඹඒ බලාපොරොත්තුවත් රෑගෙනසැඟව ගිය සැටිනම්අපූරුයි ඉතිරියත් කියවන්න »


ලංකාවේ ජනපතිට වසර 6ක් දුන්නේ මොකට ද? The Independent November 18, 2009

වත්මන් රජයේ නිල කාලය අවසන් වන්නේ ලබන අප්‍රේල් මාසයේ දීය.මේ අනුව කාර්තුවකට සැරයක් මැතිවරණ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මී ළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ එළඹෙන අප්‍රේල් මස මැති සබය විසුරුවා හැරීමෙන් පසුවය.එහෙත් කනින් කොනෙන් කියවුනු මතය තහවුරු කරමින් ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බැව් කියැවේ.එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය නිම විය යුත්තේ 2011 දීය.එසේ නම් දැන්ම ජනපතිවරණයකට යා යුත්තේ ඇයි?මෙය නම් පුදුම කරුමයකි.පවට පින දෙන්න බැරිය.වසර 6ක් ලැබුනද අපේ ... ඉතිරියත් කියවන්න »


ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද …….. කටු සටහන November 17, 2009

ඔයා දන්නවදඔයා නැතිව ගෙවෙනහරි පාළු වෙලාවකදිකවුරුත් නැති තැනකට ගිහින්මම පුංචි ගාණක් හදනවා...ඔන්න මම මාව ගන්නවා...පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...බිංදුවයි.හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්ඉන්නවද... ම්.. නෑනෙ.ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවාපස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්අඩුකරනවා...උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවාඔයාට පුදුම හිතෙයිඋත්තරය බිංදුවයිඑතකොට හිතන්න වස්තුවේඔයාගෙ ආදරේ ඉතිරියත් කියවන්න »


bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය ප්‍රභාෂ්ගේ සටහන් November 17, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය මෙසේ වේ.ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ ... ඉතිරියත් කියවන්න »


අසඩක් ජීවිත වෙදිකාවෙන් සමුගනියි Art Blog November 16, 2009

දශක ගණනාවක් තිස්සේ රසික ජනතාව අතර සිටි ජනතා කළාකරුවානන් හෙන්රි ජය‍සේන මහතා පසුගියදා අපෙන් සමුගත්තා. රූපවාහිනී නළුවෙකු, වේදිකා නළුවෙකු, චිත්‍රපටි නළුවෙකු, තිර රචකයෙකු මෙන්ම වෙදිකා නාට්‍යය රචකයෙකු ලෙස කීර්තියක් හිමිකරගෙන සිටි එතුමා වඩාත් රසිකයන් අතර ජනප්‍රිය වුයේ දූ දරුවෝ ටෙලිනාට්‍යයේ සුදු සීයා ලෙසින්.ගම්පහ ලෝරන්සි විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විදුහලෙන් අධ‍්‍යාපනය හැදෑරු මෙතුමා නැසීගිය මානෙල් ජයසේන මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයායි.ජනප්‍රිය හා අර්ථාන්විත නාට්‍යය වු හුණුවටයේ කතාව, කුවේනි, ජනේලය, තවත් උදෑසනක්, අහස් මාලිගා, ... ඉතිරියත් කියවන්න »


සමරමු විරුවන්……… වම් ඉවුර November 13, 2009

අපි උදෑසනින් අවදි වූයෙමු... අප උදෑසනින් අවදි වූ පමණින් හිරු පායන්නේ නැත නමුත් හිරු පායන විට අවදි වී සිටීමඋදාවන අලුත් දිනයේදී අපට මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇත.... මෙය ගිය වසරේ ඉල් මහ විරු සමරුව වෙනුවෙන් පෙරාදෙණිය සරසවියෙහි "සමාජවාදී ශිෂ්‍ය සංගමය" මගින් වූස් (WUS) ආපන ශාලාව ඉදිරිපිට සවි කල දැවැන්ත ප්‍රචාරක පුවරුවක සටහන් වී තිබූ රෝහණ විජේවීරයන්ගේ ප්‍රකාශයකි.මෙය නිවැරදි ප්‍රකාශයෙන් තරමක් වෙනස් ... ඉතිරියත් කියවන්න »


පුදුමයි,,,,,,,,,,,,,,,,,, TDCrEaTioNzzZ...මගේ නවාතැන November 12, 2009

මටමම පුදුමයිමේ මමද කියාඅරුමයකිමෙතෙක් කල් බොලඳ නොවූ සිතබොලඳ වී ඇතසිත අවුල් වී ඇතඅහිමි වී ඇත මට මාවකරන්නට නොදෙයි කිසිවක්සිතන්නට නොදෙයි කිසිවක්පාලනය කල නොහැක මටමෙතෙක් කල් පාලනය කල සිතනොසිතේ කිසිදෙයක්ඇය ගැනම හැරනෙතු සොයයි ඇයහද පතයි ඇය...............සැඟව ඇත කොහේ හෝ ඇයයලි දකින තුරු නොදනිමිකෙදින හමු වේද යන්නඑහෙත්බලා සිටිමි දෑස් අයාගෙනඋදාවන තුරුඒ මොහොතඇගේ රුව දකින්නටනමුදු ඇය මිරිඟුවක් දැයිනොදනිමිපතමි ඇයම සැමවිටඋපන් මා වෙනුවෙන්වඩිනු මැනඒ දවස හනිකට ඉතිරියත් කියවන්න »


නොවැළපෙමි TDCrEaTioNzzZ...මගේ නවාතැන November 11, 2009

නොවැළපෙමි ඔබ යන්නවැළප ඇති පල කිමද?ජීවිතය වැරදුනේමෙතන පමණක් නොවේසූරලා ගෙනයන්නමා හදේ පිපුන මල්මල් පිපෙන වසන්තයඔබට ගෙන යා හැකිද?දේදුන්න පායාවිහෙටත් විදු පියස මතමම නැතත් ඔබ එතනපාට හත ගනිනු ඇතඔබ යන්න ඉදිරියටඔබේ කිරුළුත් රැගෙනපරාජිත කඳුළකටඇසේ ඉඩ තබා නැතඔබේ ඒ නැවුම් රුවසුවඳ කුසුමක් ලෙසේසදාකල් මගේ ලොවේසුවඳවත් වනු මැනේ... ඉතිරියත් කියවන්න »


සොඳුරු මිනිසුනි… වම් ඉවුර November 10, 2009

කුණු රොඩු ගසාගෙන මහ මුහුදට පාවීකෙදිනක හෝ හොඳ රතු මල් පීදේවී.....මෙම පද දෙපේළිය සටහන් කර තිබුණේ 'හෙළදිව' ඉරිදා සංග්‍රහයෙහි සාහිත්‍ය අතිරේඛයක් මතය. ඔරුවල බන්දු මහතා අතීතාවර්ජනයක යෙදෙමින් සටහන් කර තිබූ මෙය එතුමා රෝහණ විජේවීරයන් සමඟ 'ලුනුම්බා' සරසවියෙහි අධ්‍යාපනය ලබන සමයෙහි තැබූ සොඳුරු සටහනකි. විවිධ මතවාදයන්ගෙන් විචිත්‍රවත් වී ඔපවත් වුණු ඔවුන්ගේ ජීවිත කොතරම් නම් සොඳුරු වන්න්ට ඇත්ද ? සොඳුරු මිනිසුන් මැද ගෙවුනු සෞන්දර්‍යෙන් පිරුනු අව්‍යාජ ජීවන විලාසයන්ගේ, අපේක්ෂාවන්ගේ, නොමැකෙන සලකුණු මෙම ... ඉතිරියත් කියවන්න »


තොරන් බදින්නට රබන් ගසන්නට සුබ මොහොතක් ආවා… සංගතය November 7, 2009

මේ වෙඩින් එකට මට නම් යන්න බැරි වුණා. ඒත් ඒකේ වීඩියෝ එක නරඹන්නට මටත් අවස්ථාවක් උදා වුණා.ඉතින් මම හිතුවා ඒක ඔයගොල්ලොත් සමග බෙදා ගන්න.කවුරු හරි මේ වගේ වෙඩින් එකකට ගිහිල්ලා තියෙනවද බලන්න.(ඇත්තටම කිව්වොත් මේක 'ඔබේ බටේ' තිබ්බ විඩියෝ එකක්‍. අහම්බෙන් දැක්කේ) ඉතිරියත් කියවන්න »


අමුතු කතාවක්. 4 කොටස අමුතු කතාවක්! November 6, 2009

අමරදේවයන් මේ මුමුණන කෙඳිරිලි සංගීතය මගේ හදවත පුළුස්සන්නේ ලෝදියෙන් උණුකළ ඊයම් වක් කරනවා මෙනි. ලෝකයාගෙන් අපහාස නින්දා විදී මගේ ජිවිතයට සිනාවෙන්නට එක්වරක් හෝ වරමක් ලබාදුන්නේ ඒ අතීත මතක සටහනයි. තමරි මල්ෂිකා නම් වූ ඇයව මට අහම්බෙන් මුණ ගැසුණේ නුවර ගුණසේන පොත් සැලෙනි.සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ විගස ලයනල්ගෙන් ඉල්ලා ගත් කළු කලිසමෙනුත් බැජ් එක ගැලවූ පාසැල් සුදු කමිසයෙනුත් දෙහි කැබැල්ලෙන් පිහි දැමූ දුවිලි වැදුණු කාකි සපත්තු ... ඉතිරියත් කියවන්න »


උපදින්න ආයේ…. අතගන්න මාගේ…. එදා මෙදාතුර ......... November 5, 2009

උපදින්න ආයේ.... අතගන්න මාගේ......නැගිටින්න ඔය නින්ද නොනිදා අනේ.......ඔබ ඉන්න ලෝකේ... පවසන්න මිහිරේ......මම එන්නෙමී දැන් මා හැර ජීවිතේ......පය මාගෙ සිඹලා... පිළිගත්තෙ වැඳලා...දෙවියා ඔබයි මාගෙ කියලා.....මට ඉන්න කියලා... ඇයි ඉන්නෙ නිදලා......නැගිටින්න මගෙ හුස්ම දෙමි මා.....සිහි වෙන්න කියලා... දුන් මුද්ද පලඳා.....සිටියා එදා මාව රැකලා........මගෙ වාසනාවන්... සුල‍‍ගේ ගියාදෙන්......හමු වේවා මතු ආත්මයේවත්.......මගෙ පරණ ගීත ගොන්න අවුස්සද්දි තමයි මේ ගීතය හම්බ උනේ. ජෝති ගෙ තවත් නොමියෙන ගීතයක්. මෙතනින් බාගන්න. ඉතිරියත් කියවන්න »


කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ ජීවිතය November 3, 2009

කොළඹ සහ තදාසන්න පෙදෙස් වල දුවන පුද්ගලික බස් කොන්දොස්තරලා ට ළඟදී සිට බරපතල රෝගයක් වැලදී ඇත. මෙය කෙමෙන් ලංගම කොන්දොස්තරලා ට ද බෝ වෙමින් පවතී. මෙම දරුණු රෝගී තත්වය රට තුලට පැතිර ගොස් ගම් දනව් වල සිටින කොන්දොස්තරලා ට ද වැළදීමේ මහා අවධානමක් ඇත. මෙම රෝගී තත්වය මීට පෙරද කිහිප දෙනෙකුගෙන් දිස්වුණද මෙතරම් ආක්‍රමණශීලී වර්ධණයක් නොතිබිණ.මෙය කොන්දොස්තරයන් ට කලක් තිස්සේ වැළදී තිබෙන "අකරුණාව", "පොල් පැටවීම", "ටිකට් නොදීම", (තව ඇත) රෝගයන් ... ඉතිරියත් කියවන්න »