සාමාන්‍ය පෙල ඉවර වෙලා දැන් හුගක් කල්. ප්‍රතිපලද නිකුත් වී අවසානයි. මීලගත ඇත්තේ උසස් පෙල සදහා විශයන් තෝරා ගැනීමේ තරගයයි. මේ සදහා උදව් උපකාර කිරීමට බොහෝ පිරිසක් මේ දින වල පෙල ගැසී සිටී. බැලූ බැල්මට උන්මාදයකි.. නැතහොත් පිස්සුවකි. ටියුශන්, ටියුශන් මාස්ටර්ලා බොහෝ පිරිසක් ඒ සදහා පෙල ගැසී සිටී. මේ බොහෝමයක් දෙනා ලංකාවේ හොදම ප්‍රතිඵල ලාබාදුන්න උන් වේ. වැඩිම පිරිසකට ඒ සම්මන ගෙනදුන්නවුන් වේ. (පිස්සු හැදෙන සද කිව්වලු...) ... ඉතිරියත් කියවන්න »
අද ඉතින් අපේ කොල්ලන්ගෙ T20-20 පලමු තරගය නවසීලන්තයත් එක්කනෙ.රෑ 10 වෙනකන් ඉන්න එපෑ ඉතින් . හොද තරගයක් තියෙයි. ඔන්න ඉතින් මගෙන් උනුසුම් සුභ පැතුම්.... ඉතිරියත් කියවන්න »
හුඟක් දවස් ඉඳන් තිබුණු අදහසක් තමයි සිංහලෙන් බ්ලොග් එකක් ලිවීම.ඒත් ඉතින් අනං මනං වැඩ අස්සේ,මේ අදහස හැමදාමත් යටපත් වෙනවා.කල් යල් බල බලා ඉඳල නං පටන් ගන්න වෙන්නෙ නැහැ මේක කවදාවත්,ඒක නිසා මෙන්න මම හදිසියෙම පටං ගත්තා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඇත්තටම මම හුඟක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වා,කමෙන්ට්ස් දැම්මා ; බ්ලොග් මැරතන් දුවද්දී බලන් හිටියා,වතුර ගැහුවා; ඒත් මම නිර්නාමිකව හිටපු නිසා කවුරුවත් මාව අඳුනන්නේ නැහැ.ඔන්න ඒ නිසා මම හිතුවා ... ඉතිරියත් කියවන්න »
නීල ගංතෙරේ දිදුලන චන්ද්‍ර කින්නරා විලසින.. පාන හසකැලුම් මදනල නුඹ්ගෙ ආදරේ.. නැතිද ආදරේ.. තක්සලේ කව්ලු මායිම ... ඉතිරියත් කියවන්න »
ඇත්ත වශයෙන් මාගේ මතය අපේ රටට ගැලපෙනුයේ කුඩා පරිමාණ ව්‍යාපාර බවයි. ඇතැම් විට බොහෝ දෙනෙකු එය එසේමැයි පවසනු ඇත. ඒ ඔවුන් දන්නා තරම යැයි මාගේ මුවින් පිටවනු ඇතැයි මට දැනුදු කිසිදු සැකයකින් තොරව පැවසිය හැක. මන්ද යත් රටක සංවර්ධනය කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ගයන් පවතින අතර මෙරට හා සමාන ආර්ථික අවපාතයන් ඇති රටක් සංවර්ධනයට කුඩා පරිමාණ කර්මාන්ත මෙන්ම මහා පරිමාණ කර්මාන්තද යොදාගත හැක.ඕනෑම රටක පාලනයට එහි පාලකයන් ලෝකයේ සම්මත යැයි පිළිගත් ... ඉතිරියත් කියවන්න »
මෙක මගෙ පලවෙනි බ්ලොග් එක. අද මම ඔයලට කියන්න යන්නෙ මගෙ යලුවා ගැන . නමින් ඉරන්ත මල්ක( බැකෝ ) වන මේ පොර මගෙ යලුවො සෙට් එකෙ කැපී පෙනෙන චරිත යක්ලුනෙ. දඹුල්ල පැත්තෙ වාසය කරන මොහු එකදහස්නවසියගනනක ඉපදිල තියෙන්නෙ.පවුලෙ බඩපිස්ස වෙන මේකට අක්කල දෙන්නෙක් ඉනවයි කියන්නෙ. අපෙ cricket team එකෙmeneger වෙන මොහුගෙ .කෑමට බීමට මුල් තැනක් දෙන මොහුගෙ ජාතික පානය ගල් වෙන අතර ජතික කෑම ගුටිකෑම ලු. මල් පිලිබඳව ... ඉතිරියත් කියවන්න »
හිරු මඩලදසඳවතිය දරෑ තුන් යම දිලෙනරන්වන් තරු කැළ දරැගෙනැවිත් මවෙතසුර සැප පුදන බැව්දුන් පොරොන්දුව අමතක වීදසදාකාලික කඳුලක් පුදාහැර ගියේ ඉතිරි කොටපෙති හැලුනු සෙව්වන්දියක්.. ඉතිරියත් කියවන්න »
මේ පින්තූරය ගත්තෙත් මාලදිවයිනේ හින්නවාරු දූපතේදී.මේ ටිකේ ගන්න පින්තූර ඔක්කොම වගේ මාලේ තමයි.හවස 4 ට විතර ගත්තේ.ලොකු වැහි වළාකුලක් තමයි තියෙන්නේ...ඈතට හොඳටම වහිනවා...ඒ අස්සෙන් ඉරත් පායලා.මටනම් හරිම ලස්සනට පෙනුනා.ඔයාලත් බලන්නකෝ... ඉතිරියත් කියවන්න »
මේ දෙන්නව හමු වෙලා තියන්නෙ ඉතාලියෙන්. ලෝකෙ මේ වගේ නොදුටු කථා කොච්චර ඇද්ද? ඉතිරියත් කියවන්න »
ජිවිතේ දහසක් බලාපොරොත්තු පොදි බැඳන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට පා නඟනා සිසුන් වසර 3ක් හෝ 4ක් අවසන ඉන් පිටවේ.එයට මත්තෙන් ඔවුන් වෙත පැවරෙන මහත්වු අභියෝගයක් වනුයේ අවසාන වසර ව්‍යාපෘතියයි. අයෙකුට එය පරිඝනක ආශ්‍රිත ව්‍යාපෘතියක් වන අතර අයෙකුට එය ලිඛිත ව්‍යාපෘතියක් වේ.තවත් අයෙකුට එය ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් වේ. වසර 3ක අවසන තම අත්දැකීම්, ලත් පරිචයන් මගින් ඉදිරිපත් කරන්ට ලැබෙන්නාවු මෙය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මාහැඟි අවස්ථාවකි.නමුත් එහි පවතින්නාවු අඳුරු පසුබිම දකිනුයේ එම ... ඉතිරියත් කියවන්න »
මගේ බ්ලොග් පිටුවට මේ වගේ දේවල් කිහිපයකුත් එක් කලොත් හොඳයි කියලා හිතුවා. එතකොට බ්ලොග් පිටුව පාලුවට යන එකක් නැහැ . හැබැයි ඉතින් මේක දිගටම වැඩ කරයිද දන්නේ නැහැ. ඉතිරියත් කියවන්න »
අද වෙලාවක් තිබ්බ හින්ද මම සිංහල බ්ලොග් එකක් කියවන කොට මට දැන ගන්න ලැබුනා මොරටු ආචරණය කියලා දෙයක්. ඇත්තටම එතන කියල තිබ්බේ මොරටුවෙ සිරා කොල්ලෝ එච්චරම සිරා නැති කෙල්ලො එක්ක ගොඩ යනවා කියලා.ඒ වසර දෙකක් පමණ කෙල්ලෙක් එක්ක ගොඩ යන්න try කලාට පස්සේ.එතනති තව සිද්දියක් වෙන්නේ මොරටු කැම්පස් එකේ වෙන කැම්පස් වගේ ස්ත්‍රී පාර්ශවය බහුල නොවීමය. මීට වසර 2කට විතර කලින් මට මගෙ පරණ මිත්‍රයෙක් මුණ ගැහුනා. එයා මොරටු කැම්පස් ... ඉතිරියත් කියවන්න »
ලාවට උණ ගතියක් එක්ක කටහඬත් නිකන් "අබර තබර නාබර" වෙලා. අද ඉඳල සතියක් එක දිගට නිවාඩු තිබුනත් ඒ නිවාඩුවටත් කෙල වෙන්න වගේ යන්නෙ. මටමමයි වෙන්නෙ!! හික්ස්!!!ඒ නිසා ටිකක් කලින් නිදාගන්න ඕන කියල හිතුව. ඒත් අප්ප නින්ද යන්නෙ නෑනෙ!!! බ්ලොග් එක මතක් වෙනව!!! ඉතින් ඒ නිසා මොනවම හරි ලියල යන්න ඕන කියල හිතුව. අනේ මන්ද මමත් මේ බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වීගෙන යන්වද කියල.මේක කෙටි සටහනක් වෙන්න බොහෝ විට ඉඩ තියෙන නිසා ... ඉතිරියත් කියවන්න »
ඔබ සඳ නම්නිසල රාත්‍රියේවළා පටලයට මුවා වූ විටඅමාවක සඳ රැයේනිහඬවම සැඟව හිඳි විට,මා කිමෙක් දෙස බලම් ද?සඳ ඔබ නම්රාත්‍රියේ පමණක්මවෙත පැමිණෙනහිරු රැසින් පිළිස්සුනදිවා කාලයට,කිමෙක් මා දෙස බලත් ද? ඉතිරියත් කියවන්න »
මේ පින්තූරය මම ගත්තේ මාලදිවයිනේ හින්නවාරු කියන දූපතේ දී.හවස හය හමාරට විතර.යොද ගත්තේ sony w220කියන කාර්යාලයේ පාවිච්චි කරන කැමරාව.එදා හරිම ලස්සනට වලාකුලුඅතරින් හැන්දෑ ඉර එලිය වැටිලා තිබුනා... ඉතිරියත් කියවන්න »
මට හිතුනා මම කැමති පින්තූර එකතුවක් අන්තර්ජාලයට එකතු කරන්න ඕනි කියලා...ඔන්න අද ඉඳන් ඉඩක් ලැබුනු ගමන් මගේ කැමරාවෙන් ගත්තු පින්තූර "කැඩපතක සේයා" වෙබ් අඩවියට එකතු කරනවා... ඉතිරියත් කියවන්න »
දවස තිස්සෙම කම්පියුටරේ ළඟට වෙලා ඊමේල් forward කර කර ඉන්නවට වඩා blog එකක් ලිව්වොත් වටිනවනේ කියලා දවසක මටත් හිතුනා...ඉතින් මගේ කුළුඳුල් උත්සාහයේ පළවෙනි පිටුව තමයි මේ... ඉතිරියත් කියවන්න »
මහ මැතිවරණය අවසන්ව ඇත මැතිවරණ ප‍්‍රථිඵල විසින් ලාංකීය දේශපාලනයේ නව මානයක් හා ලාංකීය ජනතාවගේ විඥානය පිළිබඳව නව අදහසක් සමාජ ගත වී ඇත එය ආණ්ඩුව වටහා ගෙන ඇත්තේ ජනතාව තමා වෙත කැමැත්ත පළ කර ඇති ලෙසිනි විපක්‍ෂය තමා ජනතාව ප‍්‍රථිශේප කර ලෙසින් වටහා ගෙන ඇත නමුත් ලංකාව පුරා ඡුන්ද ප‍්‍රථිඵල විශ්ලේෂණය කිරීම මගින් අපට දැනෙන දෙය නම් මාතර දිස්ති‍්‍රක්කයේ සනත් ජයසූරිය, ගම්පහ උපේක්‍ෂා ස්වර්ණමාලි කොළඹ විමල් වීරවංශ ... ඉතිරියත් කියවන්න »
ආදරය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකින එක කොයි තරම් නම් සතුටක්ද....? සුදු මුහුණ රතු කරන්සෙනෙහසින් හිනැහියන්සිහින් දෙනුවන් තුලින්කඳුලු මතු වන තරම්මෙලොව අන් කිසිත් නෑඅගේ ඇති නුඹ තරම්2002 – 04 - 18 රසයක් දැනුනොත් කමෙන්ට් එකක් දාන්න හොඳේ.....පිංතූරෙ ගත්තෙ මෙතැනින් ඉතිරියත් කියවන්න »
කතන්දරගෙ බ්ලොග් එක කියවනකොට මටත් හිතුන මම පොඩි කාලෙ කතා ටිකක් ලිව්වොත් හොඳයි කියල....මම මොන්ටිසෝරි ගිය කාලෙකුත් තිබ්බනෙ.. ඒ කාලෙ නම් හරිම සුන්දරයි... 7.30 ට පටන් අරන් 10.30 ට ඉවරත් එක්කනෙ. ඊට පස්සෙ මොන්ටිසෝරියෙ බස් එකෙන් ගෙදර. ගෙදර ගිය ගමන් කිරි බෝතලයක් බීල නිදා ගන්න එක කරන්නෙ... ලොකු වෙච්ච එකේ අමාරුව දැන් තමා තේරෙන්නෙ.... පොඩි කාලෙ හැම දෙයක්ම ලඟට හම්බවෙනවනෙ....හොඳට කාල බීල ඉන්න තියෙන්නෙ. විභාග නෑ.... ... ඉතිරියත් කියවන්න »
මේ දවස්වල අපේ සමහර අය සැක පලකරනවා ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමලුන්යයි කියාගත් මිනීමරුවන්ට කරන්න බැරි වූ සටන මුස්ලිම්වරු ජිහාඩ් ප්‍රමුඛ කරන් කරගෙන යාවි කියලා. මම මේක කියුවේ කතාවට ආරම්භයක් ගැනීමට මිසක් මේක සනාථ කරන්නවත් එහෙම නැත්නම් මේක බොරුවක් කියලා කියන්නවත් නෙමේ.ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් සිංහල , දෙමල ,මුස්ලිම් වගේම මැලේ ,බර්ගර්,චීන , සින්ධු වගේ වෙනත් ජාතිනුත් ලංකාවේ ජීවත් වෙනවා.මේවායෙන් සමහර ඉතිරියත් කියවන්න »
දවසක් මම තිස්සමහාරාමයේ යටාල විහාරය පැත්තේ ගිය වෙලාවක තමයි මෙම බුදු පිළිමයක යට කොටස දැක්කේ. මේක යටාල වෙහෙරේ සලපතල මළුවේ අයිනක තමයි තිබුණේ. බුදු පිළිම වල කොටස් නිතර දැකලා තිබුණත් මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පැරණි ප්‍රතිමා නිර්මාණය තාක්ෂණය ගැන වැදගත් කරුණක් පෙනෙන්නට තිබීම. සමහර වෙලාවට සම්පූර්ණ පිළිමයක් හදන්න බැරි වෙලාවට කොටස් වශයෙන් හදලා තියන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට කොටස් සවි කිරීමෙන් පසුව හුණු බදාමයකින් පිළිමය ආවරණය කරන්නට ... ඉතිරියත් කියවන්න »
මට මේ ගැන ලියන්න හිතුනේ අද බස් එකේ යද්දි මැදිවියේ සිටින ගැහැණුන් දෙදෙනෙක්ගේ කතාවක් ඇහිලා. අනුන්ගේ කතාවලට හොරෙන් කන් දෙන එක වැරදියි තමා.නමුත් ඉතින් ස්පිකරේ වගේ උන්හිටි තැන් අමතක කතාකරන අය හින්දා ඉතින් එහෙම වෙනවා තමා.සිද්ධිය සිදු වුනේ බම්බා - කොල්ලුපිටිය හරියේ.මම ගියේ ඒ සී බස් එකක.ඉතින් බස් එකේ සෙනග වැඩිය නැ.බම්බා හරියෙන් ටිකක් බටහිර මොස්තරයට ඇද ගත්ත තරුනියක් ගොඩ වුනා.ඉතින් අපේ කතාකාරියන් දෙදෙනාගේ ඉතිරියත් කියවන්න »
හුඟ කාලෙකට පස්සෙ ආවෙ... මගෙ බ්ලොග් එකේ දූවිලි එහෙම පිහදාල ඉවර වුනාට පස්සෙ මොකක් හරි දාන්න ඕන කියල හිතුන... ආහ් පහුගිය දවස් වල අපේ UCSC එකේ පිරිත තිබ්බනෙ.. ඒ ගැනත් හුඟක් අය ලියල තිබ්බා.... ඒවත් බලන්නමාධවසන්ජයඉන්දික සුසිත අයියාඉතින් ඔය පිරිතට ඕන කරන කෙසෙල් ගේන්න මමයි, අපේ ඉන්දිකයි නාමලුයි මැනින් මාර්කට් ගියා... අපි කොලඔට තරමක් ආසන්නව ජීවත් උනත් එදා තමයි මම ඉස්සෙල්ලාම ඒකට ගියෙ... ඉතින් අපිට ඕන කරන එව්ව ගන්න ... ඉතිරියත් කියවන්න »
අයිෆා සමිමාන උළෙල මෙවර ශ්‍රී ලංකාවේදි පැවැත්වේ. ඉතිරියත් කියවන්න »
මට අද උදේ ලාංකීය සිතුවිලි බලනකොට චතුරංග රූපසිංහ ලියපු "ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ " ලිපියට පිලිතුරක් ලෙස ලියපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්දරේ සහෝදරයා ලියුව මේ ලිපිය "SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය " දැක්කා.
ඇත්තෙන්ම මම හිතන්නේ මේකනම් හොද ප්‍රවනතාවක් නෙම්.මොකෝලංකාවට ඉතාමත් වටිනා සේවයක් දෙන ඔය දෙගොල්ලොම එකිනෙකාට ඉතිරියත් කියවන්න »
8 ඉඳන් වකුටු කොන්ද දිග ඇරපල්ලා......
තව පැයායි.....
හික් හික්, මමනම් පොඩි ඇලට් පාරක් දාලා දැනුයි නැගිට්ටේ (post දෙක තුනක් schedule කරලා දැම්මා ;) ). නිදාගෙන ඉන්නකොටත් කටිටිය මට වතුර ගැහුවනේ. ඒ හීතලටමයි ඇහැරුනේ :p .
ආ, කියන්න අමතක උනානේ කටිටියට, ගුඩ් මෝනිස් :D. අද දවසේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා පතනවා. අද ඉතින් මැරතන් දුවපු කට්ටියට එහෙම හෙනට අමාරු තියෙයි. සමහරුන්ට නිකන් දවසම මොන්ගල් වෙලා තියෙයිද දන්නෑ(දැන් මට වෙලා තියනවා වගේ-අඩුවෙන් ... ඉතිරියත් කියවන්න »
ඊයේ රාත්තිරියේ ඉඳන්,
කොට කොට ඉන්න මම,
හොට පැටලුනු කොට්ටෝරුවා,
වගෙයි දැන් මම,
පැය 10ක් කොටපු මට,
ඉවසන්නම බැරුවා වගෙයි,
මේ පැය දෙක තුන,
නිදි මතේ වැනෙන ගමන්,
කොටපු මේ පද පෙල,
කියවලා දීපන් වතුර පාරක්,
තව පැයක් කොටන්නට මට.
ඉතිරියත් කියවන්න »
සාපේක්ෂතාවාදය ලොවට හෙලි කරමින් විද්‍යා ලෝකයේ විශාල පෙරලියක් ඇති කල විද්‍යාඥ්ඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් දිනක් මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසියේම වැස්ස කඩා වැටුනි. සැනෙකින් කලබලයට පත් අයින්ස්ටයින් මෙතෙක් තමා පැළඳ සිටි හිස් වැස්ම කබාය අස්සේ රුවාගෙන තෙමි තෙමී ගමන් කරන්නට විය.
මෙය දුටු ඔහුගේ මිතුරෙක් " මොකද මහාචාර්ය්‍යතුමෝ තොප්පිය ගලවාගෙන තෙමි තෙමීම යන්නේ?" යයි විමසීය.
එවිට මහාචාර්ය්‍යතුමා පිලිතුරු දුන්නේ "වැස්සට අහු උනොත් තොප්පිය තෙමිලා නාස්තිවෙලා යන්න පුළුවන්. ඒත් මගේ ඔලුව තෙමුනට ... ඉතිරියත් කියවන්න »
හිමිදිරිය ඇවිත්,
බලාපොරොත්තු පොදි බැදන්,
සිහින් හිරු කිරණ මැදින්,
ඔබේ දෙකොපුල් සිඹින්නට,
ඉතිං මට අවසරයි,
නින්දත් නොනින්දත් අතර,
හැබැහින් නොව,
සිහිනෙන්......
ඉතිරියත් කියවන්න »
සිත්තමි කරනලස්සන හීනවලටඉඩ දෙන...,ජීවත් කරවන...මගේ (නො)වෙනමගේ හද ඉතිරියත් කියවන්න »
නොවැළැක්විය හේතුවක් මත අද දින පැවැත්වෙන බ්ලොග් මැරතන් තරඟයට සහභාගී විය නොහැකි බව දැන්වීමට කැමැත්තෙමි ! ඉතිරියත් කියවන්න »
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යකම ආචාර්ය මැරවින් මහතාට පැවරීම නරියන්ට කුකුල්ලු භාර දීමක් මිස අන් කවරක්ද? මැරවින්ගේ මැර ක්‍රියා වලින් හිංසාවට පත් මාධ්‍යවේදීන්ට දෙයියන්ගේ පිහිටය. මහරජතුමා තුරුම්පු ආසියා ගසා තිබේ.රටේ පවතින නීතියක් සදාචාරයක් තුට්ටුවකටවත් මායිම් නොකරන මැරවින් මහතා තමාගේ කැළෑ නීතියත් අඳබාල චින්තනයත් සමග භාරදූර්යය කාර්යයක් ඉටු කරනු ඇතැයි සිතීම දැනටනම් විහිඵවකි. එහෙත් ඔහුගේ තුට්ටු දෙකේ ජනප්‍රිය මැර දේශපාලනය අනුමත කල ලක්ෂයකට අධික අංතට්ටු පැළැඳි ගම්පහ බුද්ධිමත් ජනතාවටනම් මෙය පිනා යන ... ඉතිරියත් කියවන්න »
දුක හාදු දෙන රැයේහිත පතුලටම වෙලා...යෞවනය අපට විය විරහී..හද ගිලන් වෙලා...ගහ කොලද මල් පිපේඇල දොල නිල කඩා හැලේ...පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේනන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලාමහ මෙර හිසින් දරාගෙනඅපි යමු දුරස් වෙලා.... ගැයුම- ගුණදාස කපුගේ මේ තියෙන්නෙත් මං බොහොම අසා කරන ගීතයක්.විරහව,වේදනාව එකට කැටි කොට බොහොම අපුරුවට රචනා කර ඇති ... ඉතිරියත් කියවන්න »
ලෝකෙම ලොක්කා ඉතින් බැරැක් ඔබාමා කියල කිව්වොත් හරිනෙ. ඔන්න ඉතින් මෙයාගෙ Twitter ගිණුමට ප්රන්ශ ජාතික තරුණයෙක් අණවසරයෙන් ඇතුල් වෙලා.රහස් පදය හිතල තමා ගහල තියන්නෙ.මේ වගේම බිරිට්නි ගෙත් ගිනුමට රිංගල.නියම වැඩ කාරයෙක් තමා. කොහොම හරි ඔබාමා නම් හරිම අසීරුවට පත්වෙලා තියෙනව. අන්තිමේදි FBI එකෙන් තමා ගිය මාසෙ මෙයාව අල්ලගෙන තියන්නෙ.රැකියා විරහිතව තමා ඉදල තියන්නෙ.අන්තිමට අවුරුදු දෙකක් වත් හිරේ තපින්න වෙයි වගේ ආරංචියෙ හැටියට... ඉතිරියත් කියවන්න »
කලාව, සාහිත්‍ය හා මාක්ස්වාදය මාක්ස්වාදය විසින් සාහිත්‍ය කලාව කෙරෙහිවූ බලපෑම ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක සිට පවතින්නකි. මාක්ස් එංගල්ස්ගේ පටන් ලෙනින්, ට්‍රොට්ස්කි, ලූනාචාර්ස්කි, වෝල්ටර් බෙන්ජමින්, බ්‍රොල්ටොල් බ්‍රෙෂ්ට්, ජෝර්ජ් ලූකාස්, ටෙරී ඊගල්ටන් හරහා ඬේවිඞ් වෝල්ෂ් දක්වා වූ මාක්ස්වාදීන් යම් පරස්පරතා සහිතව වුවද සාහිත්‍ය කලාව අරබයා මාක්ස්වාදී දෘෂ්ඨියෙන් අදහස් දැක්වීම් කලහ. මෙම කර්තව්‍ය ලංකාව තුල කීර්ති බාලසූරිය, සුචරිත ගම්ලත්, සයිමන් නවගත්තේගම, පියසීලි විජේගුණසිංහ, ඒ.වී.සුරවීර ආදීන් කරන්නට යෙදිනි.නමුත් ලංකාව තුල සාහිත්‍ය කලාව අරබයා ... ඉතිරියත් කියවන්න »
අපේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේත් පදාර්ථය සහ ශක්තියෙන්. මේක තමා ඉතින් පොදු පිළිගැනීම. පදාර්ථය ප්‍රමාණාත්මකව දක්වන්නට පුළුවන්. ඒ සදහා ස්කන්ධය නැමැති රාශිය යොදාගන්නවා. ස්කන්ධය(M) මනින අන්තර්ජාතික ඒකකය(SI) වෙන්නේ කිලෝග්‍රෑම්(kg). ස්කන්ධය අපේ ලෝකයෙන් පිටතදී භාවිතා කළ හැකි රාශියක්. නමුත් මෙම ස්කන්ධය අපේ පොළොවේ ගරුත්ව බලයට සාපේක්ෂව බර බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ පොළොවේදී අපි මනිනු ලබන ස්කන්ධය බර ලෙස හඳුන්වනවා. බර මනින නියම ඒකකය නිව්ටන්(N). නමුත් සාමාන්‍ය ජීවිතයේදී අපි ඕවා ... ඉතිරියත් කියවන්න »
මේ ලෝකෙ කෙල්ලොනම් කොච්චර ඉන්නවද...........ඒත් හිතගියතැන මලිගාව කියනවනෙ.ලෝකෙ දවසකට කොල්ලො කී දාහක්නම් කෙල්ලො නිසා දුක්වින්දිනව අත්ද?ඒත් කෙල්ලොනම් කියන්නෙ "අනෙ අපිත් එහෙම තමයි කියලයි"....................එක අතකින් බලනකොට අත්ත කතාව...........ඒ මොකඩ දන්නවද ?මෙ ලොකෙ හම කෙල්ලෙක්ම එකවගෙ නැතිනිසා..........මම මේ කතා කියන්නෙ බූට් එකක් කාලනම් නෙවෙයි..........ඔන්න කෙල්ලො ජොබ් වලට යනව.......ඊටපස්සෙ බොස ලයින් දානව.එතකොට හිතෙනව අර දුප්පත් කොල්ලටවඩා මු හොන්ඩෛ කියල........එතකොට මොකො කරන්නෙ?????????ඊට පස්සෙන්ඩ බලනකොට බොස එක්ක යලුඉ.එක උදහරනයක් විතරෛ ඔය..........මෙන්න තව අත්තක්.........කවදහරි කෙල්ලෙක් ඔයට ... ඉතිරියත් කියවන්න »
මගේ නම මනා.මං ගැන
කියනව නම් මං computer හදන කෙනෙක්.හැබැයි මම computer Hardware engineer, IT Technition කෙනෙක් නම් නෙමෙයි.මට ඔය වගෙ ලොකු නම් ගම් නැ.එත්
වැඩ පුලුවන්.හදනව කිව්වට හදන්නෙම
නැ.ගොඩ වෙදකම් දන්නේ.ඒත්
වැඩේ හොදට කරනවා. ඉතින් මාත් ඔය වැඩ එහෙම ටිකක් හොදට දන්නවා.මට කරන්න
පුලුවන් හොදම දේ මං දන්න දේවල් ටිකක් ඔයාලට කියල දෙන එක
විතරයි.ඉතින් මට 1ට ක්‍රමයක් තිබ්බෙ නැ. ඔන්න ඉතින් හා හා පුරා කියල
මාත් බ්ලොග්
1ක් ... ඉතිරියත් කියවන්න »
අද මම කතා කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන, ඒ කියන්නේ phone එකක් ගැන. SonyEricsson සමාගමෙන් එලියට ආපු අලුත් phone එකක් ගැන තමා කතා කරන්න යන්නේ. ඒක තමා SonyEricsson Vivaz. මේකට SonyEricsson Kurara කියලත් කියනවා. Phone එක ගැන SonyEricsson සමාගම පලවෙනි වතාවට එලි කරේ පහුගිය ජනවාරියේ, ඒක market එකට out කරේ පහුගිය මර්තුවේ. GSM 850/900/1800/1900 networks වගේම HSDPA 900/2100 networksසුත් මේ phone එක support කරනවා.97g විතර බර මේ phone එක ... ඉතිරියත් කියවන්න »
අද මගේ අයියා කෙනෙක් අමුතුම සිංහල ගීත දෙකක් එවලා තිබුනා. ඉතින් මමත් ඒ ගීත දෙකේ අමුත් රසයක් දැක්ක නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මට ගොඩාක් සින්දුවේ අර්ථය නොතේරුණත් මම අමුත් වෙනසක් මේ සින්දුවේ දැක්කා. සංගීතය විශ්ව භාෂාවක්ලුනේ, නේද? ඔයාලට මේ ගීත ගැන හැඟෙන දේවල් දැනගන්නත් මම කැමතියි. ඉතින් ඉඩක් ලැබුනොත් ඔබේ අදහසුත් පල කරන්න.
ස්වර්ණ ප්‍රේමි සන්ද්‍යා සෝබනා
Lyrics by Geshan Kalupahana
Melody compiled by Geshan Kalupahana ... ඉතිරියත් කියවන්න »
පසු ගිය දිනක රූපවාහිනියේ වූ සංවාදයකට සහභාගී වූ එක්තර විද්වතෙකු පැවසුවේ, අද අප මුහුණ දී ඇති තත්වයට බලපානු ලබන ප්‍රධාන වැරැද්ද 1956 දී ජාතික බස සිංහල කිරීම බවය. එවිට සංවාදය මෙහෙයවූ අය විමසුවේ "ඔබ 1956 දී ජාතික බස සිංහල කිරීම නිසා ස්වබසෙන් ඉගෙන ගත්තා නොවෙද?" යන්නයි. මා කීමට යන්නේ අතීතයේ සිදු එම වැරැද්ද හෝ යහ ක්‍රියාව ගැන නොවේ. අපේ අතීතයට බැණ අඩ ගැසීමේ පුරුද්ද ගැනයි. අපට අතීතය නැවත ආවර්ජනය කරනවා ... ඉතිරියත් කියවන්න »
ද්රුශ්ඨියඔබ සිතනවාද ඔබට පෙනෙනදෙ ඇසෙන සියල්ලකිම සත්ය වශයෙන්ම මෙ ලොකය තුල පවතිනවා කියා?මදකට සිතන්න සුන්දර හවස් වරුවක ඔබ මුහුදු වෙරලක සිටි අවස්තාවක්.......ඔබ දකින්න ඇති ඔබෙ නෙත් ඉදිරිපිට ලස්සන කෙල්ලො එහෙ මෙහෙ යනවා...ඉට එපිටින් මුහුදෙ රල වෙරලෙ වදිනවා....ඉටත් එහාඉන් ඈත මුහුදෙ නැවක් මුහුදෙ පාවෙනවා...ඉටත් එපිටෙන් සැන්දැ හිරු බැස යනවා...මේ සියලුම දේ එකම දර්ශනයක......මදක් සිතන්න මෙතරම් ලස්සන දර්ශනයක් ඔබෙ නෙත් ඉදිරිපිට මැව්නේ කෙසෙද කියා....සූර්යාගෙ සිට පැමිනෙන ආලෝක කිරන වස්තුවල වැදී එම කිරන ... ඉතිරියත් කියවන්න »
Phone එකක් mod කරන්න හරි flash කරන්න හරි කලින් අපි GDFS backup එකක් ගන්න ඔනේ, මොකද මොකක් හරි වෙරෙද්දක් උනොත් අපිට ඉක්මනට restore කරන්න පුලුවන් phone එක සදාකාලයටම dead වෙන්න නොදී, තවත් දෙයක්, phone එකෙන් එකට GDFS වෙනස්. ඉතින් backup එකක් නැත්තම් දැන්ම backup එකක් දාගත්තොත් තමයි හොඳ.අපි මේක XS++ වලින් කරන හැටි බලමු.ඉස්සෙල්ලාම phone එක connect කරන්න.Configuration section එකේ GDSF තොරන්න(තරහ වෙන්න එපා මගේ ගාව XS++ support phone එකක් ... ඉතිරියත් කියවන්න »
ඔන්න යාළුවනේ, මට පහුගිය දවසක මිනිසෙකුගෙ වයස මනින අපූරු මිනුමක් ගැන අහන්න ලැබුනා.ඒ එයාට ඉන්න යාළුවො ගනනින්.යාළුවො වැඩි නම් එයාගෙ වයස වැඩියි.යාළුවො අඩුයි නම් එයා පොඩි ළමයෙක්.හැබැයි ඒ කතාවෙත් එක පැත්තකින් ඇත්තක් තියෙනවා. යාළුවො වැඩියි කියන්නෙ එයා සමාඡය ගැන මිනිස්සු ගැන හරි විධියට දන්නව කියන එකනෙ. පැසුනු මිනිසෙකුගෙ ලක්ෂණයක්නෙ ඒක. ආහ්......... තව කෙනෙකුට කියන්න පුළුවන් මට Facebook එකේ මෙච්චර Friends ලා ඉන්නවා කියලා. එහෙම බැලුවොත් නම් ඉතිං පිස්සුවෙන් ... ඉතිරියත් කියවන්න »
විශ්වයෙහි අන්තර්ගත දෑ මොනවද? මොන වගේද? ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්! ඇත්තටම පෙනෙන විදියට විශ්වයේ සියලුම දේ භෞතිකයි. පදාර්ථය සහ ශක්තිය යන දෙවර්ගයෙන් තමයි අපි දන්න විදියට භෞතික ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඒ විශ්වය නම් අභිරහස් සාගරයෙන් එය තුල ඉතාම කුඩා අවකාශයක් අත්කර ගන්නා(එය සිතුවිල්ලක් පමණි) පෘථිවිය දෙස බලමු.පෘථිවිය නිර්මාණය වී ඇත්තේ කුමකින්ද? ඒක දැනගන්න අපිට එය නිර්මාණය වූ අවදියට යන්න වෙනවා. පෘථිවිය ඇතුලු ග්‍රහලෝක, තාරකා සහ අනෙක් ... ඉතිරියත් කියවන්න »
හිරු හිනැහෙන විට හිනැහෙන හසරැල් තරු හිනැහෙන විට සැගවෙලාලොව හිනැහෙන විට මතුවන පැතුමන් තනි වූ කල හද රිදවලාසිහිනෙක දුටු සුභ සිහිනෙක සැනසුම පිබිදුනු නෙත් මත බොදවෙලාසිත ලග සිතනැති ලගනැති සිසිලස ජීවිතයේ අරුමය වෙලා ඉතිරියත් කියවන්න »
කිම් කදාසියන් ගේ ලස්සන පින්තුර ටිකක් ලැබුණා...ඉතින් මම හිතුවා ඒවා ටික මගේ බ්ලොග් එකට එකතුකරන්න. පින්තුර ටික අරගෙන තියෙන්නේ නිව්යෝර්ක් නුවර ABC ස්ටුඩියෝ එකේදී ...මේ කොලපාට ගවුමට ඇය හරි හැඩයි කියලයි මට හිතෙන්නේ. ඔයාලා හිතන්නේ කොහොමද ?
ඉතිරියත් කියවන්න »
සඳ නුදුටු සඳවසන්තයෙ අග රාත්‍රී සරන නෙත් නුබ ගැබඋකා ගාති ඔබ රූ...ප්‍රභවය ඔබේ හිරු නොව ප්‍රභාවද නුඹෙමයසඳට විළි වනු කුමටද?...අඳුරු ඇඟළුම් ලූ නුබ ගැබමුදා ලනු මුදු පබාසිත් පුරා ලූ යුරු.... ඉතිරියත් කියවන්න »
බිරිඳ, භාර්යාව, wife ඔය කොයි එකෙන් කිව්වත් කියන්නේ එක කෙනාටමයි. බිරිඳ වනාහී තම දුක සතුට බෙදා ගැනීම සඳහා පිරිමියා ලඟ සිටිනා සෙවනැල්ලකැයි සිතීම විටෙක මා ප්‍රතික්ෂේප කරමි. මා එසේ පවසනුයේ හුදෙක් සෙවනැල්ලක් නොවිය හැකි නිසා නොව, සෙවනැල්ලක් නොවී විටෙක ප්‍රතිවාදියකු වන බැවිනි. ජිවිත්ය බෙදා ගැනුමට වඩා ජීවිතය බදා ගැනුමට පොර බඳින අයෙකු හා ජිවිතය බෙදා ගැන්ම උගහටය.බිරිඳක සංසුන් ජිවිතයක්, ක්‍රියාවක් අනුගමනය කිරීමක්ම සිදු විය යුතු යැයි මා විශ්වාස නොකරන මුත් ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය. 1791-1871 අතර කාලය තුලදි චාර්ස් බැබේජ් නැමති විද්‍යාඥයා විසින් සොයා ගැනුනේයැයි සලකන පරිගණකය අද වන විට විශාල වශයෙන් දියුණුවට පත්කර ගනිමින් මිනිසාගේ විවිධ වැඩ කටයුතු සදහා භාවිතයට ගනු ලැබේ.මෙය මිනිසාගේ ජිවිතයට ඉතා සමීපව කටයුතු කරන අතර විවිධ දුෂ්කරතා මත සිදු කරන ලද කටයුතු අද ඉතා කෙටි කලකින් නිවැරදිව සිදු කර ගත හැකිය.මෙරට ... ඉතිරියත් කියවන්න »
කතෘගෙන් ඉල්ලීමක් හිතවත, මොහොතක් අසන්න. ලෝකයේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෙතරම් සුවිශාලද? එහෙත් ඒ සියලු දෙනා ගේ ජීවන තත්වය සලකා බැලීමේදී ඔවුනොවුන් ගතකරන ජීවිත විටෙක සැපදායක වේ. විටෙක ඉතා දුක්ඛිත වේ. එහෙත් මේ සියලු දෙනාම මිනිසුන්ය. කොටසක් සැප ජීවිත ගතකිරීමටත් කොටසක් දුක්ඛිත ජීවිත ගෙවීමටත් හේතුව කුමක්ද? මෙය දෙවියන් වහන්සේගේ කැමැත්තයැයි විටෙක ඔබ සිතනු ඇත. එහෙත් හිතවත, දෙවියන් වහන්සේ පිළිබ| අධික භක්තිය ඇත්තෝ දුගී ජීවිත ගත කිරීමටත් ... ඉතිරියත් කියවන්න »
කතෘගෙන් ඉල්ලීමක්
හිතවත, මොහොතක් අසන්න. ලෝකයේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෙතරම් සුවිශාලද? එහෙත් ඒ සියලු දෙනා ගේ ජීවන තත්වය සලකා බැලීමේදී ඔවුනොවුන් ගතකරන ජීවිත විටෙක සැපදායක වේ. විටෙක ඉතා දුක්ඛිත වේ. එහෙත් මේ සියලු දෙනාම මිනිසුන්ය. කොටසක් සැප ජීවිත ගතකිරීමටත් කොටසක් දුක්ඛිත ජීවිත ගෙවීමටත් හේතුව කුමක්ද? මෙය දෙවියන් වහන්සේගේ කැමැත්තයැයි විටෙක ඔබ සිතනු ඇත. එහෙත් හිතවත, දෙවියන් වහන්සේ පිළිබ| අධික භක්තිය ඇත්තෝ දුගී ජීවිත ගත ... ඉතිරියත් කියවන්න »
පරිගණක විද්‍යාව ගනයට අයත් වන ලිපියක් ගැන ලිවීමට සිතුවෙමි... ප්‍රථම පරිගණකය ලෙස සැලකෙන්නෙ අර ඇබකස් කියන චීන උපකරණයයි. ඊට පස්සෙ මේ 1957 න් පස්සෙ තමා අපි භාවිතා කරන ආකාරයේ මයික්‍රො ප්‍රොසෙසර් ආකාරයේ පරිගණක නිපදවීමට පටන්ගත්තෙ.... පරිගණකයෙන් කල හැකි වැඩ බොහොමයි.. ප්‍රථමයෙන්ම පරිගණකය යොදා ගත්තෙ කාර්යාලීය ප්‍රයොජයනය සදහායි.. නමුත් මේ PC හෙවත් personal computer භාවිතයට පැමිණියාට පසු පරිගණක සෑම කෙනෙකු අතරම ජනප්‍රිය වුණා. පරිගණකයෙන් කල හැකි වැඩ ප්‍රමාණය අසීමිත වුනේ අන්තර්ජාලය සොයාගත්තාට ... ඉතිරියත් කියවන්න »
ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය ආදී යුග ගණනාවක් පසු කළ මිනිස් ඉතිහාසයේ මේ ගෙවී යන්නේ දැනුම යුගය බවට විවිධ මත පළවේ. මේ පිළිබඳව මීට ඉහත යැංකි කතාවකදීත් මා සඳහන් කළෙමි. ලොව ප්‍රමුඛ පෙලේ රටවල් අතරට ඒමට නම්, අප දැනුමින් පොහොසත් විය යුතු බවත්, ඒ සඳහා අප ඉදිරියේ ඇති ප්‍රශ්න කිහිපයකුත් ඉදිරිපත් කරමින් මා එම සටහන අවසන් කළෙමි. මා නැඟූ එක් ප්‍රශ්නයක් වූයේ, අප රටේ පර්යේෂණ කටයුතු නංවාලීමට ... ඉතිරියත් කියවන්න »
ඇතමෙක් තම අදහස ලෝකයා හට විවර කරනා විට තවෙකෙක් තම අදහස විවර නොකරනුයේ එම අදහසට ලැබෙන්නාවු ප්‍රතිචාරයන් පිළිබඳ වු දෙගිඩියාව නිසාමය.මේ ලොව පවත්නා කිසිවකු ශාරීරික වශයෙන් සම නොවනා සේම අදහස් මතිමතාන්තර අනුවද වෙනස් වේ. තම අදහස් එකම යැයි පවසන පෙම්වතුන් පවා මෙම යතාර්ථය පිලිගැනීමට මැලිකමක් දක්වනුයේ මන්දැයි මා හට සිතා ගැනීමට පවා අපහසුය. විටෙක තම අදහස් අසමාන යැයි පවසනා ඔවුන් වෙන් වන්නට තීරනය කරනුයේ සදාතනික සත්‍යක් වූ "අසමාන වූ අදහස්"යන ... ඉතිරියත් කියවන්න »
"යුද්දෙ කරපු, යුද්දෙ දිනපු වීරයා හිරබත් කද්දී යුද්දෙ විකුනන් කාපු හොරු කිරිබත් කති" පසුගිය දිනෙක Facebook අඩවියේ මා නෙත ගැටුන status update එකකි.එහි දෙවන භාගය කෙසේ වුවද පලමු කොටස මා යම්තාක් දුරකට සසල කලේය. තිස් වසරක් පුරාවට ඇදුනු යුද්ධය ජයග්‍රහනය කරා රැගෙන යාම one man show එකක් නොවන බව තේරුම් ගැනීමට පහේ පන්තියේ දැනුම පවා ප්‍රමාණවත් වේ. එවැන්නක් කල හැකි Ramboලා හෝ One shot oneලා සැබෑ ජීවිතයේ නැත. එබැවින් ... ඉතිරියත් කියවන්න »