අපේ ජනාධිපතිතුමා ගිනස් වාර්තා බර ගානක සාඩම්බර හිමිකරු ය. පසු ගිය මාසයේ දෙකේ පමණක් එතුමා තැබූ වාර්තා අතර එක මොහොතක් තුල වැඩිම ගස් සන්ඛ්‍යාවක් සිටවීමේ වාර්තාව, පදවි ප්‍රාප්තියකට ලැබුනු ලොකුම සුබ පැතුම්පතට හිමි වාර්තාව, පදවි ප්‍රාප්තිය සමරමින් සකසන ලද ලෝකයේ ලොකුම කිරිබත වැනි වාර්තා රාශියකි. එතුමාගේ අලුත්ම ගිනස් වාර්තාවලොව විශාලම අවුරුදු සුභ පැතුම හිමි කරගැනීමේ වාර්තාවයි.
මේ සුබ පැතුම් පත නිර්මාණය කර ඇත්තේ ඌව මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ... ඉතිරියත් කියවන්න »
ඔක්කොම අලුත් අවුරුද්ද ගැන කතාකරන වෙලාවෙ මට හිතුන පරණ කතාවක් කියන්න. මේක ඇත්තටම මතක් උනේ ඊයෙ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට කෑමකට ගිහින් කෑමත් එක්ක හම්බ උන පපඩම ආසාවෙන් කකා ඉන්න වෙලාවෙ. මේව ඉතින් කියන්නත් ලැජ්ජයි. අනේ මන්ද.. මේක උනේ අපි දහම් පාසල් යන කාලෙ. අපි කිව්වෙ මමයි, උපාලියි, සුජීවයි, අසංකයි. දහම් පාසල් යනව කිව්වට අවසාන විභාගෙත් කරල ගුරුවරු කියල තිබුනෙ ආයෙ එන්න එපා කියල. ඒත් අපි යනව. ඒගොල්ලොනන් කියයි අපි නැවතුනොත් ... ඉතිරියත් කියවන්න »
2 වන කොටස07. i. The Line Segment Tool(\) මෙය line එකක් ඇද ගැනීම සදහා යොදා ගනී. ii.The Arc Tool මෙය arc එකක් ඇද ගැනීම සදහා යොදා ගනී. iii.The Spiral Tool මෙය දගරාකාර හැඩයක් ඇද ගැනීම සදහා යොදා ගනී. iv.The Rectangular Grid Tool මෙය වගුවක් ඇද ගැනීම සදහා යොදා ගනී. v.The Polar Grid Tool මෙය polar grid එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.08. i.The Rectangle Tool (M) මෙය ... ඉතිරියත් කියවන්න »
අනේ ඉතින් හා හා පුරා කියලා ඉස්කෝලේ 6 වසරේදිම මට ලව් මාන්දම හැදුනා..ඒ වවුල් මාන්දම හැදෙන්න ටික දවසකට විතර කලින්..එවකට මගේ අතිජාත මිත්තරයා වෙලා හිටපු කබ්බට තමයි මගේ පලමු ආදරයේ චමත්කාරය මුලින්ම මාට්ටු වුනේ. කෙල්ලා 8 වසරේ මම 6 වසරේ වීම මට පුරස්නයක් නොවුනත් කබ්බාට පුරස්නයක් වී තිබුණා. ඒකට මුලිකම හේතු සාධකය වුනේ කබ්බාට ගණන් බැරී වීමයි. මම බැහැගෙන මගේ පලමු ලව් එකට වැඩදාගෙන වැඩය. කෙසේ වෙතත් කෙල්ලගේ රෙස්පොන්ස් ... ඉතිරියත් කියවන්න »
ඔන්න කාලෙකින් තමා පොස්ට් එකක් දැම්මේකට්ටිය දන්නවනේ එයාර්ටෙල් එකේ ලෝගෝ ඒක් ටියුන් ඒක් ඔක්කොම වෙනස් කලානෙ. ඔන්න ඉතින් ඒ අලුත් ලොගෝ එක සහිත වෝල්පේපර්ස් සහ ස්ක්‍රීන් සේවරයක් සමග අලුත් එයාර්ටෙල් ටියුන් එකේ සම්පූර්ණ සංස්කරණය පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න (3.43 MB) ...1. Wallpapers2. Ring tone (full)3. Screen saverDownload Airtel Multimedia Pack ඒ වගේම කියන්න දෙයක් තියෙනවා යාලුවෝ හැමෝටමලබන්නාවූ 2011 නව වසර සතුට සපිරිසිතුම් පැතුම් ඔක්කොම එලකිරි වගේ ඉටු වෙනසුබම සුබ නව ... ඉතිරියත් කියවන්න »
දැන්(2010 )ගෙවිලා(2011 )ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මා මෙම ලිපිය ලියන්නෙ ඔයගොල්ලන්ට කිමට වැදගත් කරුනු නැති නිසවේනි. මගේ බ්ලොගය අලුත් කරල තාම ගෙවුනේ දවස් 5 යි. එහේත් උදාවෙන නව අවුරුද්දේ ඔයගොල්ලන්ට අලුත් අලුත් වැඩ කිඩ ටිකක් සහ මෘදුකාංග පිලිබදව විතරක් නොව (Blog Tips&Tricks ) ගැන දෙන්නට හිතාගෙන ඉන්නවා එය ඔයගොල්ලන්ට මහත් රුකුලක් වෙනවා නිසැකය. එවගෙම තමයි ඔය ගොල්ලන් කැමති(Songs&Video)ලබා දෙන්නත් පුලුවන් හැබැයි ඔයලා ඉල්ලුවොත් විතරයි මගේ බ්ලොග්(Header)එකට විතරක් අයිති දෙවල් විතරක් ... ඉතිරියත් කියවන්න »
Politics ගැන යමක් ලිවිය යුතු යයි මට හැගුනේ හි අරමුනකින් තොරව සැරිසරමින් සිටින අතර තුරේය. සැබවින්ම බොහෝ දෙනා තුල politics ගැන ඇත්තේ රිනාත්මක ආකල්පයකි. එම නිසා පොලිටික්ස් ගැන මට සිතෙන දේ හා මගේ ආකල්පය සටහන් කර තැබීම කළ යුතු දෙයක් යයි සිතුනු නිසා මෙම සටහන ලිවිය යුතු යයි සිතීමි.මගේ මිතුරන් කීප දෙනෙකු තම profileවල politics ගැන අදහස් දක්වා තිබුනු අයුරු පහත දැක්වේ.කසුන් ප්‍රනාන්දු (university of colombo) - Politics in Sri Lanka ... ... ඉතිරියත් කියවන්න »
මං මේ බ්‍රව්සරය ගැන දැනගත්තේ විජය පරිගනක පත්තරෙන්.
පොඩි කාලේ(2001) ඉඳන් ගත්තු පත්තරේ,තාමත් ගත්තට පාඩු නෑ කියල හිතෙන්නෙ මේ වගේ අලුත් දේවල් ඉක්මනට දැනගන්න ලැබෙනකොටයි.
පත්තරේ විස්තරේ ගියාට පස්සෙ මන් හිතුවෙ ගොඩක් අය මේ බ්‍රව්සර් එක පාවිච්චි කරන්න පටන් ගනී කියලයි.ඒත් එහෙම නෑ වගේ. :(
ගොඩක් අය මේකෙ තියන අලුත් features දන්නේ නැති නිසා කම්මැලි හිතිල පරන පුරුදු firefox,chrome වලට ගිහින්.මමත් කාලයක්(විතර) පාවිච්චි කලාම තමා වෙනස තේරුනේ.
එකදාස් නමසීය අනූ තුනේ ඒ ... ඉතිරියත් කියවන්න »
මිනිසා ස්වභාවයෙන්ම නිදහස් ය. එය කවුරු කීවත් එසේමය. කිසිවෙකුට තවත් කිසිම අයෙකුට කිසිම ආකාරයකින් අනෙකාගේ නිදහසට බාදා කිරීමට අයිතියක් නැත. එහි දී අයෙක් ට තවත් අයෙක් ට තමාගේ හිතේ ඇති දෑ කීමට නිදහස ඇතත්, ඒ කියන දේ තුල අනෙකාගේ නිදහසට කුඩා පරිමාණයකින් හෝ බාදා නොවිය යුතුය. මට මෙහි දී විශාල කරුණු පරිමාවක් කීමට නැත. ඒ මන්ද මම විශ්වාස කරන නිදහස මට දැනෙන නිදහසක් නිසාය. එය ඔබට දැනෙන දෙයින් අනිවාර්යෙන්ම වෙනස් ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්!
මගේ මට හිතෙන හැටි බ්ලොග් එකේ කිව්වනෙ Tech Topics ගැන කතා කරන බ්ලොග් එකක් ලියන්න හිතුන කියල…
එහෙම හිතල මාස(අවුරුදුද මංදා..) ගානකට පස්සෙ ඔන්න හොඳ ලිපියකට අදහසක් ආවම පරන පුරුදු වචන මුද්‍රකයෙන්ම තව බ්ලොග් එකක් හදාගෙන වැඩේට බැස්සා…
ඔක්කොටම වඩා අමරු වුනේ මේ බ්ලොග් එකට දාන්න නමක් හිතාගන්න එක ඒත් වචන මුද්‍රකේ අපේ බ්ලොග් එකෙ නම පස්සෙ වුනත් වෙනස් කරන්න පුලුවන් නිසා මං මේ හිතට ආපු නම දාලා වැඩේ පටන් ... ඉතිරියත් කියවන්න »
හාපෝ අද හරිම විකාර දවසක්! අද මම ලියන්න හිටියෙත් කවියක්. මට එච්චර හොඳට කවි ලියන්න බෑ. ඒත් ලියන්න හිටියේ කවියක්. ඒත් දැන් ලියන්න වෙන්නේ නෑ. අද දවසේ වෙච්ච වැඩ කියන්න හිතුනා. කවි හෙට.. නෑ අද ලියන්නම් මම අද දැකපු දෙයක්. එක හුඟක් මගේ හිතට වැදුනා. ඒත් මට ඒක මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බේ.මට මල්ලියෙක් ඉන්නවා. තාම අවුරුදු 13යි. අද එයා තාත්තා බීලා ඉවර කරපු වොඩ්කා බෝතලයක් අරගෙන ඒකට වතුර පුරවගෙන. ... ඉතිරියත් කියවන්න »
ආදරේ ගැනඅඩුම තරමේ ජීවිතේ ගැනපුංචිම පුංචි හැගීමක්වත් නොතිබුන කාලේකමතකද...ඔයා කිව්වා..."කවදක හරි ඔයා මාව දාල ගියත්,මම ඔයාව දාලා යන්නේ නෑ"මම හයියෙන්ම හිනාවුනා"මම ඔයාව දාලා ගියොත්...ඔයා මගේ පස්සෙන් එනවද...?""මම ඔයාට යන්න දෙන්නෙ නෑ"ඔයා කිව්වා...."ඒක වෙන්න බෑ....මට හිතුනොත් මම යනවා"මම කිව්වා...."ඔයාට හිතෙන එකක් නැති වෙයි..."ඔයා කිව්වා'පිස්සු' මට ඇත්තටම හිතුනා...මට තාමත් විශ්වාස නෑ....කාටත්ම නොකියා ඔයා ගිහින් කියලා.....මම හැමදාම බලන් ඉන්නවා....කවදමහරි ඔයා එයිඒ ඇවිත් කියයි...."මම ඔයාට යන්න දෙන්නෙ නෑ"මමත් මග බලන් ඉන්නවා....."ඇත්ත...මට ඔයාව දාලා යන්න ... ඉතිරියත් කියවන්න »
Greshan Ananda passes away..
We know how much you love to Greshan Ananda.......
and his voice also.......
now you can listen to his voice.
If some tears come to your eyes,don't try to hide it....Because it come from your heart !
Etha duraka song
This song is Greshan Ananda's first song.
ඉතිරියත් කියවන්න »
අදනම් ලෑස්තිවෙන්නෙ නව වසරට සුභපතන්න. මේ නව වසරේ ඔයාල හැමෝම සතුටින් ඉන්න කියල මම ඉල්ලා සිටිනව. ඔයාලගෙ මොකක් හරි වැරැද්දක් තිබුණනම් ඒවත් හදාගෙන පුළුවන් තරම් හොඳින් සතුටින් කාලය ගත කරන්න අධිෂ්ඨාන කරගන්න. කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. එතකොට තමන් හැදෙයි රටත් හැදෙයි. (බණ කිව්ව කියල හිතන්න එපා) ඉතිං මගෙත් එක්ක ඉන්න අය හැමොටමත් යන එක නොයෙන හැම කෙනාටමත් මේ ලබන්නා වූ (2011) නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුභ ... ඉතිරියත් කියවන්න »
නුඹ බිගුසර December 29, 2010
නුඹ............සංකිර්ණ කතාවකඅවසන් පද පේළියයි ඉතිරියත් කියවන්න »
Popular singer Greshan Ananda passes away ..in colombo Gen. hospital @ early morning today (2010.12.29 )
ඉතිරියත් කියවන්න »
1 වන කොටසwindow ------> Tools මගින් Tool box එක show කරගත හැක.මෙම tool box එක short cut keys වලින් නම් කර ඇත.01.The Selection Tool (V) මෙම tool එක object එකක්හෝ image එකක් select කිරීමට යොදා ගනී.02. i.The Direct Selection Tool (A) මෙම tool එක මගින් object එකක nods active කර හැඩය වෙනස් කරගත හැක. ii.The Group Selection Tool මෙම tool ... ඉතිරියත් කියවන්න »
සුදු මැණිකේ කව්ද කියන එකයි, මොනවාද මේ කියන්නේ කියන එකයි දෙකම දැන් අපේ අයට ගැටලුවක් වෙලා ඇති. ඔන්න අද ඉදන් ලියන්නයි යන්නේ විස්තරේම මුල ඉදන්.... සුදු මැණිකේ කියන්නේ අහිංසකම අහිංසක කුඹියකුටවත් වරදක් කරන්නේ නැති පුංචි කෙල්ලෙක්. මට සුදු මැණිකේ හම්බ වෙන කොට සුදු මැණිකේ ජිවිතේ ගොඩක් තනි වෙලා හිටියේ. එයාට එයාවත් නැති වෙන තරමට එයා තනි වෙලා හිටියේ..මගේ යාලුවෙක්ගේ මුහුණු පොතෙන් තමයි එයාව මුලින්ම දැන ගත්තේ. ෆොටෝ එකක් නැති නිකං ... ඉතිරියත් කියවන්න »
මොකක්ද මේ කලාත්මා.....කලාත්ම කියන්නෙ මහා කලා අත කියන එකටයි....බ්ලොග් එක පටන් ගන්න හිතුවෙ කවුරුත් ප්‍රිය කරන සංගීතය ගැන එහෙමත් නැත්තන් අපේ සංගීත භාන්ඩ වාදනය කරන යාලුවන්ට ගොඩක්ම වැදගත් ස්වර ප්‍රස්ථාර අරන් එන්නයි....ඉදිරියට ගොඩක් සිංදුවල ස්වර ප්‍රස්ථාර ඔයාලට ගෙනත් දෙන්නම්කෝ.... ඉතිරියත් කියවන්න »
යම් යම් ලියකියවිලිවලට අපි ලේඛන යැයි කියමු. ලේඛන යනු සංස්කෘත තද්සම වදනකි. එහෙත් 'ලේඛන' යැයි නිවැරදි ව ලියන පිරිසක් මෙන් ම 'ලේඛණ' යැයි වැරදියට ලියන පිරිසක් ද සිටිති. අන්තර්ජාලයේ 41 600ක් වරක් 'ලේඛන' යැයි නිවැරදි ව ලියා තිබේ. 19 200 වාරයක් 'ලේඛණ' ලෙස වැරදියට ලියා තිබේ.ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ (ICTA) සියබස් වෙබ් අඩවියේ - ආදර්ශ සිංහල ලේඛණ- යන්නෙහි 'ලේඛණ' ද ඒ වැරදි 19 200න් එකකි.මේ අනුව නිවැරදිව ... ඉතිරියත් කියවන්න »
ජෙලිෆිෂ් කියන්නෙ ජලජ ජීවියෙක්.
ඌට මොළයක් නැහැ.ඒ වෙනුවට තියෙන්නෙ මූලික ස්නායු පද්ධතියක් පමණයි ලු.
ඒත් ඉතින් ජෙලිෆිෂ්ට විශේෂ හැකියාවක් තියෙනවා.ඌට පුලුවන් බාධක මගහැර වේගයෙන් පිහිනන්න.මොළයක් නොමතිව මෙවැනි දෙයක් කරන්නේ
කෙසේදැයි පුදුමයි නේද?
මේ සතාගෙ දේහයේ ඉහළින් හා පහළින් මාළුවකුගෙ ආකාර කාච සහිත අක්ෂි යුගල දෙකක් ඇති බවත් එයින් පහල අක්ෂි යුගලයෙන් පමණක් බාධක මග හරවා ගන්න උපයෝගි වෙනවා ලු.
ඉතිරියත් කියවන්න »
සුදු මැණිකගේ ජිවිතේ දැන් බලාපොරොත්තුවක් නැතිවෙන තරමටම අසරණ වෙලා.. එයාට ජිවිතේ එපා වෙලා.. ඒකට හේතුව එයාම පණ දෙවෙනි කරලා කරපු ආදරේ..ඒ ආදරේ නිසා මගේ සුදු මැණික දුක් වෙන තරම මට දරා ගන්න බැරි වෙලා..මහ මෙරක් තරම් එයා කරපු ආදරේට එක වචනෙක ස්තුතියක් නැතිව අසරණ කරලා ගිහින්..අද සුදු මැණිකේ තනියම..ඒත් කවදාවත් මම එයාව එහෙම දාලා යන්නේ නැ. එයාත් ඒක දන්නවා..දැන් ඔයාලට මේ මුල මැද නොතේරෙන කතාව කියන්නයි මම යන්නේ..ඔය මුලින්ම දාපු ... ඉතිරියත් කියවන්න »
බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ හිටපු නායක ක්‌ලයිව් ලොයිඩ් විසින් නම් කරන ලද එක්‌දින කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන්ගේ නම් ඇතුළත් වී තිබේ.එක්‌දින ක්‍රිකට් ක්‍රීඩාවට ආරම්භ වී මෙම ජනවාරි මසට වසර 40 ක් සම්පූර්ණ වන අතර එය සැමරීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සිලය මගින් අන්තර්ජාලය ඔස්‌සේ සිදුකරනු ලබන ඡන්ද විමසීමට ප්‍රතිචාර දක්‌වමින් ලොයිඩ්, ජයසූරිය සහ මුරලිදරන් ඇතුළු ක්‍රීඩකයන් 15 දෙනකු එම සදාතනික කණ්‌ඩායමට නම් කොට තිබේ.ලොයිඩ් විසින් නම් කරන ... ඉතිරියත් කියවන්න »
කොළඹ විශ්ව විද්‍යාලය යනු ලංකාවේ City Campus එකය. එනම් ලංකාවේ විශ්ව විද්‍යාල හදුනාගැනීමේ දී එය මූලික ස්ථායක් ගනී. අද කියන්නේ එය ගැන නොවේ. එහි ඇති හරි අපූරු දෙයක් ගැන කියන්න තමා මේ උත්සාහ කරන්නේ.මෙය ආරම්භවීමට ගන්නේ ගිය අවුරුද්දේ සිටය. එනම් 2009 වසරේ සිටය. විශ්ව විද්‍යාලයට අලුතින් ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණියේ ය. එම අවුරුද්ද වෙනතුරු නවක වදය නොතිබුනු කොළඹ විශ්වවිද්‍යාලය තුලට නැවත එය පැමිණියේ ය. මෙකී සමානත්මතාවය ඇති කිරීමේ කොළඹ වීශ්ව විද්‍යාලයේ ... ඉතිරියත් කියවන්න »
ෆොටෝෂොප් මෘදුකාංගයේ ඉතිහාසය පිළිබඳව කියල දෙන්න තමයි මම අද ලෑස්තිවෙන්නෙ. ඉතිං මම ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනව මගෙත් එක්ක ඉන්න හැම යාලුවෙකුටම. එහෙනම් වැඩි විස්තර නැතුව පටන් ගන්නම් විස්තරේ කියල දෙන්න.මෙය ඇඩොබි ආයතනයේ නිෂ්පාදනයකි. මෙම ආයතනය ග්‍රැෆික්කරණය සඳහා තවත් විවිධ මෘදුකාංග රාශියක් නිෂ්පාදනය කරයි. මේ මෘදුකාංගය ප්‍රථමයෙන්ම නිෂ්පාදනය කරල තියෙන්නෙ 1988 වර්ෂයේ තෝමස් කැනොල් (Thomas Knoll) සහ ඔහුගෙ සහෝදරය වන ජෝන් කැනොල් (John Knoll)යන අය විසින්. 1990 වර්ෂයේ තමයි ප්‍රථමයෙන්ම හඳුන්වලා දීල ... ඉතිරියත් කියවන්න »
Adobe Illustrator වලට පිවිසීම Start------>All Programs------>Adobe Illustrator එවිට පහත ආකාරයේ window එකක් දක්නට ලැබේ. එහි New Document යන්න Select කරන්න.එවිට පහත ආකාරයේ Diolog box එකක් දක්නට ලැබේ. එම box එකෙහි අවශ්‍ය වෙනස්කම් කර ok කරන්න.එවිට පහත පරිදි Illustrator window එක දක්නට ලැබේ.Adobe Illustrator window එක හදුනාගනිමු මෙහි ප්‍රධාන වශයෙන් Tool box එකක් හා Color palette එකක් දක්නට ලැබේ. color palette එක අමතරව swatches, graphic style හා stroke යන palette ද ඒ හා ... ඉතිරියත් කියවන්න »
ඔන්න කුම්බෙ O/L ලියන කාලෙත් ලඟා උනාලු. මේ ඉතින් වසර කීපයකට ඉස්සර. ඉතින් කුම්බෙ හිත ගත්තා මෙච්චර කල් කරපු නසරානි වැඩ කිඩ ටික පැත්තකට දාලා හොඳට විභාගෙ කරන්න. එහෙම හිතලා 11 වසරෙ මුල් මාසෙ බැහැලා ස්ටඩි කරගෙන ගියා ලු. යාළුවන්ටත් ඉතින් මේක පුදුමයක් ලු. ඇත්තටම කියනවානම් මේ ස්ටඩිමොරාල් එක තිබ්බෙ හරියටම මාසයයි ලු. මොකද හැම ඉස්කෝලෙකම වගෙ ... ඉතිරියත් කියවන්න »
ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් දැනට 30 දෙනෙක් ගෙන් සමන්විත කන්ඩායමක් තොරලා තියෙනවා මේ පාර ලොක කුසලනයට. ජනවාරි 19 වෙනකොට මේ 30 දෙනාගෙන්15 ICC එකට යවන්න ඔනේ.මේ තියෙන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුවෙන් දැනට තොරපු 30 දෙනා.1. T.M Dilshan2. Upul Tharanga3. Dinesh Chandimal4. Tharanga Paranavithana5. Lahiru Thirimanna6. Sanath Jayasuriya7. Mahela Jayawardena8. Thilan Samaraweera9. Kumar Sangakkara10. Thilina Kandamby...11. Chamara Silva12. Chamara Kapugedara13. Angelo Mathews14. Tissara Perera15. F. Maharoof16. Jeewan Mendis17. ... ඉතිරියත් කියවන්න »
පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සෙ පැතිර ගිය අසභ්‍ය වීඩියෝව තමාගේ නොවන බව නෙහාරා ලක්බිම පුවත්පතට සාකච්චාවක් ලබදෙමින් කියා සිටිනවා.එම විඩියොවෙ ඉන්නෙ ඇය නොවන බවත් ඇයගෙ රුවට සමාන ඉන්දියනු කාන්තාවක් බවත් ඇය එහිදි කියා සිටියා."මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්වය තේරුම් ගත්තා.ඒ වගේම හැබැහින් ... ඉතිරියත් කියවන්න »
සුනෙත් මාලගම මහතා විසින් අධ්‍යක්ෂනය කළ සහා ඉතා දක්ෂ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වන චිත්‍රපටියක් විදියට සිංහාවලොකනය හදුන්වන්න පුලුවන්. මෙම චිත්‍රපටියෙ නවක නලු නිලියන්ද විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මෙහි රංගනයෙන් දායක වන්නේ Sanath Gunathilaka, Cletus Mendis, Jayalal Rohana, Palitha Silva, G. R. Perera, Gamini Hettiarachchi, Iranganie Serasinghe, Dilhani Ekanayake, Damitha Abeyratne, Kusum Renu, Maureen Charuni,Pubudu Chathuranga, Nehara Peiris, Udayanthi Kulathunga, Menaka Rajapaksa, Ashen Manjula ... ඉතිරියත් කියවන්න »
බෑන් කී මූනා කමිටුවත් එක්ක ලංකාවට එන්න පැදුරු කොට්ට ලැස්ති කරනවලු ඔන්න.විමලේගේ රහස් පරීක්ෂක සේවයට ඔත්තුවක් හම්බවෙලා.”මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද වෙන්න යන්නේ යකෝ.අපේ මහා රජතුමා ඇවිදින් මට වතුර පෙව්වේ මූනාට එන්න දෙන්නේ නෑ කියලනේ.”විමලේට යක්ෂයා ආරූඩ වෙලා.”එහෙම පොරොන්දු නොවුනානම් එහෙම බලාගන්න තිබුන … Continue reading → ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සෙ මේක ලියන්න හිතුන. මේ දවස් වල ගෙදරට වෙලා නිකම් කාලෙ කන එකේ මේකවත් ලියන එක හොඳයි කියල හිතුන.අද මම ලියන්නෙ අපේ ලඟම තියන් ඉන්න දෙයක් ගැන. ජංගම දුරකථනය……එහෙම කිව්වම නිකම් මොකක්ද වගේ. නිකම්ම ෆෝන් එක කියන එක ලේසියි. හැබැයි මම මේ කියන දේවල් ගොඩක් අදාල වෙන්නෙ NOKIA ෆෝන්ස් වලට තමයි. මොකද මගේ ලඟ තියන්නෙ NOKIA ෆෝන් එකක් නිසා. ෆෝන් එක කියන්නෙ මට නම් ගොඩක් වටින දෙයක්. විශේෂයෙන්ම දැන් ... ඉතිරියත් කියවන්න »
බොන තරමක් කලින් බීලා අවරුද්දට,නත්තලට ජොලියෙ ඉන්න. මේ දැන්වීම ඔබ කොයි කාටත් අවුරුද්දට හෝ නත්තලට හෝ දකින්න ලැබෙන දැන්වීමක්. ඇත්තටම මෙම දැන්වීමේ මතුපිට අර්ථයට වඩා යටින් ඇති තේරුමක් තියෙනව කියල කී දෙනෙක් ට තේරෙනව ද නම් මම දන්නෙ නැහැ.ඇත්තටම මේ දැන්වීමෙන් කියන්නේ අවුරුද්දට කලින් බීල ඉවර කරන්න කියන එක ද? එහෙමත් නැත්නම් අවුරුද්දට, නත්තලට මත්පැන් බාව්තා නොකර සතුටින් ඉන්න කියන එකද? එහෙමත් හිතන්න පුලුවන් තමා, ඒත් මට හිතෙනව ටිකක් වෙනස් ... ඉතිරියත් කියවන්න »
ඉදිරියෙදි වාහන පදවන විට seat belts පැලදිම, අනිවාර්ය කිරීමට රජය තීරණය කොට තිබේ.තවද වාහන පදවන විට දුරකතන භාවිතා කරන්නන්ට දැඩි නිති පනවන බව දක්වා ඇත.ආනයනය කරන බස්, ලොරි වැනි වාහන වලද මෙම නීතිය ක්‍රියාත්මක වේ. ඉතිරියත් කියවන්න »
කොදු ඇට පෙලක් සහිත කාණ්ඩ පහෙන් අලියා කිරි බී වැඩෙන ක්ෂීරපායී සත්ව කාණ්ඩයට අයත් වේ. අලියා අසාමාන්‍ය සත්වයෙකි.එනම් වෙනත් ක්ෂීරපායීන් මෙන් නොව අලියාට හොඩවැලක් පිහිටයි.මේ නිසා සත්ව වර්ගීකරනයෙදී අලියා මමාලියා ගෝත්‍රයේ ප්‍රොබොස්සිඩියා ගෝත්‍රයට ගොනුකොට ඇති අතර එලිෆන්ටිඩෙ කුලයට අයත් වේ.දෙමල බසින් "යානෛ" යනුවෙන්ද ඉංග්‍රීසි බසින් එලිෆ්න්ට් නමින්ද,සිංහලෙන් අලියා,හස්තියා,ගජිදු වැනි නම් වලින්ද හදුන්වනු ලැබේ. අද ලෝකයේ හස්ති වර්ග දෙකක් ඇත එනම් අසියානු අලිය හා අප්‍රිකනු අලිය වේ. අප්‍රිකා ... ඉතිරියත් කියවන්න »
අද නම් මම කියන්න යන්නෙ 'ලු' ෆොමැට් එකේ කතවක්. ඒ කියන්නෙ අසා දැනගත් කතාවක්. හැබැයි කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. මේ සිද්ධියට සම්බන්ධ ගුරු තුමගෙ නික් නේම් එක තමයි "බඩා සර්". බඩා සර් කියන්නෙ ඇයි කියලා හිතා ගන්ඩ පුලුවන් නෙ ඉතින්. දැන් නම් එයා ජීවතුන් අතර නෑ. බඩා සර් අපිට ඉගැන්නුවෙ බුද්ධ ධර්මය. නමුත් එතුමා ගෙ බුද්ධ ධර්මය පිළිබද දැනීමයි ... ඉතිරියත් කියවන්න »
අද 2010 දෙසැම්බර් 25 වෙනිදා... ඒ කියන්නෙ තවත් ආකාරයකින් 2010 නත්තල් දවස... නත්තල් බැතිමතුන් හැමොටම මම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනව...!!! ඉතිං අද ලිපියෙන් මම ග්‍රැෆික් කරණය පිළිබඳව කියල දෙන්න නෙවයි උත්සාහ කරන්නෙ. 2011 වසරට අදාල දින කැලැන්ඩර් එකක් ඕගොලොන්ට ලබා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. මේ කැලැන්ඩර් එක මම කොරල් සහ ෆොටෝෂොප් මෘදුකාංගය බාවිතා කර නිර්මාණය කරන ලද එකක්. මම නිර්මාණය කරපු නිසා අඩු පාඩු තිබෙන්නට පුලූවන් අනිවාර්යෙන්ම. ඒවගේ ... ඉතිරියත් කියවන්න »
ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් බදු වූ ශ්‍රී ලංකාවේ උත්තරීතරත්වය විදහා දක්වන්නේ අප රටේ පවත්නා නීති පද්ධතියයි. පූර්ව යටත් විජිත සමයේ පවා ලක් දිවයිනෙහි දියුණු නීති පද්ධතියක් පැවතින. ශ්‍රී ලංකාවේ පවත්නා පොදු නීතිය හෙවත් රෝම ලන්දේසි නීතිය මෙරටට සංක්‍රමනය වූයේ ලන්දේසීන් ගේ පැමිනිමත් සමගය. ඉන් අනතුරැව ලංකාවට පැමිනි ඉංග්‍රීසීන් නිසා මෙකි නීති පද්ධතිය වඩාත් සංවර්ධනය විය.
මෙයට අනුව වර්තමාන ශ්‍රී ලංකාවේ රෝම ලන්දේසි නීතිය මෙන්ම ඉංග්‍රීසි නීතිය ද පවතින අතර මෙම ... ඉතිරියත් කියවන්න »
ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. වේදිකාවෙ අඳුරු මුල්ලක වැතිර සිටින කවියා හෙමිහිට දෑස් ඇර හිස ඔසවයි. “මට මැරෙන්න බෑ” ඔහු රහසිගත ස්වරයෙන් කොඳුරයි. වේදිකාවේ මැද ආලෝකවත් තැනක මේසයක් පසුපස වාඩිවී සිටින හොරා බරපතල රාජකාරියක නියැලෙන සෙයකි. “මේ ඕයි...ඇහුණද?.....මට මැරෙන්න බෑ” කවියා මෙවර තරමක් ශබ්ද නගා පෙරකී වචනම නැවතත් කියනු ලබයි. ... ඉතිරියත් කියවන්න »
ආදරේපස්සෙන් එද්දි...මම දිව්වා ....එක හුස්මටම...හිතුවේ නපුරු හීනයක් කියලා...ඒත්...හති වැටිලා...හැරිලා බලද්දි...ආදරේ නැවතිලා...හිත ගැස්සුනා...පාලු හිතුනා ...ඒ ආදරේ ඕනෙමයි කියලා...හිත කෑගැහුවා...හිතුනා...ආදරේ ආශිර්වාදයක් කියලා...අයෙත් ආපස්සට හැරුනාආදරේ හොයාගෙන...ඒත්...නැවතිලා තිබුනේ...ආදරේ නෙමෙයි...ඔයාගේ ජීවිතේ...තාමත් මම හිනා වෙනවාමගේ කදුලු වලින්...අනිත් අයව අසරන කරන්නබැරි නිසා...ඒත් හැමදාමහදවතින් අඩනවා...හිත තාමත්...ඒ ආදරේ ඉල්ලන නිසා........... ඉතිරියත් කියවන්න »
බැරිවෙලවත් ඔය කට්ටියපදින පුට් සයිකල් එකේ බ්රේක් නැතිවුනොත් ?බැරිවෙලවත් ඔය කට්ටිය යන බස් එකේ බ්රේක් නැතිවුනොත්,පදින පුට් සයිකල් එකේ නැතිවුනොත්,ඒ නැත්නම් කරත්තෙක හරි.හි හි ඒ වගේද නැවක බ්රේක් නැතිවුනොත් එහෙම.පිස්සු හැදෙයි නේද.මේ කතාව 1997 තේ බ්රේක් නැතිවුන නැවක කතාවක්. film එක තමා speed-2.මට මේ film එකේ බාගයයි බලන්න හම්බ වුනේ. ඉතින් ඒක තව සැරයක් බලන්න හිතුන.ඒකෙ ටොරන්ටි එක මේන්න තියනම.බලන්න වගේ හිතෙනවනම් අරගෙන බලන්නspeed-2 මෙතනින් බාගන්න පුලුවන් ඉතිරියත් කියවන්න »
ටික කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා ..ඔන්න ඉතින් මන් අද කතා කරන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන .. ඒ අපේ ප්‍රවීන ගායකයෙක් වන සුනිල් පෙරේරා මහත්තයාගේ පුතා ගයාන්ලාගේ ඩැඩී සංගීත කණ්ඩායමේ දෙවනි මියුසික් ඇල්බම් එක මේ ලඟදි එළිදැක් උනා... අහපු නැති අය ඉන්නවා නම් පහල ලින්ක් එකක් ඇති බාගෙන අහන්න ..Download Arabiya full Albumසරා සිහින ඇල්බම් එකට පස්සෙ ටිකක් හිතට වැදුනු ඇල්බම් එකක් මේක . මොකද හැමෝම කරන පරිගනක ... ඉතිරියත් කියවන්න »
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පණ කඩාගෙන අරලියගහ මන්දිරයේ ඉහළ මාලයට දුවගෙන ආවේය.
“අපි ඉවරයි ශිරන්ති.. අපි ඉවරයි”
“ඇයි අනේ?” පමණට වඩා බියවීම තම සැමියාගේ ළගකදී සිට නිතර මතුවෙන ගතියක් බව දන්නා ආර්යාව වැඩි ගණනකට නොගෙන ඇසුවාය. “මොකද ඔයාට වෙලා තියෙන්නේ?”
“තවම නම් මුකුත් වෙලා නෑ ශිරන්ති,” ජනාධිපතිතුමාට කෙළ ගිලෙන්නෙත් නැත. “ළගදිම වෙන්න යන්නෙ, අන්න අර යක්කු එනවලු”
“කවුද අනේ? කියන දෙයක් තේරෙන්න කියන්නකො”
“කමිටුව ශිරන්ති කමිටුව. අර මූන් පත් කරේ”
“ඉතින් අනේ” “ඔයාලම නේද කිව්වෙ ඒකට ... ඉතිරියත් කියවන්න »
නත්තල් කාලෙට හරියන් නත්තල් සිoදුවක් ඔන්න අපෙන්......Dm ( Bar chord )C FSanta claus is coming to townC FSanta claus is coming to townC You better watch out, FYou better not cry,CYou better not pout, FI'm telling you why:C FSanta Claus is coming to town!C FSanta Claus is coming to town!C Am F G C FSanta Claus is coming to town!C He's making a list,FChecking it twice,C FGonna find out who's ... ඉතිරියත් කියවන්න »
වීරවන්ශ මැතිතුමා කළ යුතුව ඇතයි අප විසින් අපේක්ෂා කළ ආකාරයේම ප්‍රකාශයක් එම මැතිතුමා ම නොවුනත් එම මැතිතුමාගේ පක්ෂය වෙනුවෙන් පියසිරි විජේනායක මැතිතුමා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අද දින කර තිබේ. මේ ප්‍රකාශයට අනුව, බෑන් කී මූන්ගේ කමිටුවට ලන්කාවට පැමිණීමට අවසර දීමට මැදිහත් වී ඇත්තේ විදේශ අමාත්‍යන්ශයේ සිටින යූ ඇන් පියට සම්බන්ධ නිලධාරීන් පිරිසකි. හරියට, ජනාධිපතිතුමා ඇතුලු දේශප්‍රේමීන් මූන්ගේ කමිටුවට ලන්කාවට පැමිණීමට අවසර ලැබෙන තුරුම ඒ ගැන හාන්කවිචියක් නොදත්තා මෙනි.
බෑන් කී ... ඉතිරියත් කියවන්න »
ඇත්තටම නිසලද???ඔයා ඇහුවා...මතකද???මම මේ අහන්නේ ඔයාගෙන්ඔව් ඔයාගෙන්ඇහුවා නේද ඔයා???මම දැන් දෙන්න හදන්නේ උත්තරේඔයාගේ ප්‍රශ්නෙටඉස්සරනම් නෑ...දැන්නම් ඇත්තටම නිසලයි...හරියට සුනාමි ඇවිත් ගියාමමොකුත්ම දන්නේ නෑ වගේ ඉදපුමුහුද වගේ....ඇයි ඒ??ඔයා අහයි...ගොඩක් අය ඇහුවා....කියන්නම්...ඔයා එන්න.... ඇවිත් මාව කියවලා යන්න... ඉතිරියත් කියවන්න »
ඔන්න අපේ එකෙක් දුන්නා අලුත්ම අලුත් පට්ට සොෆ්ට්වෙයාර් පාරක් මට බ්ලොග් ලියන්නයි කියලා. මේක නම් පට්ට ලේසි සීන් එකක් තියෙන්නේ. එල අවුලක් නෑ මම අද පටන් ගන්නම් කැම්ප්ස් ආතල් ටිකකින්. ගනන් ගන්න නම් එපා මේ ලියුවට එක පාරටම මගේ mood අවුල් වෙච්ච ගමන් වෙන විකාර එහෙමත් ලියුවට !!!ඔන්න ඉතින් කස්ටිය දන්නව අතිනනේ කොල්ලාගේ කැම්පස් එක මොකක්ද කියලා. Sabaragamuwa University of Sri Lanka කියලා තමයි බෝර්ඩ් එකේනම් ගහල තියෙන්නේ ඒත් කට්ටිය ... ඉතිරියත් කියවන්න »
නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතීගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇතිවැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතීනොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............මතකද එදා දුර දිග බැලු දීඝායූමාතුපෝසකයි මව කර පිට පීනූදම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූවෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………-පුතාකැලුම් නිරංජන ඉතිරියත් කියවන්න »
මුලින්ම අපි බලමු ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා අපිය යොදාගත හැකි මෘදුකාංග පිළිබඳව. ලංකාවේ පහත මෘදුකාංග වැඩි වශයෙන් යොදාගනී.01. Adobe Photoshop (7, 8, CS, CS2, CS3, CS4, CS5)02. Corel Draw (11, 12, X3, X4 සහ X5)03. Adobe Illustrator04. Pagemakerග්‍රැෆික් කටයුතු වලදී ශ්‍රී ලංකාව තුල මේ මෘදුකාංග තමයි වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ. නමුත් විවිධ රටවල් වල නව පහසුකම් වලින් යුතු විවිධ මෘදුකාංග රාශියක් භාවිතා කරමින් විවිධ නිර්මාණ අංකාර ආකාරයෙන් සිදුකරයි. නමුත් මම ... ඉතිරියත් කියවන්න »
2010.12.19 දා තිබුනු SBU සුහද හමුවේ සමූහ ඡායාරූපය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කොටින්ම කිව්වොත් ඇඩෙනවා. ඇඩෙන්නනම් හේතූ 2ක් තියෙනවා. එකක් මේ ඉන්න SBU සහෝදරයෝ දැක්කම ඇති වෙන සතුටට. අනිත් හේතුව එන්න බැරිවුන එක. මොනවා කරන්නද වැකේෂන් එක සෙට් වුනේ ලබන අවුරුද්දට. මොනවා වුනත් වැඩේ මල් හතයි. අපිට ඉතින් කියන්න තියෙන්නේ SBU ගැන්සිය සදා වැජබේවා කියලා තමයි..... ඉතිරියත් කියවන්න »
'ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව හා සංවර්ධනය' යන මැයෙන් වූ මගේ පළමු බ්ලොග් සටහනට පසු එම ක්ෂේත්‍රය ඔස්සේම දිව යන තවත් ලිපියක් ලිවීමට මා සිතාගෙන නොසිටියද ඉහත කී ලිපියට ඌන පූර්ණයක් ලෙස හෝපසු වදනක් ලෙස මෙම බ්ලොග් සටහන තැබිය යුතු යයි අදහස් කලේ පලමු ලිපියේ මුඛ්‍ය හරය හා බුද්ධි ගලනය අතර යම් සංහිදියාවක් අත්දැයි ඔබේ හිතේ සැකයක් ඇතිවිය හැකියය් සිතූ නිසාය. :ඩී:ඩී විදේශ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා නියුක්ති ... ඉතිරියත් කියවන්න »
දේශීය සංස්කෘතියට හානි වන අයුරින් ඇඳුම් ඇදීම තහනම් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ පිළිබඳව අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.
Filed under: Uncategorized ඉතිරියත් කියවන්න »
උපතේ සිට මරණය දක්වා ගෙවන්නා වූ දශක කිහිපය තුල "මානවයා"නම් වූ සුවිශේෂ ජීවියාට ඉටු කිරීමට නියමිතව ඇති යුතුකම් රැසෙකි.ස්වකීය වර්ගයාගේ පැවැත්ම උදෙසාද,ජීවිත ජයග්‍රහණය උදෙසාද එහිලා ස්වකීය කායික මානසික සුවතාවය අතිශය වැදගත් වනුයේ,ඒ සඳහා වූ කාර්යපටිපාටීන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අනුගමනය කල සෞඛ්‍යාරක්ෂණ ක්‍රමෝපායයන් හා ඇවතු පැවතුම් එදා මෙදාතුර විවිධාකාර හා වත්මනෙහි වඩාත් සංකීර්ණ වුවද එහිලා ගැනෙන පරමාර්ථය නොවෙනස්ය.ඒ අනුව යුග දේශ නියමයකින් තොරව සෞඛ්‍යාරක්ෂණය උදෙසා අනුගමනිත ක්‍රමෝපායයන් විධිමත්ව පැවැත්වූ බවට ... ඉතිරියත් කියවන්න »
මේ සිද්ධ්ය උනෙ අපි 10 වසරෙ ඉන්න කාලෙ. එතකොට ඉතින් ඔය මොබයිල් ෆෝන් එහෙම එච්චර ජනපය කාලයක් නෙවෙයි. හරියටම කියනව නම් මොබයිල්ෆෝන් ආපු මුල් දවස් වල. ඒ කලෙ ඔය අපේ කොල්ලො එකෙකුටවත් ෆෝන් තිබ්බෙ නැ. ඒ උනාට හැමෝම වැඩ්ඩො වගේ තම තමන් ගෙ දෙමපියන්ගෙ ෆෝන් ගැන පම්පෝරි ගහනව කෙල්ලො ඉස්සරහ. දවසක් කට්ටියම ඉන්ටවල් එකෙදි මේ වගෙ පම්පෝරි ගහන්න පටන් ගත්තා. තමන්ගෙ තත්තාගෙ ෆෝන් එක ගැන ඉස්සල්ලම කියන්න ගත්තෙ ලියෝ කාරයා. මේ යක්ශයාට ලියො කරයා කියලා වැටුනෙත් ... ඉතිරියත් කියවන්න »
මම මේ ලියන්නේ 2010 වසරේ මම ලියන අවසාන බ්ලොග් ලිපියයි. මේ ලිපිය කලින්ම ලියලා දාන්න හිතුණා. ඉතින් 2010 වසර තුළ ගොඩක් දේ සිද්ධ වුණා. විශේෂයෙන් මගේ උසස් පෙළ දිවිය පටන් ගත්තෙත් මේ අවරුද්දේ. ඒ වගේම නත්තලත් දැන් අත ළඟ. නත්තල් උත්සවය කියන එක දැන් බොහෝවිට වාණිජකරණයට වෙලා. නත්තල් සීයා වෙළඳ සංකේතයක් බවට පත් වෙලා. නගරය, වීදිය, රූපවාහිනිය හා අන්තර්ජාලය නත්තල් වෙස් අරගෙන. නත්තල ළඟ එනවා කියලා හැමෝම කෑගහනවා. මේ විදයට සමරන නත්තල ... ඉතිරියත් කියවන්න »
2010 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමගම මේ දින වල තරුණ සිසුන්ගේ ජීවිත වල අනාගතය හාශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනය හරහා එයට ලබෙන දායකත්වය පිලිබඳව බොහෝ අයගේඅවධානයටත් කතිකාවතටත් ලක්ව ඇත. එම නිසා ඒ ගන යමක් මගේ දෘශ්ඨි කෝණයෙන් ලියා තැබියයුතු යයි සිතුවෙමි.ශ්‍රී ලංකාව තුල වර්තමානය උසස් පෙල කඩඉම තරණය කිරීමට නොහැකි වන සිසුන්ගේ අනාගතයපිලිබදව පැහැදිලි අර්බුදයක් ඇත. එහෙත් රට තුල කිසිදු අර්ථිකමය හෝ සමාජමය ගැටලුවකට පිලිගතහැකි ප්‍රායෝගික විසදුමක් ඉදිරිපත් නොකරමින්, ... ඉතිරියත් කියවන්න »
අද කියන්න යන්නෙ අනුරසිරිට වඩා අවස්ථාවන් තිබුණත් තමන්ගේ සොයා ගැනීමකට වටිනා කමක් ලබා ගත නොහැකි වූ තරුණයෙක් ගැන. ඔහුගේ නම මගේ මතකයේ නැහැ. මෙය කියවන කිසිවෙකුට හෝ එය මතක් කල හැකි නම් මා සතුටු වෙනවා. මට නිවැරදිව මතක් නොවුනත් මෙම තරුණයාගේ කතාව (ලංකාදීප/ රිවිර හෝ ලක්බිම පුවත් පතක පල වුනා)
මේ තරුණයා අමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් කෘතිම බුද්ධිය (AI – Artificial intelligence ) සඳහා වූ උපාධියක් ලබා ගන්නවා. මගේ මතකය නිවැරදිනම් එය ... ඉතිරියත් කියවන්න »
PHP වැඩ කිරීමට ඕන කරන පරිසරය සකස් කරන ආකාරය පසුගිය Post එකෙන් අපි කතා කලා ඔයාලට මතක ඇතැයි විශ්වාස කරනවා.ඉතින් , වැල්වටාරම් නැතුව අපි අපේ කතාවට බහිමු.විශේෂයෙන් PHP භාෂාවේ ගැඹුරු තැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා ආරම්භක කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න හිතුවා. සුපුරුදු විදියටම පලමුවෙන් ,අපි අපේ පලමු PHP script එක text එකක් අපේ browser එකේ display කරන්නේ කොහොමද කියලා බලමු.මේ සඳහා ඔයාලා භාවිතා කරන text editor එකේ පහත script එක ... ඉතිරියත් කියවන්න »