අපි සාමාන්‍යෙන් කඩ්ඩ කියන්නෙ ඉංග්‍රීසි බාසවට කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතින් මේ කඩුව පාවිච්චි කරන වෙලාවල අපේ අයගෙන් බොහොම සුලබ ව දැකපු වැරැද්දක් ගැන කියන්නයි හැදුවෙ..ඔයාලත් ගොඩක් වෙලාවට අහලා ඇති ඉංග්‍රීසියෙන් කතා කරන කොට කට්ටිය 'the' කියන පදය 'ද' සහ 'දි' ලෙස උච්චාරණය කරනවා. විශේෂයෙන් ඔය 'දි' කියන එක හැම තිස්සෙම ගොඩක් බර කරලා කියන අවස්ථාවල් ඔයාලා ඕනෙ තරම් අහලා දැකලා ඇති.ඒත් ඔය 'දි' කියලා කරන උච්චාරණය ඉංග්‍රීසියෙදි කරන්නෙ ... ඉතිරියත් කියවන්න »
ඉර නෑනේ හඳ පේන්නේ ලොකුවටය හිස නෑනේ හද පේමෙන් එදිරිවය දුක නෑනේ ඇය මාදත් දෙවඟනයනිදි නෑනේ මම රෑටත් අවදිවය ඉතිරියත් කියවන්න »
"නුඹ ඔතන මම මෙතන දවසක අපි අතන බලා හිදියි උන් හිදගෙන එතන........" ඉතිරියත් කියවන්න »
යුක්තියේ මූණු බැඳකොටි නගුට සඟවමින්යුරෝපීය රූකඩයාරට පෝරකයට ගෙනියන්නදඬු කඳක් ගෙනැල්ලාඅපේ සිහලයාතවමත් මර නින්‍දේඑකිනෙකා මරාගෙනකෙළ හළයිබලයටඑදා ඔබ කී දේසැබෑ වන්නටළඟයි දැන්.....ජාතියේ අවසානයද මේ?නගුට අකුලාගෙනවකුටු වී බුදියනඅලස සිහලයානැගිටවන්නටඅවදි කරමින් මගේ දේශයදම්පල් හිමියනිවඩිනු මැන.......... ඉතිරියත් කියවන්න »
"රෝස කටු" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි."රෝස කටු" කෘතිය ජයසේන ජයකොඩි මහතාගේ ජීවිත අත්දැකීම් ඇතුළත් එතුමාගේ ස්වයං චරිතාපදානයයි.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්! SETT යුනිකේත විකේතකය ගැන කව්රුත් දන්නවා ඇතිනෙ දැන්. (දන්නැත්තං මේ ලිපිය කියවන්න.) මේ විකේතකය එළිදක්වන මොහෙතෙ එය 100% ක් නිවැරදිව සිංහල පෙළ (text) පෙන්වුවෙ Firefox සහ Safari තුළ පමණයි. නමුත් ඔන්න දැන් මේ විකේතකය Internet Explorer වලත් සාර්ථකව වැඩ! IE (Internet Explorer) වල මෙය සාර්ථකව වැඩ කිරීම සිංහල බ්ලොග්කරුවන් සහ සිංහල වෙබ් අඩවි පවත්වාගෙන යන ඔබට වැදගත් වෙන්නෙ මෙන්න මේ හේතු නිසයි. ලංකාවෙ තිබෙන පරිගණක ගත්තොත් තවමත් අති බහුතර පරිගණක ... ඉතිරියත් කියවන්න »
Idea Challenge යනු .........
p { margin-bottom: 0.08in; }
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය( Institute of Engineers,Sri Lanka-IESL) සහ මොරටුව විශ්ව
විද්‍යාලයීය පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය( Computer Science and Engineering
department, University of Moratuwa -CSE,Uom) එක්ව LakApps අනුග්‍රාහකත්වයෙන්
සංවිධානය කරනු ලබන පාසල් මට්ටමේ තරඟාවලියකි.
p { margin-bottom: 0.08in; }
ඔබ මේ සඳහා සහභාගි විය යුත්තේ ඇයි?
මෙය ජාතික මට්ටමේ වේදිකාවක ඔබගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වටිනා අවස්ථාවකි.
ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග සහ සහතික පත්‍ර Techno 2011 ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ... ඉතිරියත් කියවන්න »
අපේ රටේ රූපවාහිනී නාලිකා හත අටක්ම තියෙනවා නේ.ආ මං කිව්වේ මේ හතර වටේටම පේන සිංහල චෑනල්ස්.ඉතින් මේ හෑම එකක්ම ප්‍රවෘර්ති කියන්න පුදුම තරගයක් නේ දෙන්නේ.නිව්ස් වලින් ෆස්ට් අය,සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමට ලක් කොරන අය,අංක එකේ විස්වාසනීයම ප්‍රවෘර්ති සපයන්නෝ, ඒතකොට ආන්ඩුවට කඩේ යන අය තව මෙකී නොකී විවිධාකාරයේ තේමාවන් යොදාගෙන රූප පෙට්ටියෙන් කියවනවානෙ.ඉතින් මේ කොයි කවුරුත් මොනවා කොහොම කිව්වත් මේ අය මේවා ඉදිරිපත් කොරන්නේ යටි අරමුනකුත් දිව අස්සේ හංගගෙන කියලා ... ඉතිරියත් කියවන්න »
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේශාන්ත කෲස් නගරයේ ආපනශාලාවක ඇතුලත දර්ශණයයි. මත්පැන්බෝතල් රාක්කයේ උඩ තට්ටුව ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ විවිධආකාරයේ බුදු පිළිම තැබීමටය. dhamsara ඉතිරියත් කියවන්න »
සුපිරි සිනා සපිරි කෙලිලොල්පාසැල් සමයේ දිනු ආදරය...සැඩ පහර සමගින් ගල්අතුපතර බිදෙමින් වැටෙමින් ගොඩ නැගු පිවිතුරු ප්‍රේමය..පටන් ගත් දා පටන්ප්‍රශ්ණ පත්‍රයක් වූ අපේ ආදරය..පිලිතුරු ලීවේ ඔබත් නොව මාත් නොව ?ඉර සඳ තාරුකා වලට ජීවිතයලියන්නට ඉඩ දුන්න දෛවයමාද අහිංසකය..ඔබ ඊටත් අහිංසකය...සියල්ල සපිරුණු ලොවකඅපට තිබුණ මුත්..පූජාසනය මත පුදන්නට වෙර දැරී ආදරය...වැදුණු පා පහරට සුණු විසුණු වියතනමින් තිබු කුරුලු කුඩුව...ඔබගේ අහිංසක වතින් ගලා යනවාදිටිමු පුංචි කඳුලු බිදු...සමාවෙයන් මට පුංචි සඳ සාවියේ..එකලු කරන්නට බැරි උනාට ... ඉතිරියත් කියවන්න »
යුධ අපරාධ ගැන ආයෙත් කතා කරන්න පටන් අරං. අපේ රටේ කාටවත් ප්‍රශ්නයක් නොවිච්ච යුධ අපරාධ , ජාත්‍යන්තරයට මෙචචර ප්‍රශ්නයක් උණේ කොහොමද කියන එක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි ඔය කියන අපරාධ සිංහල මිනිස්සුන්ට එරෙහිව සිද්ධ උණානං, අපේ මිනිස්සු කටවහං ඉදීද කියන ප්‍රශ්නෙ බැචාට තියෙනවා. මොනව උණත්,live @ 8 එකෙන් පෙන්නපු ලස්සන දර්ශන ටික හැරුණම යුද්ෆධදි උණේ මොනවද කියල අපි කවුරුත් දැක්කෙ නෑ. ඉතිං ඒ ගැන හරි නිගමනයකට ... ඉතිරියත් කියවන්න »
"මම මොකෙක්ද?" කියන ප්‍රශ්නෙට සමහරු පිස්සෙක් කියයි. තවත් සමහරු එක එක දේවල් කියයි. අන්තිමට ඉතුරුවෙන උත්තරේ "මොකෙක් හරි". ඉස්සර අහලා තිබ්බා වෙන්නන් වාලේ මොකෙක් හරි නොවී අරමුණකට ජීවත් වෙන්න කියලා. ඒත් මට ඕක පේන්න බැරි දෙයක්. එනිසා ඉස්සරත් "ලොකු උනාම කවුරු වෙන්නද ආසා?" ඇහුවම, මම මොකෙක්ද වගේ බලාගෙන ඉන්නැති.ඒත් ඔය "මොකෙක් හරි" කියන භූමිකාවේ මම වෙනස් වෙවී චරිත රඟපාන එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ප්‍රදර්ශන තියලා නැතත් ඇහැට සෙට් ... ඉතිරියත් කියවන්න »
ලංකා ඊ නිව්ස් අඩවියට ද තිත තබා තිබේ. ඉදිරියේදී තව තව බොහෝ දේට තිත තබනු ඇත්තේය. "උන්ගේ" නොවන මතයට, "උන්ගේ" නොවන පත්තරයට , වෙබ් අඩවියට පමණක් නොව "උන්" සමඟ නොවන සිනාවට ද තිත තැබෙමින් ඇත්තේය. ආඩම්බරකාර තාත්තා ප්‍රමුක නෑසියන්ට, ගෝල බාලයන්ට ගෝචර නොවන සියල්ලට තිත තබන්නට උන් සැදී පැහැදී සිටිති. උන්ට තිත තබන්නට සෙට් වෙන්නේ කවදාද?? Video from slcolombo2 ඉතිරියත් කියවන්න »
ඇහැරිලා ඉන්න විටනිතර මොරදෙන උඹට වඩාකොට්ටේ වෙනුවටමගේ අත බදාගෙන නිදියන උඹට මම ආදරෙයි ආදරේ කියලා හිතන එකආදරේ නොවුනත් එහෙම හිතන එකත්සැපක් වර්තමානය අමතක කර තුරුලු වෙන්නනිදියන්නනොම ඇහැරෙන්නකොහොමත්නිස්කාරනේ මගේ බෝතලේටවිරුද්ධවනිතර මොරදෙන නුඹට වඩාබොඳ වෙච්චි ඇස් අස්සෙන්පේන මයේ අතට ගුලි වෙච්චිඋඹට මම ආදරෙයි. ඉතිරියත් කියවන්න »
ඔබ තවමත් සඳ එළියයි සමහර විට ඔබ සුකුමාලයි සමහර විට ඔබ සුර දූතියක් ඔබව දුටු විට සිත ඇදී යනවා සමහර විට ඔබ දෙවියන්ගේ තිළිණයක් අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි ඔබ ලැජ්ජාවෙන් ඉවත බලා සිටියත් ඔබ සතුටින් ... ඉතිරියත් කියවන්න »
සොයුරියසුරැකිව තිබුණි නම්නෙතු යුගලනුඹේ...විඳින්නටනොවඅසිරිලොවෙහි...දැකගන්නටපමණක්අසිරිනුඹ මුවෙහි... ඉතිරියත් කියවන්න »
සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් මෙන්න මේ පොත් ටික හොයා ගෙන කියවල බලන්න කියල ඉල්ලා ... ඉතිරියත් කියවන්න »
නිවාඩුවට ලංකාවට ගිහින් හිටපු නිසා බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුණා නේ. ඉතින් කාලෙකින් අළුත් පොතක් දෙන්නත් බැරිවුණා. මෙහේ වගේ අසීමිතව අන්තර්ජාලේ පාවිච්චි කරන්න තාම මටනම් අවස්ථාවක් ලංකාවේ නෑ... ඒව වැඩක් නෑ..... මෙන්න ගෙනාව පොතඅමා වතුර රචනා කරල තියෙන්නේ ගුරුළු ගෝමීන් විසින්. අපගේ ශාස්තෘ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුරිස දම්ම සාරතී ගුණය වර්ණනා කිරීම සඳහා තමයි ගුරුළුගෝමීන් විසින් මෙය රචනා කරල තියෙන්නේ ..... ඉහත පින්තූරය click කරල PDF ගොනුව භාගත කරගන්න ... ඉතිරියත් කියවන්න »
අනේ ගොර්කී ,ආන්න අර සෙලලකාර රාජ කුමාරයාපාවෙල් ව්ලාස්ව්ට,නීල්ව්නාටබය වෙලාතව ටික දවසකින්ගම්පෙරලියත්තහනම් කරාවී............. නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට...... ඉතිරියත් කියවන්න »
ලස්ස්නන පවුලක්..ජිවිතෙ පටන් ගත්තු කාලෙ ඉදලම හැම කෙනෙක් ගෙම හිතෙ තියෙන අහින්සක බලාපොරොත්තුවක්.. ඒත් මේ ජිවිතේ හැමොටම සුරන්ගනා කතා වල වගෙ ලස්ස්න පවුලක්.. එ අහින්සක සෙනහසක් ලැබෙන්නෙ නැ....මම මේ ලියන්න යන්නෙ මගෙ අක්කා ගැන..ඔව්...මට එක කුසින් උපන්න අක්ක කෙනෙක් හිටියෙ නැ..හැබැයි මුලු ජිවිත කාලෙම මම ආසවෙන් හිටපු කෙනෙක් තමා ලොකු සහොදරියෙක් ...ජිවිතෙ තිරනයක් ගන්න බැරි වුනාම.. හිතෙ තියෙන දුක තනියම දරා ගන්න බැරි වුනාම එ දෙවල් කියාගන්න පුලුවන් තරම් හිතට ... ඉතිරියත් කියවන්න »
පාට පියරු සුවද ඇග තැවරූ චරිතද කථා,දෙබස් තිර පිටපත් වනපොත් කල චරිතද පමණි ඇත්තේ නැත අරුතක් ජීවිතයට ටෙලි නාටකය ඉතිරියත් කියවන්න »
පායන සඳටබැහැ නොවැ උපමා දෙන්න....සුරතල් දියණියේ මුව හසරැළි ලන්න...........අරුණළු සමඟනව ලෝකය දැක ගන්න...........දිගු කල් දිනේවාදිවි මඟ ජය ගන්න............ ඉතිරියත් කියවන්න »
පහුගිය දොහේ අපේ ලොක්කාගේ වෙඩිම තිබ්බාය.අපිත් මහත්සේ සන්තෝසයෙන් එයට සහභාගි වුනෙමි..මන්ද යත් අවුරුදු 38ක් තිස්සේ තනිකඩව සිටි ඔහු හිරේ විලංගුවේ වැටීම ඔහුගේ දෙමාපියන්ගේ එකම අභිලාෂය වූ බැවිනී.දුරු කතර ගෙවාගෙන පසුගිය හෙනනුරාදා හවස් ජාමයේ අප බෙලි අත්තට පා තැබුවෙමි..වෙන්න නෑනා විසින්ම සොයාදුන් හෝටලයක අප රාත්‍රිය ගත කරන ලදී.. ශනි දින උදෑසනම මනමාලිගේ නිවසට ගොස් හවස් ජාමයේ අප ඇයවත් කැන්දාගෙන ලෑල්ලටම පාගා කොළඹට පැමිනියේ සුනාමි එනවායැයි බියෙන් නොවන්නේහිය.ලොක්කාව අමාරුවේ දැමීමට මූලික අඩිතාලම දැමුවේ ... ඉතිරියත් කියවන්න »
හිපො කියුවම අමුතුවෙන් කියන්න ඕනී නෑ නෙව. වර්ගයේ හැමොම වගේ මාත් අම්බානක් කම්මැලි. නිදියන්නමයි හිත යන්නේ. ඒකට තවත් හෙතුව තියෙනවා. මගේ නිර්මානාත්මක හැකියාව මල් පල ගැන්වෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවටම විතරයි. අනිත් එක ලස්සනට ඉන්න, මගේ බියුටි නැප් එක ගන්නත් එපැයි. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇයි නිදාගන්න කැමැති කියලා. ඔන්න ඉතින් මේකත් ඔය නිර්මාණාත්මක හැකියාව ඉස්මතු වු අවස්ථාවක්. ටිකක් මෑතකදි වුනු සිදුවීමක්.ඔපිසියේ බොසා කියුවම පොඩි කාලෙ ඉඳන් මගේ හිතෙ හිටියෙ ඉතා භායානක ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතිං
ඔයා හරි නරකයි
මමත් නැති වෙලා වේ
මගෙ ගෙදර දුවන්නේ
ගෙදර අය රිද්දන්නද?
මතකද එක පාරකුත්
මං ඉන්න කොටම ඇවිත්
අරන් ගියා බඩු මුට්ටු
ඇඩූ කඳුලින් අපි හිටියෙ
මතක් වෙන කොටත් ඇඟ කිලිපොලනවා
පුංචි සන්දියේ නම්
සැර නෑ ඔයා ඔහොම
දැන් තමා ඒකටත් එක්ක
හුඟ කාලෙකින් දැක්කෙ නැති නිසා
හිතුවෙ ආයෙත් එන්නෙ නෑ කියලා
ඉස්සර ඔයාට
අපි තරඟෙට ගල් ගහනවා
ඒ තරහටද
තාමත් අපි හොයාන එන්නේ?
මුතු ඉවුර කඩා ගෙන
කළු ගඟේ සුළි එක්ක
හෝ ගගා මොර දිදී
රෑ පානෙ ආවොතින්
කපනවා වැලි ඉවුර
කළුතරින් චුත වෙන්න
... ඉතිරියත් කියවන්න »
විභාගෙ නිසා පහුගිය ටිකේම පිස්සු හැදෙන විදියට නිදිමැරුවා. දෙයියනේ කියල ඊයෙ තමයි විභගෙ ඉවර වෙලා ගෙදරට ගොඩබැස්සෙ. දැං ඉතිං දවස් දෙක තුනක් නිදහසේ ඉඳල ආයෙ ඊගාව සෙමස්ටර් එකට ලෑස්ති වෙන්න එපැයි. නිදහසේ ඉන්න කිවුවට ඒකත් ෂුවර් නෑ අප්පා... විභාගෙ නිසා මග ඇරුණු අවුරුදු නෑ ගමන් ටික ඔන්න අම්මා ලෑස්ති කරගෙන. දැං ඉතින් මේ වැස්සෙ පලයල්ලකෝ නැ ගමන්.. :@අද මේ ලියන්න හදන මාතෘකාව ගැන මතක් වුනේ විභාගෙට පාඩම් කරමින් ඉන්න කොට. ... ඉතිරියත් කියවන්න »
ඔන්න මේක තමයි කිරිබණ්ඩ ගෙ කතාවෙ අතුරු කතාව. මුල කතාව බැලුවෙ නැති අය ඉන්නව නම් Turning Point කියන කතාව මුලින්ම බලල එන්නකෝ...
ඉතින්, පිහියෙන් ඇනල තුවාල වෙලා ගෙනාපු කිරිබණ්ඩව අපිට බේරා ගන්න බැරි ... ඉතිරියත් කියවන්න »
උබුන්ටු 11.04 ත් ඔන්න අද නිකුත් කරලා....ආසයිනේ..
අද දවස උබුන්ටු වලට අසා කරන ගොඩක් දෙනෙක් බලන් හිටපු දවසක්...මොකද මාස 6 න් 6 ට උබුන්ටු අලුත් සංස්කරණයක් එලියට දනවනේ. මෙ පරනම් Natty Narwhal ... ඉතිරියත් කියවන්න »
හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ... ඉතිරියත් කියවන්න »
මාසයක් නිදිමරාගෙන පාඩම් කරලා දෙයියනේ කියලා විභාගෙ නම් ගොඩ දාගත්තා. ප්‍රතිඵලේ දෙයියන්ටම බාරයි. දැන් ඉතින් කටු ගැහිලා ඉන්නේ. මේ දවස් වල පාරේ යන්නත් බයයි, ධාරානිපාත වැසි ඇද හැලෙනවනේ. බැරි වෙලාවත් වැස්සත් එක්ක එන හුළගකට මාව ගහගෙන ගියොත් කෑල්ලක්වත් හොයාගන්නම් හම්බවෙන්නෙ නැනේ :-D කොහොම වුනත් විභාගය අපිව ඉවර කරලා මේ දවස් වල පොඩ්ඩක් නිදහසේ ඉන්නවා :) ඉතින් ඔහොම ඉන්න අතරේ එක දවසක් මම මගේ සහයට ඩැනියෙල් ... ඉතිරියත් කියවන්න »
හප්පේ..... යාන්තං එග්සෑම් එකනං ඉවර වුණා. දැං ඉතිං පුදුම නිදහසක් දැනෙනවා. දෙයියනේ කියල ටික දවසක් නිදහසේ ඉන්න පුලුවන්. ටික දවසකිං බ්ලොගේ ලියන්නත් බැරි වුනානෙ. බ්ලොගෙ පටන් අරන් අවුරුදු දෙකටත් වැඩිද කොහෙද. ඒත් තාම පෝස්ට් 50ක් ලියලත් නෑ. :D ඒ තරං වේගෙන් කොහොම ලියනවද මන්ද මේ බ්ලොග් ලියන ඈයො :Dඅද බ්ලොග් එකෙං මං මේ කියන්න ලෑස්ති වුනේ මේ අපි ගොඩ දෙනෙක් මූන දීල තියෙන දෙයක් ගැන. මහා ලොකු දෙයක් නං නෙමේ. ... ඉතිරියත් කියවන්න »
මේ කතා සිද්ධිය ගොඩ නැගෙන්නේ එකදාස් නමසිය බර ගනං වල සිද්ධීයක් විදිහට, සපුගස් කන්ද කණිෂ්ඨය හෙවත් වර්තමාන සෝභිත විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන බුද්ධීමත් ළමයෙක් වටා. මේ අති බිහිසුනු සිද්ධිය හෙවත් අවසන් ලියමන ලියන්න කියලා බල කරන්නේ එම වසරේ උගන්වපු පාසල් ගූරුතුමිය විසින් බව තමයි ආරංචිය. පහවසර කඩ ඉම් විභාගය හෙවත් ශීෂ්‍යත්වයට අදලා පැවරුමක් විදිහට පාසල් ගුරුතුමිය කියනවා පන්තියේ ළමයින්ට ලියමනක් ලියාගෙන එන්න කියලා. කාටද ලියුම ලියන්න කියෙන්නේ...... ඔව් ඔව් ... ඉතිරියත් කියවන්න »
පොඩිම පොඩි නිදහසක් තිබුන නිස පොඩ්ඩක් බ්ලොග් එකට ඔලුවදාල බලන්න හිතුන.දීමනා, ඩොමෙන් ගැන ටිකක් වඩියෙන් කතාකරපු නිසා ගැන ලියන්න හිතුන.වෙබ් ට්‍රෆික් ගැන කතාකරනකොට Facebook වලින් පස්සෙ ප්‍රදාන තැනක් Twitter වලට තියනව.ඒ නිසාම Twitter වල Follow කරන ගාන ටිකක් වැඩිකරගෙන,ඒකෙන් වෙබ්ට්‍රෆිච්ක් වැඩිකරන හැටි කියාදෙන්නම්මේ ලිපියෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නෙ Web Traffic වලට වඩා Follows වැඩි කරගන්න ආකාරය ගැන
ඉතිරියත් කියවන්න »
අරුණිගේ ගිණි නිවන හමුදාවේ බෙල්ලෝ උත්සවයෙන් බොහෝ දෙනාගේ අවධානය පොඩ්ඩක් “අර පැත්තට“ හැරිච්ච නිසා, ඒ පැත්තට සම්බන්ධ ලිපියකින් ඔබට දැනුවත්කරන්න හිතුවා. සමාජයේ හැම වයස් මට්ටමකම අය බලන නිසා මේ ලිපිය ඉතින් බර අඩු කරලා තමයි දාන්න වෙන්නේ… ඒ විතරක්ම නෙවෙයි, දැන් දැන් ඇල්කෙමියාගේ රසායනාගාරය ටිකක් රසායන විද්‍යාවට සම්බන්ධ එහෙත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගන්න පහසු ලිපි දාන්න හිතුවා. ආයමත් කියනවා, ඔබේ ඉල්ලීම් තියෙනවා නම්, අනේ ලියලා එවන්න… දන්න විදියට කියලා දෙන්නම්.
ව්‍යාඝ්‍රාවල ඉතිහාසය.
ව්‍යාඝ්‍රා ... ඉතිරියත් කියවන්න »
ගොඩාක් දවසකිං ජනූ ළමය කතාවක් කියන්ඩයි යන්නෙ....කට්ටියට ජනු ළමයව අමතක වෙලත් ඇති නේද දැං???මේක ජනූ ළමය ම්..... පහ වසරෙදි විතර වෙච්ච වැඩක්...ජනූ ළමය පුංචි කාලෙම එයා ගොඩාක් ආදරේ කරපු එයාගෙ කිරි අම්ම දිවියලෝකෙ ගියානෙ...රෑට නිදාගත්තෙත් කිරිඅම්ම ලඟ හිංද ජනූ ළමයට හරීම දුකයි, පාලුයි...අම්මෙ දැං මං රෑට දොයියන්නෙ කා එක්කලද??දැං ඉතිං හැන්දෑවට මල් පූජ කරන්නෙ කා එක්කද??මතක් වෙන ගානෙ ජනූ අම්මගෙං ඇහුව...අම්ම කිව්ව ජනූට මල්ලි බබා ලඟින් දොයියන්ඩ කියල.හවසට මල් කඩාගෙන ඇවිත් කිරිඅම්ම කියල ... ඉතිරියත් කියවන්න »
මෙය අපි ඊයේ පෙරේදා ගිය වෙරි ඉකොනොමිකල් හදිසි ට්‍රිපක් වූවාය. ප්ලෑන් කර ට්‍රිප් යන්නට මේ ටිකේ අතේ මිටේ මුදල් නැත්තාහුය. මේ සඳහා වියදමකට ගියේ මැගී 4ට රුපියල් 200ක් සහ ප්‍රෙටල් වියදම පමණක් මැ. එසේ වූ කතාව මේසේ යැ.එදවස පසු ගිය 17 වැනිදා විය. අවුරුද්දට කියා නෑයෙක් මුනිච්චි වෙනවත් කොයි අහක වත් නොගිය මා හට කදිම සිතක් පහල වීය. මේ මනරම් බක් මසයි. එක් පසෙකින් රබන් සුරල් යැ. අනෙක් පසින් කොවුල් ... ඉතිරියත් කියවන්න »
මෙකනම් පොඩි ඇඩ් එකක්.ඒ නිසා Official විදියට දාන්නම්.
PLATINUM web solutions ආයතයේ මහරගම ශාකාව සදහා පහත සදහන් පුරප්පාඩු සදහා අයදුම් පත් කැදවනු ලැබේ.
අලවි ප්‍රවර්දන නිලදාරින්.(Marketing Executives)
සුදුසුකම් 1.වයස අවුරුදු 35ට අඩු විය යුතුය.2.අපොස ස/පෙ(O/L) සමත් වීම.3.කාර්‍යශූරව අපගේ සේවාවන් සෙවාදායකයන් වෙත හදුන්වා දීමට,පීඩනය දරමින් ව්‍යාපාර ඉලක්කයන් කරා යාමට හැකියාව.4.අබියොග බාර ගැනීමේ හැකියාව.5.හොද සන්නිවෙදන කුසලතා.(communication skills)* අලවි ප්‍රවර්දන විශයේ පලපුරුද්ද විශේශ සුදුසුකම්ක් විය හැකිය(job experience ).*වෙබ් නිර්මානකරනය පිලිබදව දැනුම අවශ්ය නොවේ.වැටුප මුලික වැටුප රු: 12 000 + ... ඉතිරියත් කියවන්න »
මල්ලි මම සේරම දින්නා කියලා හිතුවට අන්තිමට ලොකුම දේකින් ආයෙත් පැරදුනා..මම 10 වසරට වෙනකන් විතරයි ඉස්කෝලේ ගියේ,,,ගෙදර තිබුන බර මට කරගහන්න උනා.ඉස්කෝලෙන් නැවතිලා මම මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න ගියේ,,ඒ වෙද්දී මගේ තාත්තගේ රස්සව උනෙත් මේසන් වැඩේ,,එයා හොද බාස් කෙනෙක් ඒ හැකියාව මටත් ඔහොම්ම පිහිටලා තිබුනා...මාස 6ක් වෙද්දී මමත් මේසන් හැන්ද අතට ගත්තා. බාස් කෙනෙක් නොවුනත් මේසන් හැන්ද මට ඉක්මනින්ම හුරු උනා.මම ගොඩක් මහන්සියෙන් වැඩ කලා පවුලේ තාත්තයි මමයි වැඩ ... ඉතිරියත් කියවන්න »
දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්.මම හිතන දුක වෙන එකක්..දුක කියන්නේ දුක මගාරින එකනම්..මම කියන දුක වෙන එකක්...දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්..මම හිතන දුක වෙන එකක්...ඇත්තටම දුක කියන්නේ මොකද්ද?මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද?මේකට කියන්නේ වෙන එකක්..දුක නෙමෙයි..ඇත්තමයි.... ඉතිරියත් කියවන්න »
තාත්තා - “මොකද ලොකූ“අක්කා - “මොකද තමා“ මම - “ඇයි පුතේ“අක්කා - “අදත් ඉස්කෝලෙ ප්‍රශ්න ඇහුවා... අපිට එකකටවත් උත්තර දෙන්න බැරි වුනා... “මීට කලින් දවසක පන්තියේ ගෑණු පිරිමි දෙගොල්ල අතරේ තරඟයක් තියල තිබ්බා.. පිරිමි ළමයෙක් ප්‍රශ්නයක් ඇහුවම ගැහැණු ළමයි උත්තර දෙන්න ඕනා.. ගැහැණු ළමයෙක් ඇහුවම පිරිමි ළමයි උත්තර දෙන්න ඕනා... ගෙදර ඇවිත් කිව්වා මතකයි එයා විතරයි උත්තර දුන්නේ... කෙල්ලො එකෙක්වත් පාඩම් කරල නෑ අම්මෙ කියලා.. මම - “ඉතිං මොනද උනේ ... ඉතිරියත් කියවන්න »
නුඹව සොයා දිව එන්නට ආසයි
දිව ඇවිදින් සිප ගන්නට ආසයි
බැදි බැමි සිදලනු නොහැකි නිසා යලි
කදුලු සලා දැන් දෙනෙතට වෙහෙසයි ඉතිරියත් කියවන්න »
මෙක දන්න අයත් ඈති .ඒ උනාට නොදන්න අයත් ඉන්න නිසා දාන්න හිතුනා .ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් twiends.com ලොග් වෙන්න . Twitter හරි Facebook එකවුන්ට් එකක් තියනවනම් වෑඩේ ලෙසියි. මෙකෙන් දවසකට ලයික් 500ක් උනත් ගන්න පුලුවන්. කරලා බලලා කොමෙන්ත් එකකුත් දාන්නකො.
…ආ තව එකක් ඔකේ ෆ්‍රි සිඩ්ස් ගන්න ක්‍රමයකුත් තියනවා. හෑබයි මෙකට twitter එකවුන්ට් එකක් කනෙක්ට් කරලා තියෙන්නෙ ඔනේ.
එක කරන්න්නේ මෙහෙමයි
ඉස්සෙල්ලම මෙතෙන්ට යන්න.
ඊට පස්සේ ... ඉතිරියත් කියවන්න »
සැලකිය යුතු විදේශික ශ්‍රම බලකායක් ඇති රටක ප්‍රශ්ණ සමුදායකට මුහුණපානත් වෙනවා. තම ජන කොටස වල සංස්කෘතික රටාව, ජන ජීවිතය, ආර්ථිකය, සිවිල්, ආරක්ෂාව ආදී විවිධ පැතිවලට මින් සිදුවන බලපෑම් විහිදෙනවා.උදාහරණයක් ලෙස මෑතක පලවූ සංඛ්‍යාලේඛණ අනුව මැදපෙරදිග විශාලතම රට වන සවුදි අරාබියේ ජනගහණයෙන් 20% කට වඩා ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 75% කට වඩාද විදේශික ප්‍රජාවක් ජීවත්වේ.විදේශික ශ්‍රමිකයින් සඳහා වෙන නවාතැන් පහසුකම් සැකසීමේ දී මෙවැනි කරුණු සැලකිල්ලට ගෙන ඇති බව දිස්වේ. තවද ... ඉතිරියත් කියවන්න »
========
අනර්ඝ තත්වයේ
පාවිච්චි නොකළ
බූට් සපත්තු
විවිධ වර්ණයෙන්
කැමති ප්‍රමාණයෙන්
විකිණීමට ඇත……
එක සපත්තුවක් ඇති අයට
අනෙක සඳහා සිත්ගන්නා සුළු මිළ අඩු කිරීම්!!!!!!
පළමු 10 දෙනාට 10% වට්ටමක්!!!!
ඉක්මන් කරන්න.. තොග සීමිතයි.
ඉතිරියත් කියවන්න »
මට මතක ඇති කාලෙක ලැබුනු මුල්ම වටිනා තෑග්ග තමයි "පහ වසරෙදී අප්පච්චි අරන් දුන්න අත් ඔරලෝසුව".ඒ කියන්නේ ඊට කලින් තෑගි දැකලාවත් නෑ කියන දේ නම් නෙවේ.. උපන්දින වලට,ඒ ඇරුනම අනං මනං තෑගි ගොඩාක් ලැබුනත්.. පහ වසරෙදී ලැබුන තෑග්ග විශේෂයි.මට හිතෙන්නේ අධ්‍යාපනයෙන් මං අද ඉන්න තැනට එන්න ඒ තෑග්ග ලොකුදෙයක් කරන්න ඇති.. මම පංතියේ හතරවෙනියා වුනා කියලා තමයි එදා මට අප්පච්චි එහෙම තෑග්ගක් ගෙනත් දුන්නේ.හැමෝම හිනාවෙයි.. 1,2,3ට ඇර 4ට තෑගි ... ඉතිරියත් කියවන්න »
සයුර, නුඹ අද දුර ය.ඔතා සියොළඟ සුළඟවසා නිල් රැළි දෙනෙතවහා පිබිදෙන දකුණ වෙරළ තල සිප වැළඳහොරැහිනිදු නොබලා ම මහා සොම්නසකින් නුබ නැගෙනසයුර, නුඹ අද දුර ය. ගිනි අව්ව සෙනෙහසින් උරා බොනපෙම්වතුන්ගේ කුඩ මත ඉහෙනරිදීවන් ලවණ බිඳු දිළිහෙමින් ඉඟි මරන.. ඒ වුනත්...ඒ අව්ව මට කළුවර ය. ඉතිහාසයේ පිටුවකගාලු මුවදොර වෙරළ කෙළවරකිසිවෙකුට නොදන්වා නික්ම ගියකැස්බෑ මළ ගමක් අභියස නුඹ පැන් වැඩූ ඒ රාත්‍රිය නුඹේ රළ රැළි ඉකියට අප සුසුම් මුසුවුණසෞම්‍යවූ තෙත බරිත මුදු සුවඳඑක ළඟින් අප ... ඉතිරියත් කියවන්න »
නමෝ බුද්ධාය..!!!දයාබර යාලුවනේ,අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට තව තිබෙන්නෙ සති දෙකකට ටිකක් වැඩි කාලයක් විතර යි. ඉතින් ඒ අසිරිමත් දිනය උදාවන තෙක් බලා සිටින අපි හරියට පරිස්සම් වෙන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා...ඔබ දන්නවා, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ, ලොකු බලවේගයක් සමග සුවිශාල යුද්ධයක් කරල යි. ඉතින් ඒ බලවේගය අදත් මේ ලෝකය පුරා ම තමන් ගේ අනසක පතුරුවනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධත්වය උදෙසා සැබෑ ම උපහාරයක් ... ඉතිරියත් කියවන්න »
සතුට පතා බීවහ,ඒත් අවසානයේ ඉතිරි වූයේ අසතුටය.සමාජශීලී වීමට බීවහ,ඒත් අවසානයේ වාද විවාදවලට පැටලූනහ.මිත‍්‍රත්වය සඳහා බීවහ,ඒත් අවසානයේ සතුරෝ වූහ.පණ්ඩිතකම පෙන්වීමට බීවහ,අවසානයේ තම අමනෝඥකම පෙන්වූහ.සුව නින්ද පතා බීවහ,අවසානයේ අධික වෙහෙසට පත් ස්වරූපයකට පත් වූහ.ශක්තිය පතා බීවහ,අවසානයේ බෙලහීනයෝ වූහ.උනන්දුව ඇති වීම සඳහා බීවහ,අවසානයේ මන්දෝත්සාහී ස්වරූපයකට පත් වූහ.සෞඛ්‍ය හේතු දන්වා බීවහ,පසුව වෙනත් සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කර ගත්හ.සන්සුන් සිතක් පතා බීවහ,අවසානයේ නොසන්සුන් පිරිසක් බවට පත් වූහ.වඩාත් හොඳින් සාකච්ඡුා කිරීමේ අපේක්ෂාවෙන් බීවහ,අවසානයේ තැනට නොගැළපෙන ලෙස දොඩමළු ... ඉතිරියත් කියවන්න »
යක්කු ගස්නගින වෙලාව පහුවෙලා පැය බාගයක් විතර ඇති. ඈතින් ඇහෙන ට්‍රොලියක කබල් සද්දෙන් ලෙඩෙක්ගෙ ටිකට් එකක් බලබල හිටපු මගෙ රාජකාරිය නවත්තල දාන්න වුනා. මොකද ට්‍රොලියකින් එන්නෙ අමාරු ලෙඩෙක් බව දන්න හින්ද.
... ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සේ ඔන්න ආයෙත් මට බ්ලොග් එකක් තියෙනවය කියල මතක් වුණා. එහෙම මතක් වුණ වෙලාවට කවුරු බැලුවත් එකයි නැතත් එකයි කියල මොනව හරි කොටන එක තමයි මගේ පුරුද්ද. මම මේ නිදි මරණවා. දැන් ඒක පුරුද්දට ගිහින් වගේ. රෑට ඇහැරිලා ඉඳලා දවල්ට නිදා ගන්නවා. මේ දවස් ටිකේ නම් හක්කෙ දතක කැක්කුමකුත් අල්ලන්න ගත්ත හින්දා හරියට නින්ද ගියෙත් නෑ. ඒ විතරක්යැ! මේ දතේ කැක්කුම නිසා අල වෙච්ච වැඩ කෝටියයි. පහළින් තියෙන්නෙ ලිස්ට් ... ඉතිරියත් කියවන්න »
මීට දින කීපයකට පෙර නැරඹූ සහ අන් අය සමගින් බෙදාගත් වීඩියෝවක් පිළිබදව තබනා පසු සටහනකි මේ... Master Sir Coverd by Nadeeka n Indrachapa ©A9™ Collections.flv යන හෙඩිමෙන් යුත් වීඩියෝව Youtube ඔස්සේ නැරබීමෙන් පසුව එම වීඩියෝවට යන පාර ෆේස්බුක් වෝල් එක මතද ඇලවූයේ එම වීඩියෝවෙන් අමුතුම ආකාරයක වින්දනයක් ලද නිසාවෙනි. ගායක ගායිකාවන් කිපදෙනෙක්ම කීප ආකාරයකිං ගායනා කර ඇති මාස්ටර් සර් ගීතය තවත් වෙනස් ආරකට නදීක ගුරුගේ සහ ඉන්ද්‍රචාප ... ඉතිරියත් කියවන්න »
මේ මාගේ තෙවන ලිපියයි.පෙර ලිපි වලට ලැබුන ප්‍රතිචාර නිසා තවත් ලිපියක් ලියන්න හිතුනා.මෙ ලිපියෙන් මා කතා බහ කරන්න යන්නේ සෙවුම් යන්ත්‍ර හෙවත් search engine ගැනයි.
ඔබ දන්නවා අන්තර්ජාලයේ තුල මේ සෙවුම් යන්ත්‍ර කොපමන සේවයක් කරනවාද කියා.ඒ ගැන අමුතුවෙන් සදහන් කරන්න වුවමනා නෑ.මෑත වකවානුවෙ අන්තර්ජාලයේ මහා දැවන්තයෙක් ලෙස google සමාගම ඉදිරියෙන් ඉන්නවා ඒ අතර yahoo,Bing යන සමාගමද දෙවනුව සහා තෙවනුව සිටිනවා.මේ ලිපිය මගින් මම Google සෙවුම් යන්ත්‍රය ගැන විවරණයක යෙදෙන්න සිතුවා.
Google කියන්නේ ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්! ඔන්න කියන්නත් සන්තෝසයි, මගේ මේ හෙළ බ්ලොග් සටහනට අදට වසර දෙකක් සපිරෙනවා. ඉතිං මේ සටහන ලියැවෙන්නෙ අන්න ඒ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්. 2009 වර්ෂයෙදි තමන්ටම කියලා අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තට පස්සෙ මේ සිංහල බ්ලොග්කරණයට මං පිවිසුනු හැටි, මීට හරියටම වසරකට කලින් අද වගේ දවසක, මේ බ්ලොග් සටහනට වසරක් සපිරුණු දා සටහනක් තැබුවා ඇතැම්විට කියවන්න ඇති. ඉතිං ඒ අතීත කතාව ආයෙමත් කියන්න යන්නෑ. ඒත් අද මේ තෙවන වසරට පා තබන දවසෙ එදා ඒ සටහන ... ඉතිරියත් කියවන්න »
මේ සැරේ මම දෙන්න යන්නෙ එසේ මෙසේ බයිස්කෝප් එකක් නෙමේ. මොකද දන්නවද මම එහෙම කිවුවේ, අපේ අසල්වැසි ඉංදියාවත් දැන් 3D film හදන්න පටන් අරන්. ඒත් තවම අපිට ඒ තත්ත්වෙට එන්න බැරි උන එකට ටිකක් දුකයි. මේක තමා ඉංදියාව හදන පළමු 3D film එක. මේක හොඳ මට්ටමකින් හදන්න අරන් තියෙන උත්සහය අපි අගය කරන්න ඕනා. ඔන්න බලන්නකො වැඩි කල් යන්න කලින් ඉංදියාව ඇනිමේශන් පැත්තත් අල්ලන හැටි.කතාව කෙටියෙන් කියනවා නම් අදිත්‍ය කුමාර් ... ඉතිරියත් කියවන්න »
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුල මත්ද්‍රව්‍ය සම්බන්ධව සිද්ධින් පොලිසීය හා අධිකරණ මුලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු වාර්තාවීමේ යහපත් ප්‍රවණතාවයක් දකින්නට ඇති බව 2011වර්ෂයේ පළමු කාර්තුව තුල මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය තුල සිදුකල සමීක්ෂණයක් මගින් සොයාගෙන ඇත.සාදාචාරාත්මක සමාජ වටපිටාව බරපතල ලෙස අභියෝගයකට ලක්කරන මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට හෝ පාලනය කිරීමට රජය, බහුජන සංවිධාන සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කලයුතු යුගයකි.ඒ වෙනුවෙන් සාමාජීය කථිකාවතක් ගොඩනැගීමේ සුවිශේෂි වගකීම අප වෙත පැවරෙන්නේ නිරායාසයෙන් බව සිහිපත් ... ඉතිරියත් කියවන්න »
d ගොනුවේ රසායනයඅවසාන ඉලෙක්ට්‍රොන d උප කවචයට පිරෙන අවස්ථා මෙසේ හදුන්වයි.මෙහිදී 3d මූල ද්‍රව්‍ය පිලිබදව සලකනු ලැබේ.අසම්පූර්ණ ලෙස පිරුණු d උප ශක්ති මට්ටමක් සහිත එකදු අයනයක් සාදන මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ.. මේ සදහා 3d හි Sc සහ Zn ඇතුලත් නොවේ..d ගොනුවේ මූලද්‍රව්‍ය වල පොධු ලක්ෂණ01. ලෝහ ලක්ෂණ s සහ p ගොනු මෙන් නොව ගොනුවේ සියල්ල ලෝහ වේ. ඉහල පරමාණුක අරය නිසා සාපේක්ෂව අයනීකරණ ශක්ති අඩු අගයක් ගනී. මේ නිසා ධන යන සාදමින් ලෝහ බවට පත්වීමේ හැකියාවක් තිබේ.02. ... ඉතිරියත් කියවන්න »
මේ කියන්‍න යන්නෙ අවුරුදු කාලෙ මට වෙච්ච කතාවක්. අවුරුදු වලට නෑදෑයො ගෙදර එනවනෙ. ඉතින් ඔය වගේ නෑදෑයො කට්ටියක් අපේ ගෙදරත් ආවා. ඒ අය එක්ක තව අවුරුදු පහක විතර හුරුබුහුටි පොඩි එකෙකුත් හිටියා. මේ අය කොළඹට කිට්ටුව ඉන්න අය. ඉතින් දවල්ට කන්න සෙට් වෙන වෙලාවත් ආවා. අර පොඩි එකා ඉතින් අඩන්න ගත්තා බත් කන්න බෑ කියල. වදෙන් පොරෙන් බත් කවන්න ගියත් මූ නෙමෙයි බත් කෑවෙ. ඊට පස්සෙ ළමයගෙ අම්ම අහනවා මොනවද ... ඉතිරියත් කියවන්න »
අද උදේ බස් එකේ එද්දි ඉස්සරහින් නැංගා කවුදෝ මනුස්සයෙක්... මම මූණ දැක්කෙ නෑ.. ඒත් රියදුරු මහතා ඔහුත් එක්ක කථා කරනවා ඇහුනා... හැමදේම ඇහුනේ නැති උනත් ඇහුන ටික ලියන්න හිතුනා...“උඹ දැන් මොනාද කරන්නේ““ප්‍රයිවට් එකක වැඩ““ඔව් බන් මේව කරල වැඩක් නෑ හම්බෙන ඉටිගෙඩියක් නෑ.. අපිට දවසකට 700ක්වත් වැටෙන්නෙ නෑ... ප්‍රයිවට් උන් දවසකට 3000ක් නැහැ 2000ක් 2500ක්වත් ගන්නවා... උන්ගෙ කොන්ද ගහනවනෙ.. අපේ උන් ගහන්නෙ තනියම... අඳුනන එකෙක්, අපිට ඕන එකෙක් හම්බවෙන්න නැනෙ.. එදා ... ඉතිරියත් කියවන්න »