මහා ගස් පෙරළලා
කැලෑ බිම් එළි කළා
සොබා දම වනසලා
"සංවර්ධනය" නම් කළා..
වැහි පොදක් නො වැටිලා
කාලයක් ගත වෙලා
වන සතුන් මියැදිලා
මහ පොළොව වියැළිලා..
බොහෝ කල් ගත වෙලා
වර්ෂාව නැති වෙලා
සංයෝග කළඹලා
ඔවුන් වැසි ඇති කළා..
වැහි ලිහිණි හඬ සලා
අහස් කුස ඉගිලිලා
වැසි වැටෙන සන් වෙලා
ගම්මාන හිනැහිලා..
සතන් සිත් තුටු වෙලා
වර්ෂාව ඇති වෙලා
පස් තට්ටු සේදිලා
මඩ වතුර යයි ගලා..
මහ සුළං පැතිරිලා
ගස් මුලින් ඉදිරිලා
වැට කඩුලු බිම් තලා
ගං වතුර යයි ගලා..
Posted by : Nj_A
najathakram1@gmail.com
ඉතිරියත් කියවන්න »
[UNICODE ]ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදාමුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |සිත නිවන ආනාපාන සති ධ්‍යානයතපෝවනයේ සුමේධ හිමිසම්බුද්ධ දේශනයෙහි මූලික පරමාර්ථය වූයේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට සිතේ නිවීම ඇති කර ගන්නේ කෙසේ ද යන්න ලෝ වැසි ජනයාට පෙන්වා දීමය. සිතේ නිවීම ගැන සලකා බලන කල ඒ සිත නිවන මාර්ගය නම් බෞද්ධ භාවනා පිළිවෙත ලෙස ... ඉතිරියත් කියවන්න »
සඳ ඔබනම්ඝණ අහස නොවී මමවළාකුලක් වෙන්නම්ගඟ ඔබනම්මහ සයුර නොවී මමගං ඉවුරක් වෙන්නම්රළ බිඳෙනාසුදු වෙරළ නොවී මමපෙණ බිඳුවක් වෙන්නම්මගේ කඳුළු බිඳුඔබෙ මුදු පහසින්වියැකී යනවා නම් ඉතිරියත් කියවන්න »
ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?””ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා.”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, ඒක මගෙ හිතට හරිමදි. මගේ බිරිඳ දුර්වල අයෙක්. ඉතින් ඇය මේ පිං අරන් අනෙක් අය ශක්තිමත් වුණොත් ... ඉතිරියත් කියවන්න »
ජීවිතේ ගැන මට මතක ඇති කාලෙක ඉඳල තිබ්බෙ අමුතුම කල්පනාවල් එහෙම නැත්නම් අදහස්.....කිසිම බරක් පතලක් නැතුව කිසිම අරමුණක් නැතුව නිදැල්ලේ ජීවිතේ ගෙවන්න පුළුවන් උනොත් මගෙ ඉහටත් උඩින් කියලයි මම හිතුවෙ. මේ......නිකම් ඔහේ නිදැල්ලෙ පාවෙනව වගේ.... පොඩි කාලෙ අපි හැමෝගෙන්ම සිය දහස් වාරයක් ඇසෙන ප්රශ්නයක් තමයි පුතා නැත්නම් දුව, ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල......මම කිසි දවසක ඔය ප්රශ්නෙට උත්තරයක් ඉතිරියත් කියවන්න »
සමන්පිච්ච මල් ගදක් දැනුනාමනාසය හකුලවනහිතකීරි ගස්සනමුහුණ වෙන පැත්තකට හරවන....ගල් හිතක්;ලැබුනේ කොහොමදැයි හිතෙන...හැරෙන්නට වෙන අතක් බලන්නට වෙන දෙසක් නැතිහතර පැත්තෙන්ම හිර වුන...මල් ගද මූණටම එන...දහඩියත්ලාබ විලවුනුත්....වෙන වෙනම ගත්තාමමීට පුසුඹය... ඉතිරියත් කියවන්න »
"අපේ කාලයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළේ ඇයයි. ඇය සමාජය හොල්ලා කාන්තාව මේ සමාජය තුළ යළි ආපසු නොයන තැනකට පත් කිරීමට සමත් වුණා." ලෝකප‍්‍රකට ‘ටයිම්’ (TIME) සඟරාව, 1999 අවසානයේ දී, 21 වන සියවස වෙනුවෙන් ලෝකය වෙනස් කළ, ‘විසි වන සියවසේ වඩාත් වැදගත්ම සිය දෙනා’ ගැන විශේෂාංගයක් පළ කරමින් ඇය ගැන සඳහන් කළේ එහෙමයි.පිරිමින් හා සමාන ව කාන්තාවන්ගේ තත්වය උසස් කිරීමට ඇය ගත් වෙහෙස වෙනුවෙන් මුළු ලෝකයේ ම කාන්තාවන් ඇයට ණයගැතියි.ඇය නමින් ... ඉතිරියත් කියවන්න »
<3 to shareeverything with youas long as youshare your <3with me ඉතිරියත් කියවන්න »
දෙතොලඟ තැවරූ,
මුහුණු පොඩිය මත ඇතිරූ,
සියොලඟම ගැල්වූ,
විළවුන්ය මන බැන්දූ...
සිත යටට තෙරපූ,
හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ,
සිනහවක් මුව රැන්ඳූ,
ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ...
අතීතය ඔබ හැංඟූ,
කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ,
වසන් නොකරන්, වසන් නොකරන්,
ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ...
ඉතිරියත් කියවන්න »
ඇය,කුරුල්ලනේ ඔබට ඇහෙනවදමගේ හිත කතා කරන හඩගිහින් ඔහු වෙත රහසේම හිමිහිටමගේ ආදරේ කියාලා එනවද..මොහොතින් මොහොත ගෙවෙන්නේ හෙමිහිටදවස මෙතරම්ම දිගුද හැගෙන්නේ ඉදහිටමග බලාන මම ඔහු හමුවෙන්න හිතාගෙනගෙවුන මොහොත දිගු වැඩියි කල්පයක් තරමටම..මාවත පාළුයි දහසක් නෙතු අතරමග බලා හිදිය දෙනෙත නැතිව මග තොටකිමද පමා නුඹ කවදාවත් නැතිවමා හඩවන්න හිතාගෙනද නුඹ අද..පුන්චි කුරුල්ලනේ ගිහින් කියනවදමම තවම මග බලා ඉන්න බවඑන්න කියනු මැන හනික මා වෙතමදෙනෙත වෙහෙසයි මග බලා ඉදලම..මම, පුංචි කුරුල්ලෙක් ගෙනා ... ඉතිරියත් කියවන්න »
8
ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය විසින් ඇමෙරිකාව ආක්‍රමණය කර පැය දෙකක් පිරෙන්නට යද්දී තමයි රාජකීය මට්ටමකින් වූ, නැත්නම් ඕනෑම මට්ටමකින් වූ කිසිවෙක් හෝ එවැන්නක් සිද්ධ වෙනවා යැයි දැනගන්නේ. අවිගත් අමුතු පිරිමි මෑන්හැටන් හි දී හඳුනා ගැනුනත් එහි වැදගත්කම ගැන කිසිවෙකුට කිසිම අදහසක් තිබියේ නැහැ.
වීදි වලින් මිනිසුන් ඉවත් කර ඔවුන්ව මුර කරන පරිනත සැලසුම් සාර්ථක ය. කාලයක් තිස්සේ වැඩි වර්ධනය වූ බිය හේතු කොටගෙන පුහුණුව පටන් ගන්නට අනතුරු ඇඟවුම් ... ඉතිරියත් කියවන්න »
රන්වන් ව දිදුලයි..ලං ව බැලූ විට,අඳුරු පැහැති,ආවාට පෙනෙයි!! ඉතිරියත් කියවන්න »
දෙනෙත් විවර කල දඩයක්කාරයා මොහොතක් යලිත් තදින් දෙනෙත් පියාගත්වනම ගතකලේ, අවට පරිසරය වසා ගනිමින් හාත්පසින්ම පොළව කරා පතිතවන අඳුරට නෙත් හුරුවනු පිණිසය.ඔහු මසැසට ගෝචර නොවූ නමුදු ඔහු වසාගෙන හාත්පස පැතිරි රූස්ස වනස්පතිය අතු පතර සැඟව හුන් බකමුහුණකු අවදිව හාත්පස තම විසල් අක්ෂි යුගලය භ්රමණය කරවමින් තම නිශා සංචාරය සඳහා සූදානම් වන අයුරු දඩයක්කාරයාගේ මනැසේ සිතුවම් විය. සිතුවිල්ලක් යයි ඉතා නාම මාත්රිකව ඉතිරියත් කියවන්න »
ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප‍්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප‍්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමීඩ ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා විනාශ වී අවසන්ය. ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ ... ඉතිරියත් කියවන්න »
~``~අතීතෙහි එක දිනෙක කෙඬෑරී ගිරි හිසෙකදිය බිඳක්වත් නොදැක නිදා උන් නිම්නයකඉපැදි දිය බුබුලකට හමුව, මග ගැලු ගඟෙක ගඟය නුඹ ගැලු වරෙක , ඉවුරු බිඳිමින මතක! උරුවමක් නගා ගෙන කොඳුරමින් හීනියටකවියකුත් කියාගෙන වැතිරෙමින් සීතලටමට මගේ යයි කියන්නට හිතක් සෙස් නොකොටනුඹ ඇදෙයි මා තදින් වැලඳ හිඳ, ඈතකටනුඹ ගලන දෙස හොරෙන් ඇස් යැවූ මල් වෙතීඒ මලුත් මා මෙන්ම ගඟෙක සුව විඳ නැතීපිපී සුවඳින් පිරී , ඇත නදී බඳ එතීනුඹ ... ඉතිරියත් කියවන්න »
කිසිදා නොගැල වූ පා මුදුවඔබ සොයයි සැම තැන
මත් වූ 'අනන්තය' තුල
තවම ඇත මා ගොළුව
පංකාවේ මුණුමුණුව මත
ගිළුනි ඔබගේ සුසුමන්
නිල් පැහැ රටා අතරින්
පිපුනි ලා රත් කුසුමන්
කිසිවක්ම නොකියු - ඔබෙ කඳුළු පොකුරක්
සීතලින් තෙමුවා - මගේ එක කොපුලක්
ඝණතිර වලින් වටකල - අඳුරු කුටියක් තුල
මොහොතකට පෙරාතුව - මැවුනි සයවෙනි දෙව්ලොව
අප මෙහි පිය නඟද්දී - රොක් වු වැහි වලාවන්
මුදා හැර ඇත දිය බිඳු - ඉර නඟයි දැන් සිනාවන්
ඒ හැළුනු දහරාවන් - කඳු මුදුන් තෙමා ගෙන
කිසිදා නොදුටු ... ඉතිරියත් කියවන්න »
විදුලියෙන් හෝ තෙල් හෝ වෙනත් ඉන්ධන හෝ භාවිත නොකර සම්පීඩ්‍ය වායුව යොදා ගෙන මහ මඟ යා හැකි රියක් නිපදවීම ඉන්දියාවේ ටාටා මෝටර්ස්වල මීළඟ අරමුණයි. ඔවුන් නිපදවූ අඩු මිල, අඩු වියදම් රිය නැනෝ දැන් ශී‍්‍ර ලංකාවේත් ජනපි‍්‍රයයි. නැනෝ පුංචි ඉඩ වුනත් පහසුවෙන් ගාල් කරන්න පුළුවන් කාරයක්. 2007 දී ඉන්දියාවේ මුම්බායිහී ටාටා මෝටර්ස් සමාගම ප‍්‍රංශයේ මෝටර් ඩිවලොප්මන්ට් ඉන්ටර්නැෂනල් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළා, සම්පීඩ්‍ය වායුවෙන් පමණක් ධාවනය කළ හැකි රියක් සැලසුම් කරන්නට. ... ඉතිරියත් කියවන්න »
කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර අදහස් මිටක් සිනහවකින් අකුරු කර හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර දැනුමට දේශපාලනයට ආගමට ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමටසිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට ආවත් වරක් කියවා සටහනක් ලියා ආයිත් ඇවිත් තව ලියලද බලන ඔයා කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා කාටත් හොරෙන් නෑවිත් ඉන්නටම ගියා ඉමිහිරි මතක සටහන් අකුරින් කරවා ... ඉතිරියත් කියවන්න »
සඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේරෝස යායේරෝස කුසුමේසිහිනයෙන් සිහිනේකෝ කොහේදෝමා සොයන්නීආදරේ දුන්නේහමුවෙමු කවදා හෝ ආයේහිනැහෙමු තරහා නෑ වාගේමේ සැඳෑවේ කෝ කොහෙදෝමා සොයන්නී<Athula Adhikari> ඉතිරියත් කියවන්න »
කුස පිරුණු මිනිසුන්ටසිය ගණන් පුද්ගලිකප්‍රශ්ණ ඇතිවී තිබුණාමං පුංචි කාලෙත්....පවුල් අවුල්ආදර ගැටඵසොර බියබැංකු පොළී අඩුවීමදරුවන් කෑමට හොරවීමතව බොහෝ....සිනමා සිත්තම් විලසනොයෙක වර මට දැණුන...අදත් එහෙමයි මමඑවන් සිනමා බලනසාගින්න පමණක්එකම ප්‍රශ්ණය වුණ..රැයක් දවාලක් පාසානැවත නැවතත්මා සොයා පැමිණෙනකිසිදා නොවිසඳුණුඑකම ප්‍රශ්ණය..?ඉඩ නොදෙයිසිනමා රූප ලෙස සිතෙනඅන් කිසිම ප්‍රශ්ණයකට...සිනමා රූප මතනලියන චරිත කිසිවිටනොදන්නා ගැඹුරක තිබෙනඑකම ප්‍රශ්ණය ම'වැන්නන් පමණක් දන්න.. ඉතිරියත් කියවන්න »
පහරවල් දෙකක් තුනක් හුවමරු විණ.
අසිපතක් දෙකක් රූං ගා නාදකරමින් හෙල්මට් එකක් දෙකක් මත වැදිණ. අනතුරුව වහා ඔවුන් වටහා ගත්තේ බිල්ඩිමේ පහත මාලයේ ඔවුන් හැරෙන්නට වෙන කිසිවෙක් නැති බවයි. බලාපොරොත්තු වූව නැවතත් අහිමි ය. අවිගත් ප්‍රහාරය අනවශ්‍ය වූ කඩා බිඳගෙන ඇතුල් වීමක් වූවා පමණි. හතුරු මුහුණට මුහුණ ලා හමුවන්නට සියළු සූදානම් යෙදුවත්, එහි දී හතුරා සම්පූර්ණයෙන් ම අවිද්‍යමාන ය. කිසිවක් වටහා ගත නොහැකි වූ පිරිමි තැන තැන කල්ලි ගැසී ... ඉතිරියත් කියවන්න »
ස්වභාවයෙන් ජනිත වූ සිය පැවැත්ම ආරක්ෂා කරගන්නා විජට්ටුවක් මිනිසාට ඇත. එනම් ස්ව-කේන්ද්‍රීය (self-centered) වූ සිතුවිලි වලින් බැහැර වීමට මිනිස් සිතකට නොහැකියාවයි. පරාර්ථකාමය යනු වඩන්නට ඕනෑ මහඟු හැදියාවක් යැයි දොඩනා පුද්ගලයාගේ අවංක වූ හිත, එයාට වංක ලෙසින් හිතන්නට ඉඩ දී පැත්තකට වී ඉන්නේ නැත.
තමන්ට මතක් වෙන හැම අයෙක්වම තමන් හා සංසන්දය කරන තම හිත, එසේ කරන්නේ හිතට නිවහනක් වූවාගේ කැමැත්ත නොවිමසා ය. මම අරයාට වඩා හැඩයි, මෙයාට වඩා දක්ෂයි, ... ඉතිරියත් කියවන්න »
වෙසක් ආවා. වෙනද වගේ ගෙදර ගිහින් කූඩු හදන්න බැරිවුණා.. ඉන්න ගෙදරවත් පහනක් පත්තු කරන්න බැරිවුණා.
වෙසක් එකට දවසකට කළින් ගෙදරට කෝල් එකක් ගත්තා.
..නංගි කෝ ..
මං හිතුවේ.. වෙසක් කූඩු හදන්න ඔයා එනකන් නංගියි මල්ලියි බලා ඉන්නවා.. කියල චූටි අම්මා කියයි කියලා. ...එයා කූඩුවක් අලවනවා පුතේ.. ඒ වෙනුවට චූටි අම්මා කිවුවා..
..ආ...
මට කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා..
කූඩු කඩෙන් ගෙනාවද ?
නෑ.. නංගි හැදුවා ඉතිරියත් කියවන්න »
දිගහැරෙන තුරු පෙති එකින් එකකල්පයක් වුව හිදීමි මමඉන් විහිදෙන අපමණ සුවදඑදිනට විදිමි මමඉන් මැවෙන අපමණ සොදුරුබවම'සිතින් විදිමි අද ....
නිලබර දගකරන ඔය ඇස්නිරතුරු සොයමි මමමද පවන ගෙනෙන නුඹ උණුහුම ,සිසිලස විදිමි මමලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙනඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම...
පබලූ
ඉතිරියත් කියවන්න »
මල්ලී කෙනෙකුට අක්කා කෙනෙක් අහිමිවීම හදවත් කොයි තරම් පාරවන්නට සමත් වේදැයි මට හගිස්සන්නට මගේ හැගීම් සමත් නොවේ.ඒ මට මල්ලී කෙනෙක් නැති හෙයිනි.සොහොයුරු සොහොයුරියන් නැතිව මා තනිව උපද්දන්නට තරම් මගේ කර්මය මට රිද්දවා ඇත.ඒත්, එවන් මල්ලී කෙනෙක් මට හදිසියේ හමුවිණි.ඒ මල්ලීට මේ කවිය ලියා දීම මගේ හදවතත් කම්පා කලේය....සේපාලිකා ගහතවමත්එතන හිටගෙන...සුවද මල්අවුරුද්දකටකලින්අන්තිම වතාවටදැක්ක දාවාගේම...ඒ සුවදමයි තාමත්;සේපාලිකා.....බoකුව මත සේපාලිකා මලවිතරක්ම,පරවෙලා ....මල්ලී…ඉස්සර විදියටමහිනාවෙන...දැන් ආයෙමත්,හිනාව මතක් වීඇති හැඩ... මල්ලියෙ;උදේ තේ හදාදෙන්නටඑනතුරු බලාඉන්නටඅක්කා කෙනක්නැති කමහිතකොනිත්තනවා නේද...අම්මයිතාත්තයිදකින්නත්සතුටුයි..."දානෙ ... ඉතිරියත් කියවන්න »
මචං මල ගෙදයක්.......මචං trip එකක්..........මචං සෙට් වෙමුද........ යමන් මචං මචං මල ගෙදයක්.......මචං trip එකක්..........මචං සෙට් වෙමුද........ සොරී මචං ඉතිරියත් කියවන්න »
මීට වසර පන්දහසකට පමණ පෙර ආසියාවේ පැවති ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් පිළිබඳ තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු. මේ ශිෂ්ටාචාරය හැඳින්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියායි. මෙය ටිබෙට් දේශයේ සිට කාෂ්මීරය ඔස්සේ පාකිස්තානය හරහා අරාබි මුහුදට ගලන ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහි වූවකි.කි‍්‍ර.පූ. 2700 සහ 1750 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය ගොඩ නැඟුණේ මොහෙන්ජොදාරෝ සහ හරප්පා නම් නගර ආශ‍්‍රිතවයි. මෙම එක් නගරයක පමණක් ජනගහනය 40,000 ක් ... ඉතිරියත් කියවන්න »
මේක නම් ක්‍රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්‍රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්‍යයක්.අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්පස් එකටම අළුතෙන් කණුවක් දීලා. ඊට කලින් මොබිටෙල් සිග්නල් අන්තිමයි. මම ඇරෙන්න අනික් හැමෝම පාවිච්චි කලේ මොබිටෙල්.සත්තු ටිකට training දෙනවා කියපු දවසේ බෝඩිමේ එකම යුද්ධයයි. එහෙට කතා කරනවා... මෙහෙට කතා කරනවා... seniorsලට කතා කරනවා... madam ට කතා කරනවා.. ... ඉතිරියත් කියවන්න »
ආයෙත් ලංකාවෙ මිනිස්සු වේදිකා නාට්‍යය පැත්තට බරවෙලා. රසාස්වාදය ගැන හිතන්න පටන් අරන්. අළුත් පැරණි වේදිකා නාට්‍යය අළුත් ආරකින් දැන් පෙන්වනවා. මැයි මාසෙ පුරාම ලංකාවෙ හුගක් තැන්වල (විශේෂයෙන් කොළඹ අවට) නාට්‍යය දර්ශන තියනවා. පසුගිය සුමානේ ධනුෂ්කා නයන කුමාරිගෙ ජනේලයෙන් පනින්නද මරදාන ටවර් එකේ තිබ්බා. පහුවෙච්ච ඒවා දැන් වැඩක් නෑනෙ. ඉතින් ඉස්සරහට තියෙන ඒවා ටිකක් කියන්නම්. හුඟක් ඒවා නම් කොළඹ අවට තියෙන්නෙ. අනිත් පළාත් ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ. ඒකට මට ... ඉතිරියත් කියවන්න »
අද පෝස්ටුවක් ලියන්න හිතන් නොහිටියත් වැඩ ගොඩක් තිබුණත් ඒ හැම දෙයක්ම අතපසු කරලා මට මේ පොස්ටුව ලියන්නම වෙලා. මොකද සමහර විට බට්ටි මේ බ්ලොග් එකේ ලියන අන්තිම පොස්ටුව මේක වෙන්න පුළුවන් නිසා.ඒක එහෙම වුනොත් මගේ රත්තරන් යාළුවෝ බට්ටි එක්ක තරහ වෙයි. බට්ටි නොකියම යන්න ගිහින් කියලා. බට්ටි ජීවිතේ කවම දාවත් එක දිගට මෙච්චර ආදරෙන් මොනම වැඩක්වත් කරලා නෑ. බට්ටි කිව්වට දැන් බට්ටිට අවුරුදු 24ක්. පුංචි නෑ.මේ වයසට බට්ටි ජොබ් ... ඉතිරියත් කියවන්න »
උඩුගුවනේ සිට පෙනෙන අපේ පොළොවේ දසුන් විස්මිතයි; විසිතුරයි! එවැනි සුවිශේෂ දසුන් පෙළක් ඔබ ඉදිරියේ දිග අරින්නයි, අප මේ සූදානම් වන්නේ. අපේ පොළොවේ ජීව නාළිය වන් මේ මේ ගංගාවන් මවන දසුන් අතර ඒවා මුහුදට එක්වන තැන්වල සෑදෙන ඩෙල්ටාවන් මවන දසුන් සුවිශේෂයි. ලොව පුරා ප‍්‍රධාන ගංමෝයන් ආශ‍්‍රිත ඩෙල්ටාවල වෙසෙන ජනතාව ලෝකයේ ජනගහනයෙන් මිලියන 500කට ආසන්නයි.ලෝක ජනගහනයෙන් පහළොවෙන් එකක් ජීවත්වෙන්නේ, හුස්ම ගන්නේ, වැඩ කරන්නේ, මේ මහ පොළොවේ හතළිහක් පමණ වන ප‍්‍රධාන ඩෙල්ටා ප‍්‍රදේශ ... ඉතිරියත් කියවන්න »
සමනල අඩවියට මෑතකදී එකතු කරපු නොමිලේ sms පේජ් එක ගොඩක් දෙනෙක් යන එන තැනක් බවට පත් වෙලා.ඒ වගේම ඔයාලට ගොඩක් වටින පේජ් එකක් අද දින සිට සමනල අඩවියෙන් ඔයාලට විවෘතයි.අද ඉදලා ඔයාලට සමනල අඩවිය proxy site එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.ඒ වෙනුවෙන් සමනල අඩවියේ proxy පේජ් එක ඔයාල වෙනුවෙන් විවෘතයි.බැනර් එකක් දාල තියෙනවා ඒක ක්ලික් කරත් හරි.අන්තර්ජාලයේ සැරිසරනවිට IP එක හයිඩ් කරගන්න ඕනෙ වුණොත් සමනල අඩවියට එන්න.සමහර අයට පිටරට ... ඉතිරියත් කියවන්න »
නුඹ හා හුන්
තවත් දවසක්
ගෙවී යන යුරු
බලා හිඳිනෙමි
අන්තිම පැන්සයත්
පරාද වූ
සූදු අන්තුවෙකුගේ
බැල්මෙන්...
ප/ලි:
මේ ටිකේ මම ගොඩක් අයගේ බ්ලොග් වලට ආවේ නෑ කියලා ඇති වෙන්න නෝක්කාඩු ඇහුව නේ.. ඔන්න තව පැය කිහිපයකින් ඔලුව පිරිලා තිබුණු මගේ වැඩ ටික ඉවර වෙනවා.. ඊට පස්සේ ආපු නැති බ්ලොග් වලට එනවා.. කාගේ හරි බ්ලොග් එකක් මග හැරිලා නම් කියන්න හොඳේ!!Posted by : Nj_A
najathakram1@gmail.com
ඉතිරියත් කියවන්න »
෴ අවසන් කවිය /The Last Poem ෴මේ නෙලන්නේ වසන්තයේ දළු ලෑඅවසන් ආදර කොළයයිලියන්නෑ කවක් ආයෙත්නමින් නම් නුඹේසුවඳ සේ ඇවිදින් හදේයන නිසා රහසේ ගොතන්නේ නෑ මුතු පොටක් ආයේබදින්නට සිතා නුඹගෙ දෑතින්ඉහිරෙන නිසා මුතු දහසක්නෙතු පියන් අස්සේකියන්නෑ ලොවට රහසේමධු බඳුන් පිරුන ද සවනේපලක් නැහැ නොව රසයේකණට වක්කරනා මී පැණියේහිමි කරන තෙක් ලියලාමහ පොතක පිටුවක් පුරාබැදෙන්නේ නැහැ පහසේ හදවතක නම් ආයේආදරයේ අවසන් පත් ඉරුව විවාහයම විය යුතු බවමට නුඹ ආයෙත් පසක් කරා...............එන්නෙ ... ඉතිරියත් කියවන්න »
ඇත්තටම සොදුරු මිනිස්සුන්ගේ ජීවිත හරි කෙටි කියන කතාව ඇත්තක් කියලා මේ වෙලාවට තමයි තේරෙන්නේ.ජීවිතේ කියන්නේ ඕකට තමා ඉතින්...කොහොම වුනත් අපේ ආදරණීය මාමා සයිබරයෙන් විතරක් නෙමේ අපි හැමෝම දාලා ලොකු ගමනක් ගිහින්....මට නම් මාමා ගැන ලොකු දෙයක් කියන්න තරම් අයිතියක් නෑ මොකද බ්ලොග් ලිවිල්ල කල්පයටත් අළුත් නිසා..ඇත්තටම මම මාමා ගැන ලිව්වට මාමා මගේ එක පොස්ටුවක් වත් කියවලා නෑ....ඒත් ඒ ආදරණීය සහෘදයා කියපු එක දෙයක් තාමත් කල්ප ගේ හිතේ ඇදිලා තියෙනවා......ඔබා මාමා ... ඉතිරියත් කියවන්න »
උස් අඩි පාවහන්සබ්දය නොඇසෙන්නජනේලෙන් ඇතුලට...කඹයජනේලයෙ කොනක ගැටලානිදි නොකඩජනේලෙන් ඇතුලටපැනගතිමි...දැන් දැන්ගාථා ඇසෙනු ඇතනිවන් අත ලගඅයඋදේම කියන...(හැබැයි කරන්නෙම පව් වැඩ...)උණු උණුවතේ ලැබෙනබෝඩිම...කියන්නට ඕනෑයතරිදු ගැනතිළිණිට;එක කොල්ලෙකුට පෙම් කරණ..."හැබෑටම ඔය කොල්ලා බෝරින් උනාම""හ්ම්ම්...මම එයාට කියල බබෙක් හදා ගන්නවා"පව් තිළිණිඉදීවිබබ්බු පෝළිමට....මීයෙකුට බයවෙලාකෑගහන...මීයොත්ආර්ථික විද්‍යාව පාඩම් කරන්නම එන...සරසවියෙ බෝඩිම...මම තාම( හරියන)කොල්ලෙක් හොයන... ඉතිරියත් කියවන්න »
පාළුවට ගිය වීදිය, ගොළු ගොඩනැඟිලි, නිශ්ශබ්ද වායුව, හිස් දොරකඩ
යනාදියෙන් වූ නිව් යෝර්ක් නගරයට ඇතුල් වී එහි මැද්දට පා ගමනින් ගිය ෆෙන්වික් දනව්වේ හමුදා බලකායේ සද්දය අමුතු ලෙසකින් දෝංකාරය දුනි. එය නව ලෝකයේ කවදාවත් ඇසී නැති හඬකි. යකඩ දම්වැල් වලින් සෑදුන ඇඳුම් වලට උඩින් දමාගත් ආවරණ වලින් ආ හඬ අහන්නට කැලෑවත් නිහඬ වී සිටියා සේ ය. හිස් දෙකකින් වූ උකුස්සාගේ ජාතික කොඩිය තනිවම ලෙල දෙයි. අවිගත් මිනිසුන්ගේ පලිහ හා ... ඉතිරියත් කියවන්න »
ලොවේ අනික් අම්මලා මෙන්මනොඑසේනම් ඊටද වඩා නුඹ දුක්විඳමා ලෙඩ ඇඳේ ගෙවූ කාලයහතර වසරක සාපය නුඹ ඇඳ විට්ටමේ හිස ගසානිදිවැරු කාලය සිහිනෙන්ද එපා යලි අම්මේ.....රෝහලේ ඇඳක් මතමා ලොකු දැරියෙක් වූදාවට තිර ඇදපිරිමි ඇස් වලින් මා රැකඅම්මා කෙනෙකු ලෙස ඔබ ලතවූ අයුරු සිහිනයක් නොවේමයි අම්මේ.....පියාණන් නොසිටි ගෙයි නුඹේ පා යුග වැළඳ ඔබේ පියසින් පිටව මගේම යැයිකිසිවෙකු නොසිටි සබයකඅසරණ වූ දාමං දුක් වුනා අම්මේඑහෙත් ඔබ තවමත්'නැගණියන්ගේ සිනා මැදමගේ පංගුව සඟවාපිළුණු වී කුණුවෙලා යනතුරුමමග බලා ඉන්නවා පෙර සේම දයාබර ඇස් වලින් ආශිර්වාදය පතනවා ... ඉතිරියත් කියවන්න »
1912 අප්‍රේල් 15 දැ මුහුදුබත් වූ ටයිටැනික් මඟීයාත්‍රාව ගැන ලියවුන බොහෝ දේ ඇත. ඒ හැම වාර්තාවකම කියැවෙන්නේ නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) වරායෙන් පිටත් වී ගොස් අත්ලාන්තික් සාගරයෙදී මුහුදුබත් වූ බවය.මෙම නැව එංගලන්තයෙන් පිටත් වී අයර්ලන්තයේ කෝක් (Cork) වරායට පැමිණ එතැනින් ද මඟීන් නංවාගෙන ගොස් ඇත. නැවේ ගමන්මඟ පෙන්වන ඇතැම් සිතියම්වල මේ බව පෙන්වන නමුදු කෝක් වරාය පිළිබඳව කිසිදු සඳහනක් නොමැත.කෝක් වරායේ අදටත් අත්හැර දමන ලද ලීයෙන් තැනු ජෙටියෙහි ඉතිරි වූ ... ඉතිරියත් කියවන්න »
ඔබා මාමා අප අතරින් වෙන් ව ගිය පුවත මා ඊයේ උදේ දැනගත් මොහොතේ සිට මේ දක්වා ගත කාලය ඉතාමත් අඳුරු මතකයක් ඉතිරි කර ඇත. ඊයේ දිනයේ නිවාඩු දිනයක් වුවද මට ආදරණීය ඔබා මාමා වෙනුවෙන් බ්ලොග් අවකාශයේ දී කල යුත්තෙ කුමක් දැයි තීරණය කර ගැනීම තබා සහෝදර බ්ලොග් කරුවන් ඒ පිළිබඳ දැක්වූ අදහස් වලටද ප්‍රතිචාර දැක්වීම ද ඉතා වෙහෙසකාරී එකක් විය.එහෙත් මා වෙනුවෙන් හා අප කළ පොදු වැඩ වල දී ඔහු ... ඉතිරියත් කියවන්න »
2012.05.14ආදරණිය සුදු,ලියුම් ලියන එක මේ කාලේ මෝස්තරයක් නෙමෙයි. මීට දශක හතරක් පහකට ඉස්සෙල්ලා ජනප්‍රියම සන්නිවේදන මාර්ගය වුනේ ලියුම්. අපි අපේ යාළුවන්ට ලියුම් ලියලා උත්තර එනකම් දවස් ගානක් පියුම් මාමාලා ඇවිත් ගේ ඉස්සරහට වෙලා බයිසිකලේ සීනුව ගහනකම් බලා ගෙන හිටියා. දැන්නම් වචනයයි දෙකයි . sms එකක් යවා සතුට වේදනාව වගේම කේන්තියත් පොල්ලෙන් ගැහුවා වගේ පලකරනවා.ඒ කාලේ සතුට වෙදනාව වගේම කේන්තියත් සවිස්තාරත්මකව ලියුම් වල පැහැදිලි කරලා ලැබුනහම කියවලා ඊට අනුරුප වින්දනයක් ලැබුනා. ... ඉතිරියත් කියවන්න »
ඉපදුනොත් කවුරුත් මැරෙනවා. ඒක කාටත් පොදු දෙයක්. එත් ගහක් ගලක් වගේ හිටිය කෙනෙක් මෙහෙම එක පාරට අපිව දාල ගියහම අපි ඒදේ කොහොම උහුලන්නද? ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ලෝකෙ මවලා තියෙන්නේ හරිම අසාධාරණ විදියට. එච්චර හොද හදවතක් තිබුණ ඔබා මාමා අපෙන් සදහටම ඈත් කරන්න ලෝකෙ කුරිරු වෙලා. කොහොමද ඔබා මාමේ මෙච්චර ඉක්මනට ඔයාට නිවන් සුව පතලා බට්ටි පොස්ට් එකක් ලියන්නේ. ඔබා මාමා මගේ බ්ලොග් ලෝකෙ ඉන්න පතාක යොදයන් තුන් දෙනාගෙන් ... ඉතිරියත් කියවන්න »
තවත් සතියක් දෙකක් යනකම් අලුත් පෝස්ට් එකක් දාන්න අදහසක් නොතිබුනත්, හදිසියෙම හැම අවුරුද්දකම මැයි 14 වෙනිදට මතක් වෙන එක සිද්ධියක් නිසා මේ කතාව ලියන්න හිතුනා. 1983 ජුලියෙදි උතුරෙන් විහිදුනු කොටින්ගෙ අඬු පඬු, 1985 වෙනකොට නැගෙනහිරටත් විහිදිලා තිබුනා. මුලදි උන්ගෙ ඉලක්කය උනේ රජයේ කාර්යාල. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ කුමන තිබුනු අපේ කාර්යාලයෙ තිබුනු සේරම උන් දෙපාරක්ම ඇවිත් මංකොල්ල කාගෙන ගියා. අපි බැරිම තැන සේරම අතෑරලා එතනින් ඉවත් උනා. වෙනත් සේවා ස්ථාන ... ඉතිරියත් කියවන්න »
(මං එක්ක කූඩු තනන්ට එන්නැති ඔයාට මං දැකපු හීනෙ ලියල එවන්නං.)
සව් කොළ කඩදාසි මතුපිට
සිල්ලරෙට විකිණෙන වෙසෙඟක
අපිත් තැනුවා කූඩුවක්
සිල්ලරෙන් ගණිනු බැරි හීනයක්
දහරමංඩිය ගොතාගෙන මම
ඉඳි කෝට්ටක කටු
සැහැ සැහැ ඉන්නකොට
ඔයා ආවෙ
අඬු කෝප්පෙක තේ හදාගෙන
පැටව්ටත් එක්කලම
මං කෝටු කපනකොට
ඔයා හැදුව තේ එක
ඔයාමයි බිව්වෙ කට තිය තිය
අඬු කෝප්පෙට
මං කට තිව්ව තැන හොය හොය
පන් පැදුර උඩට ඔයා
හලනකොට හිනා මැලියම
”අපි බඳිමු එහෙනං”
මං හිමිං කිව්වම
එලෝමෙලෝ රත්වෙච්චි ගානට
ඔබ මොබ ඇස් යවනකොට ඔබ
පැච් හින්ද අයිං කළ
බයිසිකල් ටියුබ්බෙක දික්කෙරුව මම
කෝටු එකින් එක ... ඉතිරියත් කියවන්න »
බල්ලගෙ වැඩෙත් බූරුවො කරන කාලෙක බූරුවන්ට ත් හරිම ඉල්ලුම අප්පා. මේ බූරු මොළේට රිංගන එක එක දේවල් ඔන්න කිසිම ව්‍යාකරණයක් නැතුවම වමාරල දාන්න හිතුවා. ලොකු මහප්‍රාණ කතා කියන ඈයොන්ට වඩා අයියෝ අපිටත් කොඤ්ඤං කොඤ්ඤං තේරෙනවා බොල. ලංකාව කියවගන්න පුළුවං එක එක සිද්ධි ගණනාවක් පහුගිය දවස්වල ඉඳං මේ වෙනකංම ජහමනයා වගේම මහජරා ගෙ එවුනුත් කොරමින් ඉන්නෙ. කේස් එක බරපතළ වෙන කොට මහජරා කොරන්නෙ ෂේප් එකේ බැටළු හම පොරව ගන්න එක. ... ඉතිරියත් කියවන්න »
ගූගල් ප‍්‍රධානීන් වන ලැරී පේජ් හා එරික් ෂ්මිඞ් යන දෙදෙනා, සිනමාකරු ජේම්ස් කැමරූන් සමග එක්ව පෘථිවියට ආසන්නව කක්ෂගතව ඇති ග‍්‍රහකවල ඇති ප්ලැටිනම් ආදී වටිනා මූල ද්‍රව්‍ය සොයා ගවේෂණයේ යෙදෙන්නට ආයෝජනයක් කරන්නට සැලසුම් කර තියෙනවා. මේ සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ බෙලෙවු හි පිහිටුවා ඇති ‘ප්ලැනටරි රිසෝසස්’ නම් නව සමාගමක් පිහිටුවා තියෙනවා. එම සමාගම මගින් මුලින් ම කෙරෙන්නේ මූල ද්‍රව්‍ය සොයා නිරීක්ෂණ මෙහෙයුම් කළ හැකි රොබොටික අභ්‍යවකාශ යානා සංවර්ධනය කර විකිණීමයි. මේවා ... ඉතිරියත් කියවන්න »
අWL Art හරහා ඡායාරූපකරණයේ විවිධ පර්යේෂණවල නිරත වූ විරාජ් ලියනාරච්චිගේ ‘අWL Art’ ඡායාරූප ප්‍රදර්ශනය 2012 මැයි 27 සිට 29 දින දක්වා කොළඹ කලාභවනේ දී හා ජුනි 2 සහ 3 යන දෙදින තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දී පැවැත්වේ. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
දිරි ගමි තවත්නැත වෙහෙසක්තව දැනුනේ.. ඉතිරියත් කියවන්න »
ඒ කතාව අමූලික බොරුවක් ’සිරිදළදාගමනය’ චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි. නමුත් වෙබ් අඩෙවි ගණනක පළ වී තිබුණේ මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක විරෝධතාව මත පුෂ්පිකා හේමමාලා කුමරියගේ චරිතයෙන් ඉවත් කර ඇති බවයි. මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීම බව ... ඉතිරියත් කියවන්න »
බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද? පබෝධා සංදීපනී මේ දවස්වල නිතරම රසිකයන්ගේ කතාබහට ලක්වන දක්ෂ යොවුන් නිළියක්. ඇයගේ රඟපෑම් ඇතුළත් ටෙලිනාට්‍ය කිහිපයක් ම මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේ ම ඇය රංගනයෙන් දායක වුණු ‘සුපර් සික්ස්’ චිත්‍රපටයත් තිරගත වීමට සූදානම්. මේ දවස්වල පබෝධා පිළිබඳ අලුත්ම ආරංචියක් කලා ක්ෂේත්‍රය පුරාත් මාධ්‍ය ක්ෂේත්‍රය පුරාත් පැතිරෙනවා. ඒ ඇය විවාහ දිවියට එළැඹෙන්නට සූදානම් වනවාය කියලයි. මේ ගැන අපි ... ඉතිරියත් කියවන්න »
" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ ... ඉතිරියත් කියවන්න »
ලේඛකයෙක් කියන්නේ ඔහු ඉටි පන්දමක් වගේ අඳුර නසා ආලෝකය දෙනවා. එත් දැවී අවසන් වෙන්නේ ඉටි ගොඩක් පමණක්ව.එහෙත් ඔහු දුන් ආලෝකය අන් අයගේ ජිවිත පුරා වැටි තියෙනවා. යුධ භටයෙක් මරා දමන්නේ ජීවත්ව ඉන්නා මිනිසෙක් වුවත් ලේඛකයෙකුට සිය පෑනෙන් නුපන් අයත් මරා දාන්න පුළුවන්.ඇත්තටම ලේඛකයෙක් කැමති වෙන්නේ තමා සිය සහෝදර ජනයාගෙන් වෙනස්වූ අයෙකු ලෙස සිතීමට ... ඉතිරියත් කියවන්න »
"කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා යන ඔබා මාමා නොවැරදීම කමෙන්ටුවක් දාන්න ආපහු එන බව අපි දන්නවා.ඒත් මේ පාරනම් "ආයේ එන්නම්" තියා "යන්නම්" කියන්නෙත් නැතුවම ඔබා මාමා ගිහින්.අද උදේ මේ ආරංචිය දකිද්දී මට හිතුනෙම මේක ඔබා මාමාගේම වැඩක් කියලා. හැමෝම හිනස්සවන්න කරපු විහිළුවක් කියලා. ටිකක් හොයලා බලද්දියි ඇත්තක් කියලා දැන ගත්තේ. ඒත් මේක විශ්වාස කරන්නේ කොහොමද? ඊයේ වෙනකන්ම බ්ලොග් වල කමෙන්ට් දදා හිටපු ඔබා මාමා හදිසියේම ගියා කියලා හිතන්නේ කොහොමද?මම මුලින්ම ... ඉතිරියත් කියවන්න »
Muthiyangana - මුතියංගණය
හිරුගොත් වංශයේ අප මහා මුණි රජුන් වෙසක් පුන් පොහෝ දිනක පන්සියයක් ළයෙහි උපන් මහා මුණිවරුන් සමග මෙ ලක් දෙරණට වැඩියා.ඒ තමයි ඒ අසිරිමත් ඉසිවරයන් වහන්්සේ මෙ ලක් දෙරණට වැඩි අවසන් වතාව. කැළනිය,සමන්ඨකූඨ පර්වතය,දීඝවාපී බිම්,සම්බුදු සිරි පා පිළිගත්තා......දිවා විහරනයෙන් පසු ඒ භගවතානෝ ඌව වෙල්ලස්ස බිම සොයා වැඩම කොට වදාලා.වෙල්ලස්ස බිම සිරිපා කමල් සිප ගනිද්දි හමා ගිය බුදු සුවද දැනුනු ඌවට අධිගෘහිත ඉන්දක දෙවිදුන් තම දේව මණ්ඩලයත් සමග පැමින ඒ බුදු ... ඉතිරියත් කියවන්න »
ඔබා...නැහ්....මොන පිස්සුද?...ඕකගෙ බොරු ඔය.....හෙහ්, හෙහ්, උඹලත් අහුවෙනවනෙ ඔබාගෙ ගැට වලට......
මුලිම්ම හිතුනෙ එහෙම...ඇත්තම කියනව නම් තවමත් හිතේ කොණක ඒ කල්පනාව නැත්තෙමත් නෑ.....
ජීවිතේ හැටි එහෙම තමයි......වීසා කැන්සල් උනාම යන්නම ඕන...වීසා කැන්සල් කරන්නෙ අපිට කියල නෙවෙයි. කැන්සල් උනාමයි අපි දන්නෙ දැං හිටිය ඇතිය කියල ඉහළ අධිකාරියෙන් තීරණය කරල තියනව ඒ නිසා වෙන කොරන්න දෙයක් නෑ යන්නම වෙනවයි ඉතිරියත් කියවන්න »
“මේ,” ටලී කීවේය, “මේ තමයි යුද්ධය.”
“හා එහෙනම්. ඒක යුද්ධය,” හරියට කුඩා දරුවෙක් හා එකඟ වෙනවා සේ පේද්‍රෝ කීවේය. “ඒත් මට දකින්න නැහැ කිසිම කැමරාකරුවෙක් පේන තෙක් මානයක ප්‍රචාරක ඡායාරූප ගන්නට සැරසී සිටින. ඒ අය එනතෙක් අපි පොඩ්ඩක් ඉන්න වෙයි.”
“නැංගුරම් දාපන්,” ටලී ගුගුලේ ය. “උඹේ කන් උගුල්ලන්න කළින් නැංගුරම් දාපන්.”
“ආයි, ආයි,” පේද්‍රෝ කීවේය. සිටගන්නට සුදුසු තැනක් පෙන්වා දුන් ඔහු තම සේවකයන් පස් දෙනෙකු සමඟ නැවේ ඉස්සරහා කොටසේ කඩිමුඩියේ එහා මෙහා ... ඉතිරියත් කියවන්න »
Frank Ochberg, MD මනෝව්‍යාධිකත්වය පැහැදිලි කරයි.
මනෝවිකාරය ඇත්තාට සත්‍ය්‍ය හා අසතය්‍ය ලෝකය වෙන්කර හඳුනා ගැනීමට නොහැකි රෝගී මොළයක් ඇත.
මනෝව්‍යාධිකයාට මනෝවිකාරයක් නැත. එහෙත් අනුන් ගැන කැක්කුමක් නොමැති මොළයක් ඇත.
ඉතිරියත් කියවන්න »
ලිහිණිය ,අපනිදහස් පියාපත්අතැතිවඅනුන්ගෙ කූඩුවලනිතරම . ඉතිරියත් කියවන්න »
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බොහෝ රට තොට විස්තර කියා දෙන ඔබා මාමා අපි අතරින් සදහටම සමු අරන්..ඔබා මාමා කුමාරයාගේ බ්ලොග් එකේ තබපු කමෙන්ට් එකකින්ම මේක ඉවර කරන්නම්..."කියල යන්න බැරිවුනාට දුක් වෙන්න එපා. හමුවීම තමා වැදගත්..අනික කවදාවත් අපිට හැමෝටම කියල නං යන්න වෙන්නේ නෑ."ඒ කතාව මොනතරම් ඇත්තද නොකියම ඇවිත් නොකියම ගිය ඔබා මාමට නිවන් සුව ලැබේවා.!!! ඉතිරියත් කියවන්න »